Jan
27

හාද්දක් ගිය දුර

 
1118 Views
   
The-distance-a-kiss-went  

ප්‍රකට බොලිවුඩ් නිළි ශිල්පා ශෙට්ටි ට එරෙහිව එල්ල කර තිබු “අසභ්‍ය ලෙස හැසිරීම” සම්බන්ධ චෝදනාවෙන් ඇයව නිදහස් කිරීමට ඉන්දීය අධිකරණයක් නියෝග කර තිබේ.

2007 වසරේදී අමෙරිකානු නළුවෙක් වන රිචර්ඩ් ගිය, ඒඩ්ස් ගැන දැනුවත් කිරීමේ වැඩසටහනකදී වේදිකාව මතදී ශේට්ටි ව සිප ගෙන තිබුණි.

රිචර්ඩ් පවසා තිබුණේ සිප ගැනීමෙන් ඒඩ්ස් නොසෑදෙන බව පෙන්වීම සඳහා තමා ශිල්පා ශේට්ටිව සිප ගත් බවය. තමා එම සිදුවීම සම්බන්ධයෙන් කණගාටු වන බව පසුව ඔහු පැවසීය.

එම සිද්ධියෙන් අනතුරුව හින්දු දැඩි මතධාරීන් විරෝධතා පැවැත්වූ අතර ඔවුන් එම සිදුවීම හඳුන්වූයේ ඉන්දීය ආචාරධර්මවලට කළ අපහාසයක් ලෙසය.

ප්‍රසිද්ධියේ සිප ගැනීම තහනම් දෙයක් ලෙස සමහර ඉන්දියානුවෝ සලකති.

එම සිද්ධියෙන් අනතුරුව ඉන්දීය පොලීසිය අමෙරිකානු නළුවාට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත්කළ අතර එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉවත දැමීය.

ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ “ලාභ ප්‍රසිද්ධියක්” බලාපොරොත්තුවෙන් එම නඩුව ගොනුකර ඇති බවය.

නමුත් ශෙට්ටි ට එරෙහි නඩුව වසර 15ක් පුරා ඇදී ගිය අතර අවසානයේදී මුම්බායි අධිකරණය විසින් ඇයව නිදහස් කර තිබේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්