Nov
30

ඊයේ විදුලි බිඳ වැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් – ලංවිම සභාපතිගෙන් පැමිණිල්ලක්

 
1149 Views
   
 

දිවයිනේ ප්රදේශ රැසක ඊයේ (29) සිදුවූ විදුලි බිඳ වැටීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස තමන් පොලිසියට පැමිණිලි කළ බව විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා පවසයි. ඔහු ප්රකාශ කළේ, අදාළ සිදුවීම කඩාකප්පල්කාරී ක්රියාවක් බවට පැමිණිලි ලැබී ඇති බව ය.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තමන්ට බලතල නොමැති බැවින් තමන් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ බව පැවසීය.

“පොලිසියට පැමිණිලි කළා මේක කඩාකප්පල්කාරී ක්රියාවක් කියලා හැම තැනින්ම පැමිණිලි එනවා. මිනිස්සු පැමිණිලි කරනවා. CEB එකේ ඇතුළේ ඉන්න සේවකයෝත් පැමිණිලි කරනවා. ඒ හින්දා ඉතින් ඒවා ගැන පරීක්ෂා කරන්න මට බලයක් නැති හින්දා පරීක්ෂා කරන්න පොලිසියට භාර දුන්නා. ඇතුළෙන්ම පැමිණිලි ඇවිල්ල තියෙනවා නම්, අසාමාන්ය විධියට විදුලිය බිඳ වැටීමක් වෙලා තියෙනවා නම්, ඒක යථා තත්ත්වයට පත් කරන්න සෑහෙන්න වෙලාවක් ගත වෙලා තියෙනවා නම්, ජන ජීවිතය අවුල් වෙලා කියලා හැම තැනින් ම පැමිණිලි ලැබෙනවා නම් සහ ඒක පිළිබඳව විදුලිබල මණ්ඩලයේම ඉන්ජිනේරුවන් සැක කරනවා නම් මේක කඩාකප්පල්කාරී ක්රියාවක් කියලා මට ඒ පිළිබඳව අවබෝධයක් නැහැ තීරණයක් ගන්න. මම ඉතුරු ටික යැව්වා පොලිසියට මේ ගැන විභාග කරන්න කියලා.”

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්රකාශ කළේ, අදාළ පැමිණිල්ල මහජන ආරක්ෂක අමාත්යංශය වෙත සිදු කර ඇති බවය. ඒ අනුව, එහි පිටපතක් අද (30) පොලිස්පතිවරයාට යොමු වී ඇති බව ද ඔහු පැවසීය.

පොලිස් මාධ්ය ප්රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරෙනු ඇති බව ය.

”මහජන ආරක්ෂක අමාත්යංශයේ ලේකම් තුමාට කරපු පැමිණිල්ලක කොපියක් පොලිස්පතිතුමාට යොමු වෙලා තියෙනවා. ඒක හවස තමයි ලැබුණේ. හෙට ඒ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා උපදෙසක් දේවි. කොහොමත් ඉතින් විමර්ශනයක් කරන්න ඕනේ. පැමිණිල්ලක් නේ.”

කොත්මලේ සිට බියගම දක්වා විදුලි සම්ප්රේෂණ මාර්ගයේ බිඳ වැටීමක් හේතුවෙන් ඊයේ ප්රදේශ ගණනාවක විදුලිය විසන්ධි විය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්