Mar
13

” මගේ පුතා සහ සැමියා අදටත් ඉන්නේ හොංකොං වල, අවුරුදු දෙකකින් විතර මම ඔවුන්ව දැකලා නැහැ” ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ

 
1054 Views
   
 

මෙරට ගායන ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්වෙමින් ලංකාවේ අපේ සංගීත ක්ෂේත්‍රය ජාත්‍යන්තරය තුළ ඔසවා තැබු දක්ෂ ගායන ශිල්පිනියක් තමයි උමාරා සිංහවංශ කියල කියන්නේ. කොහොම නමුත් මේවෙද්දී උමාරා වගේම ඇගේ සහෝදරියත් මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබෙනවා. ඇගේ සහෝදරිය තමයි උමාරියා සිංහවංශ. ඇත්තෙන්ම ඇයත් මේවෙනකොට සිය සහෝදරිය උමාරා වගේම ඉහළ ජනතා ආකර්ෂණයක් හිමිකරගෙන තිබෙනවා

කොහොමහරි ඉතින් උමාරා වගේම උමාරියත් මේවෙද්දී සංගීත ක්ෂේත්‍රය තුළ මේවෙනකොට ඉතාමත් කාර්‍යබහුලයි. ඒ කොහොම වෙතත් පසුගිය කාලයේ සමාජ ජාලා මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතාබහට ළක්වන චරිතයක් බවට උමාරා පත්ව තිබුණා. ඊට හේතුව වෙන්නේ ළමා හිංසනය වැළැක්වීම සඳහා ඔවුන් ක්‍රියාත්මක කළ එක්තරා වැඩසටහනක්. ඉතින් එම වැඩසටහන අතරතුර උමාරා ඇගේ ජීවිතයේ පෞද්ගලික කරුණක් අතිශය සංවේදී වෙමින් හෙලිකර තිබුණා

ඒ තමයි ඇයටත් ඉන්නවා ආදරණීය පුතෙක්. නමුත් ඔහු ඔටිසම් කියන රෝගී තත්ත්වයෙන් පෙළෙන විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක්. ඉතින් එක්තරා අවස්ථාවකදී යූටියුබ් නාලිකාවකට අදහස් දක්වමින් උමාරා කියා සිටියේ මේක රෝගී තත්ත්වයක් නෙවෙයි කියලයි

ඒ කොහොම උනත් මේවෙද්දී සාර්ථකව ජීවිතය ගත කරන්න උත්සහ කරන උමාරා හැදී වැඩෙන්නේ පුංචි කාලයේ ඉදලම විදෙස් රටකයි. ඇත්තෙන්ම පුංචි කාලයේ ඉදලම හීන මවන්නේ කවදාහරි දවසක ජනප්‍රිය ගායිකාවක් වෙන්නයි. කොහොම නමුත් ඇගේ ඒ හීනය මේවෙනකොට ඇය සාර්ථකව සැබෑවක් බවට පත් කරගෙන තිබෙනවා. කෙසේවෙතත් පහුගිය දවසක උමාරා ඇගේ ආදරණීය සැමියා සහ දරුවා පිලිබද අදහස් දක්වලා තිබුණා. එහිදී ඇය කියල තිබුනේ මෙහෙම කතාවක්

“මගේ සැමියා හැම මොහොතකම ඔයාට මේක කරන්න පුළුවන් කියලා මාව හැමදාම ධෛර්යමත් කළා. අද මගේ ලොකුම හයිය පුතා සහ සැමියා. මම කාලයක් හොංකොං වල හිටියේ අදටත් මගේ පුතා සහ සැමියා ඉන්නේ හොංකොං වල. අවුරුදු දෙකක විතර මම ඔවුන්ව දැකලා නැහැ. නමුත් මේ හැම වැඩකදීම එයාලා මාව ධෛර්යමත් කරනවා. ඔවුන්ගේ ශක්තිය නිසා මම මගේ වැඩකටයුතු වැඩ කටයුතු හොඳින් කරගෙන යනවා. “

ඒ කොහොම උනත් උමාරා වසර හතක් තිස්සේ හොංකොං වල සංගීතය හදාරනවා. ඉතින් ඇගේ ඒ සියලු දක්ෂතාවන් සමගින් තමයි උමාරා සිංහවංශ කියන මේ රටම ආදරය කරන ගායිකාව බිහිවෙන්නේ. කොහොමහරි මේවෙනකොට ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් ඇයට ඇගේ ඉදිරි වැඩකටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට හැකියාව ලැබේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්