Feb
23

’අපේ කාලයේ ගුරු ගීතය’’ එළිදකී

 
689 Views
   
'Ape-Kalaye-Guru-Geethaya'-released  

“පෙම් සිහිනේ”, “ඔබගෙන් තරම්”, “ජීවිතේ චාරිකා” වැනි ගීත නිර්මාණ ඔස්සේ රසික සිත් පිනවූ ගායන ශිල්පී ප්‍රදීප් රංගනගේ නවතම ගීතය “ශිල්පය පිහිටන්න” පසුගියදා එළිදැක්වුණා. මේ ගීතය ගුරුවරු සහ පාසල් ජීවිතය පිළිබඳ නිර්මාණය කළ වෙනස්ම ආරක ගීත නිර්මාණයක් වන අතර මෙය Sirra Colombo වෙළඳ දැන්වීම් ආයතනයෙහි නවතම නිර්මාණ කාර්යයක්. මෙහි ගී පද රචනය උදාර වික්‍රමරත්න විසින් සිදුකර ඇති අතර සංගීත නිර්මාණය සමීර වික්‍රමසිංහ විසින් සිදුකර තිබෙනවා. ගීත රූප රචනය සිදුකර ඇත්තේ ලයාල් එදිරිසිංහගේ අධ්‍යක්ෂණයෙන්.

අපි හැමදෙනාගෙම ජීවිතවල පාසල් කාලය කියන්නේ ආදරණීය මතක ගොන්නක එකතුවක් අපේ ජීවිතවලට ගෙන එන සුන්දරතම කාල පරිච්ඡේදයක්. ඒ වගේම අපි හැමෝගෙම ජීවිතවල අපේ ජීවිත කතාව වෙනස් කරන්න දායක වුණ ආදරණීය ගුරුවරයෙක් ඉන්නවා. මේ ගීතයෙන් කතා කරන්නේ ඒ ගැන කියලයි නිර්මාණ කණ්ඩායම අපත් සමඟ සඳහන් කළේ. ඉතින් ඔබත් අපේ කාලයේ ගුරු ගීතය පහත සබැඳියෙන් රසවිඳින්න.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්