1965 මැයි මස 14 වෙනිදා රෝහණ විජේවීර විසින් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කළේ කොමියුනිස්ට් වි ප් ල වයක් සඳහා බ ල වේ ගයක් සැපයීමේ අරමුණිනි. මේ වකවානුව රටේ ආර්ථික අ ර් බුදය ගැ ඹු රු වෙමින් පැවති සමයක් වූ අතර රටට නිදහස ලැබීමෙන් පසු ප්‍රධාන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (1951 දී එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී) වසර අට බැගින් රට පාලනය තිබුණි. ජවිපෙ ආරම්භකයින්ට අනුව, ශ්‍රී ලංකාව මුහුණ දුන් අර්බුද විසඳීම සඳහා කිසිදු සාධනීය වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කිසිදු පක්ෂයකට 1965 වන විට නො හැකි වී තිබුණි.
රෝහණ විජේවීරගේ පියා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරිකයෙකි. 1960 ගණන් වල පැවති මැතිවරණ ව්‍යාපාරයකදී එජාප පාක්ෂිකයින් විසින් ඔහුට දැඩි ලෙස පහර දුන් අතර ඒ හේතුවෙන් ඔහු අංශභාග රෝගියෙකු විය. තරුණ රෝහණ විජේවීර මානසිකව පීඩාවට පත් වූ අතර ඔහුගේ ඔහුගේ එම ප්‍රබල මානසික පීඩාව එජාපය කෙරෙහි වෛරය ඇති කිරීමෙහි ලා මුල් වන්නට ඇත. තම පියා රෝගාතුර වීම හේතුවෙන් රෝහණ විජේවීරගේ වැඩිදුර අධ්‍යාපනය අ න තුරේ වැටෙන විට, මොස්කව්හි පැට්‍රිස් ලුමුම්බා මිත්‍රත්ව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ඔහුට ශිෂ්‍යත්වයක් ලබා දුන්නේය. විජේවීර, කාල් මාක්ස්, ෆ්‍රෙඩ්රික් එංගල්ස් සහ ලෙනින්ගේ කෘති කියවා කැපවූ මාක්ස්වාදියෙකු බවට පත්වූයේ පැට්‍රිස් ලුමුම්බා මිත්‍රත්ව විශ්ව විද්‍යාලයේදීය.
1964 දී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු විජේවීරට නැවත රුසියාවට යාමට අවසර නො ලැබුණේ ඔහු මොස්කව්හිදී මාඕවාදීන්ට පක්ෂව වැඩ කටයුතු කිරීම රුසියානුවන් නො රිස්සූ හෙයිනි. විජේවීර ඇතුළු පිරිස පැහැදිලි වි ප් ල ව වා දී අනන්‍යතාවයක් සහිත නව පක්ෂයක් ආරම්භ කිරීමට 1965 දී තීරණය කළහ. ප්‍රධාන වශයෙන්ම කම්කරු පන්තියේ දේශපාලන දැනුවත්භාවය වැඩි කිරීමට උත්සාහ කිරීම මේ නව පක්ෂය ප්‍රමුඛත්වය ලබා දුන් කරුණක් විය. දේශපාලන වශයෙන් ජනතාව දැනුවත් කිරීම වැදගත්ම කාර්යයක් බව විජේවීරට හැඟුණි. මෙම කාර්යය පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අ න තු රු ව, රටේ සමාජ, දේශපාලන, ආර්ථික ගැ ට ලු පිළිබඳව සංකීර්ණ නො ව න මාක්ස්වාදී විශ්ලේෂණයක් හඳුන්වා දීමේ පියවර විය යුතු බවට තීරණය විය. එකී මාක්ස්වාදී විශ්ලේෂණය ප්‍රධාන මාතෘකා පහක් සමඟ සාකච්ඡා පහකට බෙදා තිබුණු අතර ජනතා විමුක්ති පෙරමුණේ පන්ති පහ ලෙස ජනප්‍රිය වූයේ එම ක්‍රියාදාමයයි.
1971 වන විට ජවිපෙ දේශපාලන පක්ෂයක් ලෙස ස්ථාපිත වූ අතර අනෙකුත් වාම සංවිධානවල දේශපාලනය ගැන කලකිරී සිටි අයට විකල්පයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ කල එලි බැස්සේය. එකල ජවිපෙ සාමාජිකයින් හා ආධාර කරුවන්ගෙන් වැඩි දෙනෙක් සිටියේ තරුණ වැඩිහිටි වයස් කාණ්ඩයේ වූ අතර ජවිපෙ දේශපාලන විභවය සහ අභියෝගය ගැන කලබලයට පත් වූ එවක සමගි පෙරමුණු ආන්ඩුව සහ එහි වාමාංශික සගයන් විසින් අළුතින් බිහිවූ ජනතා විමුක්ති පෙරමුණට එ රෙ හිව විවිධ අ ප වාද එල්ල කළහ.
ජවිපෙ විසින් දකුණු යේමනය, බෙල්ජියම, එක්සත් රාජධානිය සහ ඉරාකය ඇතුළු රටවල් කිහිපයකම සාර්ථකව සිය ශාඛා සංවිධාන බිහි කරන ලද අතර එම රටවලින් වක්‍රව අ වි ආ යු ධ ලබා ගැනීමේ සුදානමක් ජවිපෙ සතුව තිබූ බවද කියවේ. යේමනයේ ආ යු ධ නිෂ්පාදකයෙක් පසුව පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණට ආ යු ධ සැපයීමට තමන්ට ක්‍රමයක් හෝ හැකියාවක් නො මැති බවයි. කරුණු කෙසේ වෙතත් දකුණු යේමනයේ රජය “වි ප් ල වී ය සුභ පැතුම්” යනුවෙන් සඳහන් ලිපියකින් එම සංවිධානයට සුබ පතා තිබූ බව නම් කියැවේ.
රෝහණ විජේවීර ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ විසින් නායකත්වය දුන් 1971 කැ රැ ල් ල අ සා ර්ථක මාක්ස් වා දී කැ රැ ල් ල කි. 1971 අප්‍රේල් මාසයේදී බණ්ඩාරනායක රජයට එ රෙහිව ඔවුන් දියත් කළ කැ රැ ල්ල නිසා ජවිපෙ ලෝකයාගේ අ ව ධා නයට ලක් විය. මෙම අ සා ර් ථක කැ රැ ල්ල ආ ර ක්ෂක අංශ විසින් පරාජය කරන ලදී. 1971 මාර්තු මාසයේදී, ජනතා විමුක්ති පෙරමුණේ එක් බෝ ම් බ කර්මාන්ත ශාලාවක සිදුවූ අහඹු පු පු රා යාමකින් පසුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ නෙළුන්දෙණියේ පැල්පතක තිබී බෝ ම් බ පනස් අටක් පොලිසිය විසින් සොයා ගෙන තිබුණි. සුළු මොහොතකට පසු රජය විසින් විජේවීරව අ ත් අඩංගුවට ගෙන යාපනය බන්ධනාගාරයට යවන ලද අතර කැරැල්ල පුරාවටම ඔහු රැඳී සිටියේය. ඔහුව අ ත් අඩංගුවට ගැනීම සහ පොලිස් පරීක්ෂණ නිසා වර්ධනය වන පී ඩ නයට ප්‍රතිචාර වශයෙන් සෙසු ජවිපෙ නායකයින් වහාම ක්‍රියාත්මක වීමට තීරණය කළ අතර 1971 අප්‍රේල් 5 වැනිදා සිය කැ රැ ල්ල ආරම්භ කිරීමට ඔවුහු තීරණය කළහ.
සති දෙකක නි රර්ථක ස ට න කින් පසු දුර බැහැර ප්‍රදේශ කිහිපයක් හැර අන් සියල්ලේම පාලනය නැවත රජය විසින් ලබා ගන්නා ලදී. මානව සහ දේශපාලන වශයෙන් ගත් කල, මෙම ජයග්‍රහණයේ පිරිවැය ඉතා ඉහළ ය. ජනතා විමුක්ති පෙරමුණට අනුව ඇස්තමේන්තු කර ඇති කැරලිකරුවන් 10,000 කට අධික පිරිසක් ගැටුමේදී මි ය ගිය බව සැලකේ. විරසක වූ පිරිසක් දිනා ගැනීම සඳහා මෙන්ම දිග්ගැස්සුනු ගැටුමක් ව ළක්වා ගැනීම සඳහා සිරිමා බණ්ඩාරනායක විසින් 1971 මැයි සහ ජූනි මාසවලදී කැ ර ලි කරුවන් විශාල පිරිසකට සමාව දුන් අතර ඉහළ පෙළේ නායකයින් පමණක් සි ර ගත කෙරිණි. කැ රැ ල්ල සිදු වන විටත් රැඳවුම් භාරයේ සිටි විජේවීරට වසර විස්සක සිර දඬුවමක් නියම කෙරිණි. 1977 දී බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන 1971 අප්‍රේල් කැ රැ ල්ලට සම්බන්ධව ද ඬු වම් සිටි ජවිපෙ ප්‍රධානීන්ට සමාව දුන්නේ ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට අනුගත කර ගැනීමේ අටියෙනි.
ජනවාර්ගික ගැ ටු මට විසඳුමක් ලෙස එක්සත් ජාතික පක්ෂ රජය විසින් 1982 දී දිස්ත්‍රික් සංවර්ධන සභා ක්‍රමය හඳුන්වා දුන් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වාමාංශික පක්ෂ විසින් එවක දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණ ව ර් ජනය කළද, ඒ වෙනුවෙන් තරඟ කළ ජවිපෙය ආසන කිහිපයක් දිනා ගත්හ. මෙම කාලය තුළදී ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම ජවිපෙ නීත්‍යානුකූල දේශපාලන පක්ෂයක් ලෙස නිල වශයෙන් පිළිගත්තේය. 1982 දී රෝහණ විජේවීර ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. ඡන්ද 500,000 කට වඩා දිනා ගැනීමට ඔහු අපේක්ෂා කළ නමුත් ලබා ගැනීමට හැකිවුයේ ජන්ද 275,000 ක් පමණි. අපේක්‍ෂක කොල්වින් ආර් ද සිල්වාට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් 1982 ජනාධිපතිවරණයෙන් විජේවීර විසින් ලබා ගත්තද එම ප්‍රතිඵලය ගැන පක්ෂය කලකිරීමට පත් විය. 1983 දී ජනවාර්ගික කෝ ලා හ ලයෙන් පසුව, දහස් ගණන් දෙමළ ජනයා ඝා ත න ය කළ කළු ජූලි කෝ ලා හලයට සම්බන්ධ බව පවසමින් ජේ ආර් ජයවර්ධන රජය විසින් ජවිපෙ ප්‍රධාන වාමාංශික පක්ෂ තුනක් (වාසුදේව නානායක්කාරගේ සහ වික්‍රමබාහු කරුණාරත්නගේ පක්ෂය) ත හ න ම් කළේය.
1989 දී ප්‍රේමදාස රජය විසින් එවක ජනතා විමුක්ති පෙරමුණේ ස න් න ද් ධ අංශය ලෙස ප්‍රකටව තිබූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සාහසික සහ ම් ලේ ච් ඡ ක්‍රියාවන් සපුරා අ තු ගා දැමීම නිසා ජවිපෙ නායකත්වය මුළුමනින්ම වි නා ශ වී ගියෙන් පසුකාලීනව ජවිපෙ නැ ව ත පණ ගන්වනු ලැබූයේ විනාශ වූ ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සිටි දි වි ගලවා ගත් එකම සාමාජිකයා වූ සෝමවංශ අමරසිංහගේ නායකත්වයෙනි.
මෙනයින් බලන කළ 1971 සිට මේ දක්වා ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙරටට, මෙරට ජනතාවට සහ මෙරට ආර්ථිකයට සිදු කර ඇති හා නි ය ගණනය කළ නො හැ කි තරම් අති මහත්ය. මෙරට ජනතාව තලා පෙලා පි ඩා ව ට පත් කළ, ජනතා දේපළ විනාශ කළ ජනතා විමුක්ති පෙරමුණට මේ රටේ සැලකිය යුතු ජන ප්‍රවාහයක් ලෙස ගොඩ නැගෙන්නට ජනතාව විසින්ම ඉඩ කඩ නො දුන්නාද නො වේ. 2004 අප්‍රේල් මහා මැතිවරණයේදී මෙරට ජනතාව ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තු ආසන 39 ක් ලබා දුන් අතර එවක චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය ජනතා විමුක්ති පෙරමුණට කැබිනට් අමාත්‍ය ධූර 3 ක්ද පිරිනැමීය. 1965 සිට මේ දක්වා රෝහණ විජේවීර (1965 මැයි 14 සිට 1989 නොවැම්බර් 13), සමන් පියසිරි ප්‍රනාන්දු (1989 නොවැම්බර් 13 සිට 1989 දෙසැම්බර් 29), ලලිත් විජේරත්න (1989 දෙසැම්බර් 29 සිට 1990 ජනවාරි 1), සෝමවංශ අමරසිංහ (1990 ජනවාරි 1 සිට 2014 පෙබරවාරි 2), අනුර කුමාර දිසානායක (2014 පෙබරවාරි 2 සිට මේ දක්වා) ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ලෙස ක්‍රියා කර ඇත.
මෙහෙව් ජනතා විමුක්ති පෙරමුණ 1970 සිටම විවිධ අ ර් බුධ නිසා බෙදීම් වලට භාජනය නො වුනාද නො වේ. 1970 දී ධර්මසේකර, 2008 දී විමල් විරවංශ, 2012 දී ප්‍රේමකුමාර් ගුණරත්නම්, 2016 දී සෝමවංශ අමරසිංහ ජනතා විමුක්ති පෙරමුණ හැර ගොස් වෙනමම දේශපාලන පක්ෂ පිහිටුවා ගනු ලැබුවේ, එම පෙරමුණ සමඟ ඇති කරගත් දේශපාලන මත ගැ ටී ම් නිසාමය.
ජනතාව සැමදා පීඩනයට සහ විපතට ඇද දැමු නමුදු, විකල්ප ධාරාවේ දේශපාලනයක් කෙරෙහිද ජන නැඹුරුවක් තිබූ හෙයින් 2004 දී ජනතා විමුක්ති පෙරමුණට විමුක්තිය උදා කර දුන්නද ඉන් නිසි ප්‍රයෝජනයක් කිසිවිටෙකත් ලබා ගැනීමට ජවිපෙ අ සමත් විය. 1971 අ සාර්ථක කැ රැ ල්ල නිසා ජනතා විමුක්ති පෙරමුණ විසින් එවකට කරණ ලද මහජන දේපළ වි නා ශය රුපියල් මිලියන 20 ක් බවට ගණන් බලා ඇත. එම මුදල 1971 තරම් අතීතයේදී ඇති විශාල මුදලකි. 1987 – 1989 කාලය තුළදී ජනතා විමුක්ති පෙරමුණ විසින් රට තුළ ඇති කරන ලද භී ෂ ණ ය නිසා 60000 සකට අධික මිනිස් ජි වි ත ප්‍රමාණයක් රටට අ හි මිව ගොස් ඇත.
1989 වෙද්දී, ජවිපෙට හොඳ ඔත්තුකාර ජාලයක් තිබූ අතර ඔව්හු එම ජාලය මුදල් ක ප් ප ම් ගැනීම උදෙසා භාවිතා කළහ. 1989 දී ජවිපෙ, ඇඟලුම් අපනයන ව්‍යාපාරිකවරියකගේ නිවසට පැමිණ මුදල් ඉල්ලා සිටියේය. “ඔබ සහ ඔබේ දි ය ණි ය න් එළියට එන්න, අපි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය” යනුවෙන් ඔවුහු පැවසූහ. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ඔත්තුකරුවන් සඳහන් කළේ කලින් එවන ලද නැව්ගත කිරීම සඳහා ඇ ය ට ප්‍රේෂණ මුදලක් ලැබී ඇති බැංකු ගිණුමක් ගැන ය. නව නැව්ගත කිරීමක් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා ගෙවීම් කළ බව රම්‍යා ඔවුන්ට පැවසුවත්, “ඒකෙන් අපට කමක් නැ ත” යනුවෙන් සටන්කාමීන් පැවසීය. “අපේ නායකයින් අපට නියෝග කළා ඔබෙන් රුපියල් 50,000 ක් ගන්න කියලා.
අපි හෙට මෙතැනට එනවා. මුදල් සූදානම් කර ගන්න.” ඔවුන් තවදුරටත් පැවසීය. ඊළඟ දවසේ ඔවුන් රෑ 9.30 ට පැමිණ මුදල් රැගෙන ගියා. මෙවන් කප්පම් ඔවුන් පාවිච්චි කළේ අ වි ආ යු ධ ලබා ගැනීම වෙනුවෙන්. 1987 – 1989 කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් දේශපාලනඥයින් සතු වාහන 113 ක්, පොලිස් නිලධාරීන්ගේ නිවාස 76 ක්, ඉන්දියානු ව්‍යාපාරිකයින්ගේ විවිධ නිවාස, සී ටී බී බස් 553 ක්, සී ටී බී ඩිපෝවක් සහ සී ටී බී වැඩපොළක් විනාශ කරන ලදී. එය විවිධ විදේශ ඉදිකිරීම් ව්‍යාපෘති පවා වි නා ශ කළේය.
මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණ විසින් දුම්රිය 16 ක්, දුම්රිය මාර්ග 12 ක් සහ දුම්රිය ස්ථාන 24 ක් වි නා ශ කළහ. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් විදුලි ට්‍රාන්ස්ෆෝමර් 132 ක්, කුලුනු 13 ක්, විදුලි රැහැන් 69 ක්, විදුලි බලාගාර දෙකක්, විදුලි මීටර 25 ක් සහ විදුලි උප මධ්‍යස්ථාන නවයක් ක ඩා ක ප් ප ල් කර වි නා ශ කර දැමීය.
මෙම කාල සීමාවේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ ප්‍රධාන පෙලේ වි නා ශ කා රී මෙහෙයුම් පහත දැක්වේ.
1987 – පල්ලෙකැලේ යුද්ධ හමුදා කඳවුරට එල්ල කළ ප්‍ර හා ර ය, 1987 – පාර්ලිමේන්තුවට එ ල් ල කළ ග්‍රෙ නේ ඩ් ප්‍ර හා ර ය , 1987 – කල්ලාරු යුද්ධ හමුදා කඳවුරට එ ල් ල කළ ප්‍ර හා ර ය, 1987 – කල්ලාරු ඉන්දීය සාමසාධක කඳවුරට එල්ල කළ ප්‍ර හා ර ය, 1987 – කොතලාවල ආරක්ෂක ඇකඩමියට එල්ල කළ ප්‍ර හා ර ය, 1987 – කටුනායක ගුවන් හමුදා කඳවුරට එල්ල කළ ප්‍ර හා ර ය, 1987 – බෝගම්බර සිර කඳවුරට එල්ල කළ ප්‍ර හා ර ය, 1988 – කටුනායක ගුවන් හමුදා කඳවුරට එල්ල කළ ප්‍ර හා ර ය, 1988 – පන්නල සහායක හමුදා පුහුණු කඳවුරට එල්ල කළ ප්‍ර හා ර ය, 1988 – කුඹුක යුද්ධ හමුදා කඳවුරට එල්ල කළ ප්‍ර හා ර ය, 1988 – මැගසින් බන්ධනාගාරයට එල්ල කළ ප්‍ර හා ර ය, 1989 – පන්නල සහායක හමුදා පුහුණු කඳවුරට එල්ල කළ ප්‍ර හා ර ය, 1989 – පනාගොඩ යුද්ධ හමුදා ජනපදයට එල්ල කළ ප්‍ර හා ර ය, 1989 – ශ්‍රී දළදා මාලිගයට එල්ල කළ ප්‍ර හා ර ය, 1989 – කොළඹ පොලිස් බලකා මුලස්ථානයට එල්ල කළ ප්‍ර හා ර ය,
මෙම අති මහත් ජාතික අ ප රා ධ ය න් ට අමතරව මෙම වකවානුව තුළදී ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් අමු අමුවේ ඝා ත න ය කරන්නට යෙදුණ බෞද්ධ යතිවරයන්වහන්සේලා 41 ක් නමකි. කතෝලික පූජකවරුන් දෙනමකි. ආරක්ෂක හමුදාවන්හි සහ පොලිසියේ සාමාජිකයන් 6000 ස ඉක්මවයි. 1987 – 1989 කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ භී ෂ ණ සමය තුළදී විනාශ කළ මහජන දේපළ රුපියල් බිළියන ගණනකි.
සිය දේශපාලන ව්‍යාපාරය ආරම්භයේ සිටම මෙරටට මහත් වූ ජාතික ව්‍යසනයක් වූ ජනතා විමුක්ති පෙරමුණ අද අප මුහුණ දී ඇති කොරෝනා වසංගතයේදී ද රටත් ජනතාවත් පීඩාවට පත් කරන්නට ඔවුන්ගේ වෘත්තීය සමිති යොදවමින් පසුගිය කාලය පුරාවටම ගෙන ගිය වැඩ වර්ජන, උද්ඝෝෂණ, පිකටින් ආදියේ අ භා ග්‍ය ස ම් ප න් න ප්‍රතිඵල මුළු මහත් ශ්‍රී ලාංකික ජාතිය මතම බ ලෙ න් පටවා ඇත. එම වි කා ර රූ පී අ ම න ක්‍රියාවන්හි ප්‍රතිඵල ලෙස දැන් කො වි ඩ් ව්‍යාප්තිය සී ඝ්‍ර යෙ න් වර්ධනය වෙමින් පවතී.
දෛනික ආ සා දි ත ය න් ගණන 4000 සට ආසන්න වී ඇත. දෛනික ම ර ණ ගණන 200 ට ආසන්න වෙමින් පවතී. ජු ගු ප් සා ජ න ක හැඟීම් වලින් යුතුව කිසිදා සඵල නො වන සිය දේශපාලන සිහින සපුරා ගන්නට මහජනතාව බි ල් ල ට දෙමින් අදත් පෙරමුණ ගෙන සිටින්නෝ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන හෙ න් ච යි ය න් ය. 1971 සිට අදටත් ශ්‍රී ලාංකික ජාතියේ නිරන්තර සාපයට ලක්වන ජවිපාවුන් කාලකණ්නි, කුජිත, අමන රැලක් නො වේ නම් වෙන කවුරුන්ද?
පන්හිඳ කමල් ගමගේ ගෙනි.