Feb
18

” මට නිවුන් දරුවන් ලැබුනාය කියල වැරදි නිව්ස් යනවා ” සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙන අසත්‍ය ප්‍රචාරයන්ට දමිතා පිළිතුරු දෙයි

 
1299 Views
   
 

ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ මේවෙනකොට ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පීන්, ශිල්පිනියන් රැසක් සිටිනවා. ඇත්තෙන්ම එලෙස ඉන්න ශිල්පීන් ශිල්පිනියන් අතරින් දමිතා අබේරත්න කියන්නේ සිය ජනප්‍රියත්වය එදා වගේම අදටත් එකම ලෙසින් තබාගෙන ඉන්න චරිතයක්. ඒ බව නොරහසක් ඇත්තෙන්ම ඇය සතු පුදුමාකාර රංගන හැකියාව නිසාවෙන්ම ඇය බොහොමයක් ප්‍රේක්ෂකයින් අතර නිරන්තරයෙන් කතාබහට ලක්වන චරිතයක් බවට පත්ව තිබෙනවා

කොහොම නමුත් පුංචි තිරය තුල ඉහලම ජනප්‍රියත්වයක් උසුලන අතිදක්ෂ කලා තරුවක් වෙන දමිතා පිළිබඳ පසුගිය කාලයේ සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇතිව තිබුණා. ඒ ඇය මෑතකදී උතුම් මව් පදවියට ලැබීමට සූදානමින් පසුවෙනවා කියල අසත්‍ය ප්‍රචාරයන් කිහිපයක් හුවමාරු වීමත් සමගයි. ඇත්තෙන්ම ෆේස්බුක් ඔස්සේ විවිධ පෝස්ට් ද යූටියුබ් ඔස්සේ වීඩියෝ ද මේ විදිහට හුවමාරු වෙමින් තිබුණා

කෙසේවෙතත් එලෙස සමාජ ජාලා මාධ්‍ය තුළ සීඝ්‍රයෙන් හුවමාරු වු ප්‍රචාරයන් අතර වඩාත්ම සාවද්‍ය පුවතක් බවට පත්වුනේ ඇය නිවුන් දරු උපතක් සිදු කිරීමට නියමිතව සිටින බවත් මේ දිනවල ඊට ඇය සූදානම් වන බවත් ය. මේ විදිහට හුවමාරු වු සටහන් දැකපු ලාංකිකයන් රැසක් ඇයට සුභපැතුම් එක් කිරීමටයි කටයුතු කර තිබුනේ. ඒ බව සමාජ මාධ්‍ය පරිශීලනය කරන අපට දැකගන්නට ලැබුණා

ඉතින් මේ විදිහට හුවමාරු වු අසත්‍ය ප්‍රචාරයන් සම්බන්ධයෙන් දමිතා පසුගියදා සුවිශේෂ අදහස් දැක්වීමක නිරතව තිබුණා. ඒ මෙලෙසයි ” මම අම්ම කෙනෙක් වෙන්න ආසාවෙන් සිටින කාන්තාවක්. මට ලැබෙන්න තියෙනවා නම් ලැබෙයි. මේක වැරදි ආරංචියක්. මිනිසුන් මැරෙන උපදින එක ,මව් පදවිය ලැබීම වැනි පෞද්ගලික දේවල් විහිළු නෙවෙයි. ඒ දේවල් අතිශය සංවේදී කාරණාවන්. මිනිසුන් ගැන මේ වගේ දේවල් පල කරන්න කලින් ටිකක් හොයලා බලන්න

පසුගිය කාලයේදී මේ වගේ වැරදි ආරංචි නිසා කී දෙනෙක් නම් මරලා තියෙනවද. මේවායෙන් හම්බකරගෙන කන අයට නම් යාදෙන්නේ නැහැ. මේ වගේ ආරංචි පතුරවන්නෙ මා ගැන නොදන්න ම අය නෙවෙයි.කලකට පසුව මට වැඩ ලැබෙන කොට ඒකට අකමැති අයගේ වැඩ වෙන්න ඇති. කවුරුහරි මේ වගේ දෙයක් දැම්මහම ඒක කොපි කර කර තව තව දේවල් එකතු කර කර දානවා. හොඳ මාධ්‍යවේදීන් ඉන්න රටක සමාජ මාධ්‍යවේදීන් තමන්ගේ හිතුමතයට මේ වගේ දේවල් කරනවා.මිනිසුන් ඒ වගේ පහත් දේවල් කරන්න පෙළඹෙන්නෙ ඇයි කියන්න තේරෙන්නේ නැහැ.” කියලයි

ඉතින් මේ ආකාරයට ඇය සිය අදහස් ප්‍රකාශ කර තිබුනේ ෆේස්බුක් සජීවී වීඩියෝවක් හැටියටයි. කොහොම උනත් මේ විදිහට අදහස් දක්වපු ඇගේ ඉදිරි බලාපොරොත්තු සියල්ල වගේම කලාකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල වගේම ඒ සදහා ශක්තිය ධෛර්ය ලැබේවා කියල ඇයට අපි හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්