Feb
3

ඉන්දියාව ඩොලර් මිලියන 500කින් ලංකාවට අත දෙයි..!

 
2330 Views
   
 

පසුගිය ජනවාරි 13 වන දින ඉන්දියානු රජය ශ්රී ලංකාවට ඩොලර් මිලියන900 ක් ලබාදීමට එකඟවීමෙන් පසුව ඊයේ (02) ශ්රී ලංකාවට අවශ්ය ඉන්ධන තොග IOC හරහා ලබාගැනීමට ඩො.මි. 500ක ණය රේඛා ගිවිසුමක් (Credit Line) අත්සන් කලා.

මෙම සහනයන් ලංකාවට ලැබෙන්නේ පසුගිය දෙසැමිබරයේ මුදල් ඇමති සහ ඉන්දීය විදෙස් කටයුතු පිළිබද ඇමතිවරයා අතර පැවති සාකචිඦාවල ප්රතිඵලයක් ලෙසයි.

පසුගියදා ශ්රී ලංකාවට පැමිනි චීන විදේශ ඇමතිවරයාද ශ්රී ලංකාවට සහන ලබාදීමට පොරොන්දු වූවා.. අත්යාවශ්ය කරැනක් වූ ඉන්ධන ලබා ගැනීමට පසුගිය 15 වනදා ශ්රී ලංකා මුදල් ඇමතිවරයා ඉන්දීය විදෙස් කටයුතු ඇමතිවරයා සමග පැවැත්වූ සාකචිඦාව(Virtual ) නිසා ඊයේ අත්සන්කල ගිවිසුමට එළඹීමට හැකිවිය.

දැනට ලොව හතරවන ස්ථානයට විදෙස් සංචිත තිබෙන්නේ ඉන්දියාවටයි. චීනය,ජපානය සහ ස්විස්ටර්ලන්තය ඉහලින්ම සිටින රටවල්ය.

චීන රජයෙන්ද තවත් විශාල සහයක් ලැබීමට නියමිතය.. තාවකාලිකව ඇතිවී තිබෙන මූල්ය අපහසුතාව මග හැර ගැනීමට රජය තවත් රාජ්යයන් කිහිපයක් සමගද ,ජාත්යන්තර මූල්ය අරමුදල සමගද(IMF) සාකචිඦා පවත්වමින් සිටී. 

එමගින් මෙම විදෙස් මුදල් සංචිතය ශක්තිමත් කර ජනතාවට අවශ්ය සියළුම සහනයන් ලබා දීමට රජය කටයුතු කරගෙන යයි..!

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්