Feb
22

රටම හඩවා අප අතරින් වෙන්ව ගිය ජනප්‍රිය රංගන ශිල්පී චන්ද්‍රසිරි මහතාගේ ආදරණීය බිරිඳ කියන සංවේදී කතාව

 
7858 Views
   
 

මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත්ව හිටපු දක්ෂ රංගන ශිල්පියෙකු තමයි සරත් චන්ද්‍රසිරි කියල කියන්නේ. ඇත්තෙන්ම ඔහුව අපට වේදිකාව ජයගෙන කලා ලෝකයට පැමිණි දක්ෂ රංගන ශිල්පියෙකු ලෙස හදුන්වන්න පුලුවනි. කොහොම නමුත් සම්මාන රැසකින් පිදුම් ලත් ඒ මහතා මීට මාස දෙකකට පමණ පෙරදී අපි අතරින් සදහටම සමු අරගෙන මේ ලෝකයෙන් යන්නම යනවා. ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ ඒ මහතාගේ ජීවිතයේ අපි මීට කලින් අහපු නැති කතාවකුයි

කෙසේවෙතත් කලාව තුළ නොමැකෙන නමක් සටහන් කළ ඒ මහතා ගතකෙරූ සුන්දර ජීවිතය ගැන වගේම ඔහු අසනීප වීමට හේතුව පිළිබඳව පුවත් පතකට ඒ මහතාගේ ආදරණීය බිරිඳ අදහස් දක්වලා තිබුණා. ඒ මෙලෙසයි

” ඇත්තටම එයා හොරු අරන් ගියා වගේ. සෑහෙන කාලෙක ඉඳලා අධි රුධිර පීඩනයට බෙහෙත් බිව්වා. රූපගත කිරීම්වලට ගිහාම නිසි වේලාවට බෙහෙත් ගැනීම අතපසු කරගෙන තියෙනවා. එයා අසනීප වෙන්න දවස් කීපයකට කලින් නිවසින් එළියට ගියා. ඊට පස්සේ ගෙදර ඇවිත් රාත්‍රියේ නිදාගෙන ඉන්නකොට ම එකපාර සද්දයක් ඇහිලා මම බයවෙලා නැගිට්ටා සද්දේ මොකක්ද කියලා අහපුවාම එයා මට කිව්වේ මම ෆෑන් එක පැටලිලා බිම වැටුනා කියලා

ඊට පස්සේ අවුලක් නෑ කියලා එයා බාත් රූම් එකට ගිහින් ඇවිත් නිදාගත්තා. පහුවදා උදේ අතක ඇඟිල්ලක් ඉදිමිලා තිබුණා ඒ පැත්ත කම්බුලත් බරයි කියලා කිව්වා අපි ඩොක්ටර් කෙනෙක් ළඟට යමු කියලා කියනකොට එයා ඕනි නැහැ කියලා කිව්වා.”

ඉතින් මේ විදිහට අදහස් දක්වපු ඇය කියන්නේ සරත් චන්ද්‍රසිරි මහත්මයා වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබාගන්න ප්‍රතික්ෂේප කරත් මම සහ දුව මැදිහත් වෙලා ඔහුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා අරගෙන ගියා කියලයි. මේ විදිහට ප්‍රථිකාර ගන්න ගිහින් ප්‍රෙෂර් චෙක් කරලා වෛද්‍යවරයා ලගින් එන්න හදද්දිම එයාගේ එක කකුලක් හිරි වැටිලා තියෙනවා. පස්සේ එහෙම්මම හොරණ ඉස්පිරිතාලෙට එක්කන් ගිහින් ඔහුව රෝහලේ නතර කළා. පස්සේ බලන්න යද්දි ඔහුට ලොකු අමාරුවක් තිබුනේ නැහැ කියලයි

නමුත් පැරලයිස් වෙනවට ගහන එන්නතක් විඳින්න අත්සනක් දාන්න එන්න කියලා රෝහලෙන් ඔහුගේ නිවසට දැනුම් දීලා තිබෙනවා. ඉතින් ඒ ගැන ඇය මතකය අවදි කලේ මෙලෙසයි

” අපි රෝහලට යනකොට එයා එන්නත අරගෙන තිබුණා ඊට පහුවෙනිදා එයට හොඳටම අමාරු උනා. අපි සරත්ව කොළඹ මහ රෝහලට මාරු කර ගත්තා. මෙහෙන් අරගෙන යද්දි ඇස් දෙක වහගෙන මයි හිටියේ. කොළඹ මහ ඉස්පිරිතාලේ දැඩි සත්කාර ඒකකයේ දවස් දවස් විසි එකක් විතර ඔහු හිටියා. වසංගත රෝග කාල සීමාව වුණත් උනත් අපිට එක්කෙනෙක්ට ඔහුව බලන්න යන්න අවස්තාව දුන්නා. සමහර දවසට අත හෙල්ලුවා කකුල් හෙල්ලුවා දොස්තර මහත්වරු කිව්වා එයාට අපි කියන දේ ඇහෙනවා කතා කරන්න කියලා. ඒත් එයා ඇස් ඇරලා බැලුවෙ නැහැ. දවස් විසි දෙකකට පස්සේ එයා අපිව දාලා යන්නම ගියා.”

කොහොමහරි ඉතින් කලා ලෝකයේ බොහෝ දෙනෙක් කලාව කරන මිනිස්සුන්ට ජීවත් වෙන්න බැහැ කියලා චෝදනා කරන සමයක ඒ මහතා කිව්වේ කවුරු මොනවා කිව්වත් මම කලා ලෝකය තුළින් මගේ ජීවිතය සාර්ථක කර ගත්තා කියන කතාවයි. ඇත්තෙන්ම වර්තමානය වෙද්දී ඔහු මෙරට කලා ලෝකය තුළ නොමැති වුණත් එතුමා ඉතිරිකර ගියපු ඒ සුන්දර මතක අදටත් හෙටටත් අපේ මතකයෙන් රැදී තිබෙනවා නොඅනුමානයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්