Mar
12

” මගේ ජීවිතේ මේ වෙනකම් දඬුවම් ලැබිලා තියෙන්නෙ මම නොකරපු වැරදි වලට ” ජනප්‍රිය රංගන ශිල්පිනී වොල්ගා කල්පනී

 
440 Views
   
 

වොල්ගා කල්පනී කියල කියන්නේ මේවෙද්දී ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්වෙමින් ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන ඉන්න සුන්දර රංගන ශිල්පිනියක්. ඇත්තෙන්ම වොල්ගා කියල කියන්නේ කාලයක් මෙරට පුංචි තිරය තුළ නිරන්තරයෙන් අපට දැකගන්නට ලැබුණු චරිතයක්. කොහොම නමුත් ඇයව අපට පහුගිය කාලයේ මෙරට ජනප්‍රියත්වයට පත් ටෙලි නිර්මාණයක් වන ” පාර දිගේ ” ටෙලි නාට්‍යයේ ටුටු කියන චරිතය ඔස්සේ දැකගන්නට ලැබුණා

කොහොමහරි ඉතින් පහුගිය කාලයේ වොල්ගා ගැන මෙරට විශාල කතාබහක් ඇතිව තිබුණා. ඒ මෙරට ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන හර්ෂන බෙත්මගේ සමගින් විවාහවෙන ඇගේ විවාහය දෙදරා යාමත් සමගයි. ඉතින් මේ වෙන වෙනකොට පළමු විවාහයෙන් වෙන් වෙලා තනිකඩ දිවියක් ගතකරන වොල්ගා කල්පනී කියන මේ සුන්දර රංගන ශිල්පිනිය සමගින් තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ

ඔබට කවදාහරි දවසක ඔබ නොකළ වරදකට දඩුවම් විදින්න උනොත් ?

මේ වෙනකම් මගේ ජීවිතේ දඬුවම් ලැබිලා තියෙන්නෙ මම නොකරපු වැරදි වලට. ඒක නිසා මට ඒක දැන් හුරු පුරුදුයි. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. මම ජීවිතයේ නොකරපු වැරදි වලට ලැබෙන දඬුවම් ගැන හිතන්නේ නැහැ. කවුරු මොන දේ කොහොම කිව්වත් මගේ හිත දන්නවා මම වැරැද්දක් කළේ නැහැ කියලා. ඒ නිසා මම කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා. කවුරු මොන කතා කිව්වත් මම ඒවා භාර ගන්නේ නැහැ

වොල්ගා ඔබ මේවෙද්දී මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක්, ඉතින් ඔබ කලාවට අමතරව ඉගෙන ගන්න කැමති විෂය මොකක්ද ?

මම කැමතියි භාෂාවක් ඉගෙන ගන්න.කාලයක් මම ඒකට පොඩි උත්සාහයකුත් ගත්තා. හැබැයි මගේ කාර්යබහුලත්වයත් එක්ක මට ඒක කරන්න බැරි වුණා. ඉතින් ආයිත් මට භාෂාවක් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණොත් මම ඉගෙන ගන්නවා. සමරවිට භාෂාවක් නැතුව භාෂා ගානක් ඉගෙන ගන්නත් කැමතියි

ලංකාවේ අපි නිරන්තරයෙන් දකින දෙයක් තමයි මෙරට ජනප්‍රිය චරිත හැමෝම වගේ දේශපාලනයට එකතුවෙනවා. ඉතින් ඔබට දේශපාලනයට ආරාධනාවක් ලැබුණොත් ඔබ බාර ගන්නවාද ?

මම ජීවිතේ කවදාවත් දේශපාලනය නම් කරන්නේ නැහැ. මේ පවතින තත්ත්වයත් එක්ක දේශපාලනය කිරීම බොරු වැඩක්. මේ පවතින රාමුවේ ඉඳන් දේශපාලනය කරන්න මම දක්ෂ කෙනෙක් නෙවෙයි. ඒ නිසා නොදන්න දේවල් නොකර දන්න දේ කරගෙන ඉන්න එක හොඳයි

ඔබට ජීවිතයේ මුහුණ දීමට සිදුවුණු අමතක කරන්න බැරි සිදුවීමක් අමතක කරන්න අවස්ථාවක් ලැබුණොත් ?

එහෙම අමතක කරන්න තරම් ලොකු සිදුවීම් මගේ ජීවිතේ නෑ. සමහර අකමැතියි කියලා හිතන සිදුවිම් මම හරි ආසාවෙන් මතක තියාගෙන ඉන්නවා. මම මගේ ජීවිතය වැඩිපුරම ආදරේ මගේ ආච්චීටයි සියාටයි. ඒ දෙන්නම ජීවතුන් අතර නෑ. ඉතින් ඒ දෙන්නා මැරුණා කියලා අමතක කරන්න පුළුවන් වෙනවා නම් මම ඒකට කැමතියි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්