Feb
22

” දැන් රටේ තියෙන තත්ත්වය එක්ක වෘත්තීය රංගන ශිල්පියෙක් වෙලා ජීවත් වෙන්න අමාරුයි” පාර දිගේ ඩාලින් අක්කා චන්දිමා කරුණාදාස

 
544 Views
   
 

මෙරට කලාව තුළ ඉන්න පුංචි තිරය තුළින් නිරන්තරයෙන් දැකගන්නට ලැබෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි චන්දිමා කරුණාදාස කියලා කියන්නේ. ඇත්තෙන්ම ඇය ක්ෂේත්‍රය තුළ මේවෙද්දී සුවිශේෂ වු ගමනක් යන අතර ඇයව අපට වර්තමානයේ ” පාර දිගේ ” ටෙලි නාට්‍යයේ ඩාලිං අක්කා කියන චරිතය ඔස්සේ දැකගන්නට ලැබෙනවා. කොහොම නමුත් වර්තමානයේ අතිවිශාල ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන ඉන්න මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය පසුගිය දිනක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව තිබුණා. එහිදී ඇය ඇගේ අලුත්ම තොරතුරු පිළිබඳ කතා කරල තිබුණා. ඉතින් අපි මේ සූදානම් වෙන්නේ ඇය පිළිබඳ කතා කරන්නයි

කොහොමහරි ඉතින් මේ විදිහට අදහස් දක්වපු ඇයනම් කියන්නේ මේ දවස් වල තමන් පාර දිගේ සහ ‘පාර වසා ඇත’ ටෙලි නාට්‍යය වලට සම්බන්ධ වෙලා ඉන්නවා කියලයි. ඒ වගේම ඇය මේ දිනවල සිය රංගන දායකත්වය ලබාදෙන පාරදිගේ ටෙලිනාට්‍යයේ ඩාලිං අක්කා කියන්නේ කට සැර තමන්ගේ ආධිපත්‍යය පතුරවන සැමියාවත් යටත් කරගෙන ඉන්න කාන්තාවක් කියලයි ඇයනම් කියන්නේ. ඒ විතරක් නොවෙයි පාර වසා ඇත නාට්‍යයේ තමන් නිරූපණය කරන්නේ ඒ චරිතයේම අනෙක් පැත්ත කියලයි ඇය කියන්නේ. ඉතින් විවිධ චරිත නිරූපණය කිරීමට ලැබීම ගැන ඇය ගොඩක් සතුටු වෙනවාලු

කොහොම නමුත් එය රංගන ශිල්පිනියක හැටියට ඇයට හොඳ අත්දැකීමක් බවයි ඇය පෙන්වා දෙන්නේ. එපමණක් නොවෙයි ඇය කියන්නේ ඒ චරිත ද්විත්වය වෙනස්ම විදියකට ප්‍රේක්ෂකයන් අතරට රැගෙන යන්නට පරිස්සම් වෙනවා කියලයි. එහෙම වුණොත් පමණයිලු චරිතාංගමය විදිහට යම්කිසි දක්ෂතාවයක් පෙන්විය හැකි වෙන්නේ කියලයි ඇයනම් කියන්නේ

කෙසේවෙතත් ඩාලිං අක්කා කියන චරිතය තරමක් දඩබ්බර චරිතයක් වුවත් තමන්සැබෑ ජීවිතේ කතාබහ අඩු පාඩුවේ ඉන්න කෙනෙක් කියලයි ඇය කියන්නේ. ඒ විතරක් නොවෙයි මම නපුරු කෙනෙක්වත් කාටවත් නපුරුකම් කරන කෙනෙක්වත් නෙමෙයි කියන ඇය කියන්නේ මම හැම වෙලාවේම උත්සාහ කරන්නේ ඒකාකාරී නොවූ චරිතයන් භාරගෙන මගේ යම්කිසි දක්ෂතාවක් තියෙනවා නම් එය චරිතයන් තුළින් ප්‍රේක්ෂකයන් අතරට පත් කිරීමට කියලයි

ඒ වගේම වේදිකාව තමයි කෙනෙක්ට හැදෙන්න තියෙන හොඳම තැන කියන චන්දිමා කියන්නේ වේදිකාව කියන තැනින් හැදෙන කෙනෙක්ට අනිත් මාධ්‍යවල හැසිරෙන එක අපහසු නැහැ කියලයි. මේ අතර ඔවුන් ගොඩනගා ගන්නා පුහුණුවීම් හා චරිත, පිටපත් කියවීම් වගේ ඔවුන් ලබන සෑම පුහුණුවකින්ම හැමදාම ජීවිතයට දෙයක් ඉගෙන ගන්නවා වගේම ඒක රංගනයට ලොකු අභ්‍යාසයක් කියල තමන් විශ්වාස කරනවා කියලයි ඇය කියන්නේ

මේ අතර හැදුණු තැනත් වේදිකාව‍ කියල කියන ඇය කියන්නේ ඒ නිසාම වේදිකාවට තාමත් ආදරෙයි කියලයි. ඒ වගේම ඇයට ඉදිරියේදී අනිවාර්යයෙන්ම සිනමාවටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලයි කියන්නේ. ඒ වගේම තමන් සිනමාවට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා නීතිරීති දාගෙන වැඩකරන කෙනෙක් නෙවෙයි කියලයි කියන්නේ. තවද මේ විදිහට අදහස් දක්වපු ඇය කියන්නේ දැන් රටේ තියෙන තත්ත්වය එක්ක වෘත්තීය රංගන ශිල්පියෙක් වෙලා ජීවත් වෙන්න අමාරුයි කියලයි

මේ අතර කොළඹ ජීවත් වෙද්දී වියදම් වැඩියි කියල කියන ඇය කියන්නේ හැම දෙයකටම මුදල් අවශ්‍ය වෙන නිසා අපට හොඳ ආර්ථික පසුබිමක් තියෙන්න ඕනි කියලයි. ඒ වගේම වෘත්තීමය රංගන ශිල්පිනියක් වුණොත් ජීවත් වෙන්න පුළුවන් වුනාට තමන්ට තෝරාබේරා ගැනීමකින් තොරව නිර්මාණයන් භාර ගන්නට සිදුවෙනවා කියලයි ඇයනම් කියන්නේ. නමුත් මම ඒ දෙයට කැමැති නැහැ කියන ඇය කියන්නේ මට ලැබෙන චරිතවලින් දෙයක් කරන්න පුළුවන් විදිහේ චරිත තමයි මම කරන්න කැමති කියලයි

කොහොමහරි ඉතින් මේ ආකාරයට අදහස් දක්වපු ඇය කියන්නේ මගේ ජීවිතේ මුල්ම හැරවුම් ලක්ෂ්‍යය තමයි උසස් පෙළ සමත් වෙලා කැලණිය විශ්වවිද්‍යාලයට ආපු එක කියලයි. මේ අතර ඇගේ ජීවිතයේ තිබූ එකම හීනය බවට පත්වුනේ විශ්වවිද්‍යාලයට කෙසේ හෝ යනවා කියන එක කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඒ හීනය යථාර්ථයක් වීමත් සමඟම ඇයගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය එය වුනා කියන ඇය කියන්නේ විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමෙන් තමන් රංගනය ගැන ප්‍රායෝගිකව හදාරන්න අරගෙන වේදිකාව මත රංගනයේ යෙදෙන්න හැකියාව ලැබුනා කියලයි

ඉතින් ඒ වගේම ඇය විවාහ වෙලා දැන් අවුරුදු තුනක් පමණ වෙනවා කියන ඇය අවසාන වශයෙන් කියන්නේ මේ වෙනකන් ඇයට ගැටලුකාරී තත්ත්වයන් ඇතිවෙලා නැහැ කියලයි. ඊට හේතුව ඇයගේ සැමියා තමයිලු ඇයට ඉන්න ලොකුම ශක්තිය. ඔහු තමයිලු ඇයට හැම දෙයකටම හෙවණැල්ල වගේ ශක්තිය දෙන්නේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්