Mar
13

” ගොඩක් අය මාව හඳුන ගත්තේ නැන්දම්මා දැක දැක නොදැක්ක යනවා වගේ කියන ස්ප්‍රයිසි කැකර් දැන්වීම නිසා” ෂෙනායා වැනොෆ්

 
680 Views
   
 

මේ දිනවල ලංකාවේ හැමෝම වගේ ආසාවෙන් නරඹන ජනප්‍රිය ටෙලි නිර්මාණයක් තමයි හිත ලඟ හිණැහුනා කියන ටෙලි නාට්‍යය. ඉතින් මේ ටෙලි නාට්‍යය ඔස්සේ මේවෙද්දී බොහෝදෙනා අතර ජනප්‍රියත්වයට පත් චරිතයක් ගැනයි අද අපි මේ විදිහට කතා කරන්න හදන්නේ. ඒ තමයි කිරුළි කියන චරිතය. ඇත්තෙන්ම මේවෙනකොට ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන ඉන්න මේ කිරුළි කියන චරිතයට සිය රංගන දායකත්වය ලබා දෙන්නේ ෂෙනායා ඇනීසා වැනොෆ් කියන සුන්දර තරුණියයි

ඉතින් අද අපි හිතුවා මේ යොවුන් රංගන ශිල්පිනියගේ තොරතුරු ටිකක් පුවත් පතකින් උපුටා ඔබට ගෙන ඒමට. ඉතින් ඇය ඇගේ තොරතුරු මේ විදිහට තමයි පහුගිය දවසක පුවත්පතට පවසලා තිබුනේ. ” මගේ පාසල බොරැල්ලේ All Saints Church කොලේජ් එක. මන් ඉගෙන ගත්තේ ඕලෙවල් වලට විතරයි.පවුලේ ඉන්නේ අම්මියි. තාත්තියි. අක්කලා තුන්දෙනයි. ලොකු අක්කි බැඳලා ඉන්නේ සිරස සුපර් ස්ටාවලින් ආව අමිල පෙරේරාව. අනෙක් අක්කලත් බැඳලා.” කියලයි

ඒ වගේම එලෙස අදහස් දක්වපු ඇය තමන් කලා ක්ෂේත්‍රයට පිවිසෙන ආකාරය ගැනත් එහිදී කියල තිබුණා. ඒ මෙලෙසයි ” මාව ගොඩක් අය හඳුන ගත්තේ නැන්දම්මා දැක දැක නොදැක්ක යනවා වගේ කියන ස්ප්‍රයිසි කැකර් දැන්වීම නිසා. කමර්ෂල් වගේම ගීතවල වීඩියෝවලටත් මා ඒ කාලයේ පෙනී සිටියා” කියලයි. ඒ කොහොම උනත් ඇය එහිදී මේ කිරුළි කියන චරිතයට එක්වුණු ආකාරය ගැන වගේම මේ චරිතය ගැනත් අදහස් දක්වලා තිබුනේ මෙලෙසයි

” අශේන් සිරිවර්ධන අයියා මට මුණ ගැසුණා. ඔහු තමයි මට කිව්වේ මාව මහේෂ් අයියාගේ නිර්මාණයකට හොයනවා කියලා. වසර දෙකක් විතර ඒ කටයුතුවලින් මම ඉවත් වෙලා සිටියා. මහේෂ් අයියා මට ඒ චරිතය ගැන කිව්වා. කටකාර, දඟකාර කිරුළි ගැන. ඒ චරිතය රඟපාන්න මම කැමති වුණා.ඇත්තටම කිරුළි කියන චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කිරුළි කියලා කියන්නේ දඟකාර කටකාර හුරතල් චරිතයක්.” කියලයි

ඉතින් ඒ වගේම ඇය කියන්නේ ඒ හේතුව නිසාම වයස් භේදයකින් තොරව ලොකු කුඩා හැමෝම වගේ ඒ චරිතයට ආදරය කරනවා කියලයි. මේ අතර මඟතොටේදී හමු වුණත් ගොඩක් දෙනෙක් මාව අදුරගෙන කතා කරන නිසා මට සතුටුයි කියන ඇය කියන්නේ ඒ චරිතයයි මගේ සැබෑ ජීවිතයේ චරිතයයි ගොඩක් වෙලාවට එක වගේ කියලයි. තවද ඇය කියන්නේ සමහර වෙලාවට මම කතා කරන්නෙම නෑ ඒත් කතා කරන්න ගත්තම නතර කරන්නෙත් නෑ කියලයි

ඒ විතරක් නොවෙයි කතාවේ හැටියට මට ප්‍රේමවන්තයෝ දෙන්නෙක් ඉන්නවා කියන ඇය කියන්නේ ඒ දෙන්නගෙන් කවුරු තෝරගන්නද කියලා දැන්ම කියන්න බෑ කියලයි. ඒ වගේම කතාව ලස්සනට ගලාගෙන යනවා කියන ඇය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලන්නේ කතාව දිගටම බලන්න කියලයි

කෙසේවෙතත් ඇය කියන ආකාරයට 2017 වසරේදී තමයි ඇයට මුලින්ම වෙළෙඳ දැන්වීමකට අවස්ථාව ලැබෙන්නේ. ඊට ලොකු සහයෝගයක් ලබාදී තිබෙන්නේ ඇගේ නර්තන ගුරුවරයා වන දිලීප ආරියරත්න මහතායි. ඒ වගේම ඇයට කුඩා කාලයේ ඉදලම නිළියක් වෙන්න හීනයක් තිබිල තිබෙනවා. ඉතින් ඇයනම් කියන්නේ මේ තරම් ඉක්මනට නිළියක් වෙන්න පුළුවන් වෙයි කියල ඇය හිතුවේවත් නැහැ කියලයි. ඒ වගේම ඇගේ වර්තමාන බලාපොරොත්තුව හැකිතාක් කාලයක් රංගනය තුළ රැඳී සිටීම කියලයි ඇය කියන්නේ

ඒ වගේම ඉදිරියේදී විදෙස්ගත වේවිද කියලා කියන්න බැහැ එහෙම වුණත් ආයෙ ලංකාවට එන බව කියන ඇය කියන්නේ මගේ ආදරය ගැන කතා කළොත් මම කැමති මං ගැන නිතරම හොයලා බලන කෙනෙක්ට කියලයි. ඉතින් ඇය අවසාන වශයෙන් විලාසිතා වලට නීති රීති දාන කෙනෙක්ට මම කැමති නැහැ කියන ඇය කියන්නේ මට තාම නම් පෙම්වතෙක් නෑ කියලයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්