Feb
13

කවදා හරි මාත් රෑප පෙට්ටියෙන් දකින හීනයක් හිතේ ඇතිවුණා – සචින් චතුරංග මෙන්ඩිස්

 
1352 Views
   
One day I had a dream in my mind - Sachin Chathuranga Mendis  

ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන, සද්ධාමංගල සූරියබණ්ඩාර තිර රචනා කරන පාර දිගේ ටෙලිනාට්‍ය මේ දිනවල විකාශනය වන ජනප්‍රිය ටෙලිනාට්‍යයක්. එහි අභීගේ චරිතය අපූරුවට රඟපාන ඔහු නමින් මිස්සක සචින් චතුරංගන මෙන්ඩිස්. මෙවර හදසර කවරය සරසන්නේ ඔහුයි.

සචින්.. අපි මුලින්ම ඔයාගේ පවුලේ විස්තර එක්ක මේ කතාබහ පටන්ගමු?

මගේ ගම මොරටුව. මට වැඩිමහල් සහෝදරයන් දෙන්නෙක් ඉන්නවා. පොඩි අයියා තමයි සූරිය අරණ චිත්‍රපටයේ පොඩි හාමුදුරුවන්ට රඟපෑ දසුන් මධුසංඛ. මගේ ලොකු අයියා සූපවේදියෙක්. ඒ දෙන්නම මේ වෙද්දි විදෙස් ගතවෙලයි ඉන්නෙ.

පවුලේ බාලයා වෙච්චි සචින් පුංචි කාලෙදි දැකපු හීනය මොකක්ද?

පුංචිම කාලේ මගේ ලොකුම හීනය වුණේ ගුවන් නියමුවෙක් වීමයි. ඒක මම හරිම ආසාවෙන් හිටපු හීනයක්. ඒ වගේම මම රේස් පදින්නත් ආසා කළා. ඔය කාලෙදි අයියා රංගනයට එකතු වුණා. ඒ නිසා ඊළඟ හීනය වුණේ කොහොමහරි රංගනයට එකතු වෙන්නයි. අයියා පොඩි කාලෙදි ගෙදරට සම්මාන ගෙනෙද්දි මම ඒවා හරිම ආසාවෙන් අතගෑවා. මම ඒ දිහා බලාගෙන හිටියා. ඒ නිසා කවදා හරි මාත් රෑප පෙට්ටියෙන් දකින හීනයක් හිතේ ඇතිවුණා.

දසුන් ඉගෙන ගත්තෙ මොන පාසලේද?

මම පාසල් දෙකකින් ඉගෙන ගත්තා. මුලින්ම මොරටුව වේල්ස් කුමර විදුහලින් ඉගෙන ගත්තා. නවය වසරින් පසුව මම ශාන්ත පීතර විදුහලට ඇතුළත් වුණා. පාසලේදි නම් මම නාහෙට අහන්නෙ නැති චරිතයක්. ගුරුවරුන්ගෙන් දඬුවම් ලබපු දඩබ්බර චරිතයක්. ඒ හැම දඩබ්බරකමක්ම කළේ මොරටුව වේල්ස් කුමර විදුහලේ ඉඳිද්දියි. ශාන්ත පීතර විදුහලට යාමත් සමඟ මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඒ පසුබිමත් එක්ක මගේ අධ්‍යාපනයත්, කලා කටයුතුත් දෙකම වෙනස් මාවකට යොමු වුණා.

අයියා වගේ නළුවෙක් වෙන්න ආසා කරපු සචින්ගේ ඒ හීනය සැබෑ වුණේ කොහොමද?

මම රංගන ශිල්පියෙක් වෙන්න හරිම ආසාවෙන් හිටියේ. ඒ දවස්වල ජයලත් මනෝරත්න මාමා අපේ අයියව ෂූටින් ගෙනියද්දි අපේ ගෙදරට ආවා. ගෙදර ආපු හැම වතාවකම මම ජයලත් මනෝරත්න මාමා එක්ක තොරතෝංචියක් නැතිව කියෙව්වා. පසු කාලෙකදි අයියා එක්ක තාත්තා ෂූටින් ගිහින් හිටපු වෙලාවක ජයලත් මනෝරත්න මාමා කොල්ලව වැඩකට ගන්න ඕනෙ. කොල්ලා මේ දවස්වල ෆ්‍රී ද? කියලා කතා කරලා අහලා තිබුණා. ඒ වෙද්දි අයියා තවත් නිර්මාණයකට සම්බන්ධවෙලයි හිටියේ. තාත්තා ඒ ගැන ජයලත් මනෝරත්න මාමාට කියද්දි මට ඕනෙ බාල පුතාවයි* කියලා කිව්වා. ඒ අනුව තමයි තුන්පත් රටාවක ලස්සන ටෙලිනාට්‍යයට මම සම්බන්ධ වුණේ. ඒ කාලේ ඒක හරිම ජනප්‍රිය වුණු නාට්‍යයක්. ඒක විකාශනය වෙන්න පෙර ලක්ෂ්මන් විජේසේකර මාමාගේ දඟයන්ට පමණයි කියන ටෙලිනාට්‍යයෙත් රඟපෑවා. ඒකෙ පොඩ්ඩේගේ චරිතයට රඟපෑවේ මමයි.

අද වෙද්දි ඔබව බොහෝ දෙනා හඳුනන්නෙ ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන පාර දිගේ ටෙලිනාට්‍ය හරහායි. පාර දිගේ නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?

පාර දිගේ ටෙලිනාට්‍යයට මාව යෝජනා කරලා තිබුණේ රංගන ද සිල්වා මහතායි. දවසක් මාව මුණගැහුණු වෙලාවක උඹව මම ඉස්සරහට තියෙන වැඩවලට ගන්නවා කියලා කිව්වා. මාව යෝජනා කරලා තිබුණේ ඔහුයි. රංගන අයියා මාර්ගයෙන් මට සද්ධාමංගල සූරියබණ්ඩාර මාමා කතා කළා. ඊට පස්සෙ සිවා මාමාත් කතා කළා. අද වෙද්දි පාර දිගේ ටෙලිනාට්‍යයට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. බොහෝ දෙනා පාර දිගේ නාට්‍ය නරඹනවා. ඒ නාට්‍යයට අමතරව මේ දිනවල රහයි ජීවිතේ ටෙලිනාට්‍යයේත් මම රඟපානවා. මේ මාසෙදි විකාශනය වෙන්න නියමිත ළං වී ටෙලිනාට්‍යයට මම සම්බන්ධවෙලා ඉන්නවා.

පාර දිගේ වගේම සචින් දැන් සංගීතයටත් නැඹුරුවෙලා කියලයි ආරංචිය?

ඔව්.. පුංචි කාලේ ඉඳන්ම මම සංගීතයට හරිම කැමතියි. මම වේල්ස් කුමර විදුහලෙන් නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා. ශාන්ත පීතර විදුහලට ඇතුළත් වුණාට පසුව මම පෙරදිග සංගීතය විෂයක් විදිහට හැදෑරුවා. මම උසස් පෙළට පෙරදිග සංගීතය, නාට්‍ය හා රංගන කලාව සහ මාධ්‍ය හා සන්නිවේදනය හැදෑරුවා. කාලයක් මම විදෙස්ගත වෙන්නත් අදහස් කරගෙනයි හිටියේ. සංගීතයට හරි කැමතියි. නිදාගන්නෙත් සංගීතය අහලයි. ප්‍රශ්නයක් ආවත් සංගීතය අහනවා. සතුටක් දැනුණත් සංගීතය අහනවා. සංගීතයට තියෙන ආසාව ගයාන් අයියා හා ඉඳුවර මල්ලි මුණගැහුණට පස්සෙ තවත් වැඩි වුණා. ඒ නිසා අපි Roads කියලා සංගීත කණ්ඩායමක් පටන් ගත්තා.

ඊළඟට තියෙන බලාපොරොත්තු මොනවද?

කලාවේ දිගටම රැඳී ඉන්න ගමන් මගේම කියලා ව්‍යාපාරයක් පටන්ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම ටික කාලයකට ආයෙත් විදෙස්ගත වෙන්නත් පොඩි බලාපොරොත්තුවක් තියෙනවා.

දිශානි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්