Oct
21

ආර්යන් ඛාන් බැලීම් සඳහා අද ශාරුක් ඛාන් ඔහු රදවා සිටින මුම්බායි සිරගෙදරට – (PHOTOS)

 
1090 Views
   
 

ම_ත්_ද්ර_ව්_ය සම්බන්ධ චෝදනාවක් හේතුවෙන් ඉන්දීය ම_ත්_ද්ර_ව්_ය නාශක කාර්යාංශ අත් අඩංගුවේ පසුවන සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ගේ පුත්රයා වන ආර්යන් ඛාන් බැලීම් සඳහා අද ශාරුක් ඛාන් ඔහු රදවා සිටින මුම්බායි සිරගෙදර වෙත ගිය බව ඉන්දීය මාධ්ය වාර්තා කළා.

ආර්යන් ඛාන් රඳවා සිටින ඉන්දියාවේ මුම්බායි හි අතුර් හි පිහිටා ඇති බන්ධනාගාරය අවට ශාරුක් ඛාන් පැමිණෙන තුරු ඉන්දීය ජනමාධ්යවේදීන් රැස් කමින් සිටි බවයි වාර්ථතා වන්නේ. 

මේ හේතුවෙන් සිය පුත්රයා බැලීමට ගිය සුපිරි හොලිවුඩ් තරුවට දැඩි අපහසුතාවකට මුහුණ දීමට සිදු වූ බවත් පැවසෙනවා. සිය පුත්රයා ම_ත්_ද්ර_ව්_ය සම්බන්ධ චෝදනාවකට හසුව ඉන්දීය ම_ත්_ද්ර_ව්_ය නාශක කාර්යාංශයේ අත් අඩංගුවට පත්වීමෙන් අනතුරුව ෂාරුක් ඛාන් මසකට පමණ පසුව ප්රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාව මෙයයි. 

මෙම සිද්ධියත් සමඟ ඔහු සියලු රූගත කිරීම් සහ ඔහුගේ සෑම බාහිර ක්රියාකාරකමක්ම තාවකාලිකව අත්හිටවූ අතර මාධ්ය හමුවේ පෙනී සිටීමෙන් සහ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් ප්රකාශ කිරීමෙන්ද වැළකී සිටියා. 

මේ අතර සිය පුත්රයා බැලිීම සඳහා බන්ධනාගාරය වෙත ගිය ශාරුක් ඛාන් හට ජනමාධ්යවේදීන් ගෙන් එල්ල වූ හිරිහැර සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම ඔස්සේ අදහස් දැක් වූ තවත් සුපිරි බොලිවුඩ් තාරකාවක් වූ පූජා භාත් කියා සිටියේ එය කිසිසේත් සිදු විය යුත්තක් නොවන බවයි. 

එමෙන්ම ඇය එම පණිවිඩය හරහා ඉන්දීය ජනමාධ්යවේදීන්ගෙන් ඉල්ලීමක්ද සිදු කරමින් කියා සිටියේ ශාරුක් මේ මොහොතේ මුහුණ දී ඇති තත්ත්වය අවබෝධ කරගෙන ඔහුට තවදුරටත් බාධා නොවන අයුරින් කටයුතු කරන ලෙසයි. 

මේ අතර ආර්යන් ඛාන් හට ඇප ලබාදෙන දෙන ලෙස ඉල්ලා සිටිමින් ඔහුගේ නීතිඥයන් සිදු කළ ඉල්ලීම ප්රතික්ෂේප කළ මුම්බායි අධිකරණය කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ලබන විසි 25දා කැඳවන නඩුවාරයේදී සලකා බලන බවයි. 

එමෙන්ම මෙම චෝදනා සම්බන්දයෙන් ඔහු සමඟම අත් අඩංගුවට ගැනුණු අර්බාත් මර්චන්ට් සහ මන්මූන් ධමේචා ගේ ඇප අයදුම්පත්ර ද ලබන 26 වැනිදා සලකා බලන බවයි මුම්බායි අධිකරණය පවසා සිටියේ.

01.

02.

03.

04.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්