Jun
6

සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ වෙයිද..?

 
1626 Views
   
 

රටපුරා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලා ඇති බව වාර්තා වනවා. එසේ නොවුණහොත්, සංචාරණ සීමා පනවමින් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගවල නිසි ප්‍රතිඵල නොලැබෙනු ඇති බව ඔවුන් පෙන්වා දී ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

දිනකදී කොවිඩ් ආසාදිතයන්න් 3000ක් ඉක්මවා වාර්තා වීම බරපතළ තත්ත්වයක් බවත්, එහි යම් පාලනයක් සදහා සංචරණ සීමා නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බවත්, සෞඛ්‍ය අංශ රජයට පෙන්වා දී තිබෙනවා. කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් ඉකුත් 21 වෙනිදා රටටම සංචරණ සීමා පැනවූ අතර ,එය 25 වැනිදා ඉවත්කර එදිනම යළි පනවනු ලැබීය.

රජය මුලින් තීරණය කර තිබුණේ සංචරණ සීමා හෙට (07)දිනයේ ඉවත් කිරීමටයි. නමුත් එය ලබන සදුදා (14) දක්වා දීර්ඝ කිරීමට පසුව තීරණය කළා.

 

gossip.hirufm.lk
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්