Sep
26

දැනටමත් වයස අවුරුදු 30 ට වැඩි සෑම දෙනාටම පාහේ සම්පූර්ණයෙන්ම එන්නත ලබා දී අවසන්

 
537 Views
   
 

සැප්තැම්බර් 22 දා නිව්යෝර්ක් හි පැවති එක්සත් ජාතීන්ගේ 76 වන සැසිවාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ සංවර්ධනය වෙමින් පවතින රටක් වුවද, ශ්‍රී ලංකාව සිය එන්නත්කරණ වැඩසටහන ඉතා සාර්ථකව සිදු කර ඇති බවයි. “අපි දැනටමත් වයස අවුරුදු 30 ට වැඩි සෑම දෙනාටම පාහේ සම්පූර්ණයෙන්ම එන්නත ලබා දී අවසන්. ඔක්තෝබර් මාසය අවසන් වන විට වයස අවුරුදු 20 ට වැඩි සෑම දෙනාටම පූර්ණ එන්නත ලබා දෙන්නට කටයුතු කරනුනෙමු. නුදුරු අනාගතයේදීම අපි අවුරුදු 15 ට වැඩි දරුවන්ට ද එන්නත් ලබා දීම ආරම්භ කරන්නෙමු. සෞඛ්‍ය සේවකයින්, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් නිලධාරීන්, රජයේ සේවකයින් සහ තේරී පත් වූ නිළධාරීන් අතර සම්බන්ධීකරණ උත්සාහයන් හේතුවෙන් එන්නත් ලබා ගැනීමේ වේගවත් ප්‍රගතිය සාර්‍ථක විය” වසංගතය පාලනය කිරීම සඳහා ද්වීපාර්ශ්වික හා බහුපාර්ශ්වික පරිත්‍යාගශීලීන් විසින් සපයන ලද මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර වලින් ද ශ්‍රී ලංකාව විශාල ප්‍රයෝජන ලබා ගත් අතර එම ජාතීන්ට සහ ආයතනවලට ත්‍යාගශීලී වීම ගැන ස්තූති කළේය. පවතින අර්බුදය හමුවේ ගෝලීය සහයෝගිතාවය ඉහළ යාම දිරිගන්වන සුළු බව ඔහු පැවසීය. වසංගතයේ ආර්ථික බලපෑම, විශේෂයෙන් ම සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි ලෙස බලපා ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. මෙය 2030 තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වූ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සැලකිය යුතු ලෙස අවදානමට ලක් කර තිබේ.

“සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට ආධාර කිරීම සහ මෙම අවිනිශ්චිත තත්වයෙන් ගොඩ ඒමට උපකාර කිරීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයන් තුළින් සංවර්ධන මූල්‍යකරණය සහ ණය සහන ඇතුළු තවත් බොහෝ ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යයි.” වසංගතයේ ප්‍රතිවිපාක මනුෂ්‍යත්වයට කෙතරම් විනාශකාරී ද යත්, ඉදිරි දශක කිහිපය තුළ දේශගුණික විපර්යාසයන්ගේ ඊටත් වඩා විශාල අභියෝගයට ලෝකය මුහුණ දීමට සිටින බවද ජනාධිපතිතුමා පැවසීය. දේශගුණික විපර්යාසයන්ට ගොදුරු විය හැකි රටක් වශයෙන් ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසයන්ගේ අනතුරු ගැන හොඳින් දනී. බුද්ධ දේශනාවන්හි ගැඹුරින් මුල් බැස ගත් ශ්‍රී ලංකාවේ දාර්ශනික උරුමය පාරිසරික අඛණ්ඩතාව රැක ගැනීමේ වැදගත්කම අවධාරණය කරන බව ජනාධිපතිවරයා පැවසීය. කොවිඩ් 19 තුළින් ඉගෙන ගත් පාඩම් හුවමාරු කර ගැනීමට සහ රටවල් යහපත් ලෙස ගොඩනැගීමට සහයෝගය දැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමඟ එක්ව ශ්‍රී ලංකාවේ කොළඹ කලාපීය දැනුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට යෝජනා කළේය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්