Dec
28

“වාසු – විමල් – උදය කැබිනට්ටුවෙන් ඉවත් කරන්න මට අදහසක් නෑ” – ජනපති

 
1673 Views
   
 

සාමූහික වගකීමක් තුළ ඉන් ව්යුක්ත මතයක් දැරූ පමණින් තම ආණ්ඩුවේ කැබිනට් අමාත්ය ධූර දරන අමාත්යවරුන් තිදෙනෙකු වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්යවරුන් ඔවුන්ගේ අමාත්ය ධූරවලින් ඉවත් කිරීමට තමන්ට කිසිදු අවශ්යතාවක් නැතැයි ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

පුවත්පත් කර්තෘවරුන් සමග ජනාධිපති නිල නිවෙසේදී ඊයේ (දෙසැ. 27දා) පැවැති හමුවකදී ජනාධිපතිවරයා මේ බව අනාවරණය කළේ මාධ්ය ආයතන ප්රධානියෙකු නැඟූ ප්රශ්නයකට පිළිතුරු දෙමිනි.

සාමූහික වගකීමක් තුළ එහි ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් වෙනස් මතයක් දරන්නේ නම් එය කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් සිටිය ද නොකර ඉන් ඉවත් වී ඒ වෙනුවෙන් පෙනී සිටීම වඩාත් සුදුසු බව තම අදහස බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

ඉකුත් ප්රේමදාස ආණ්ඩු සමයේ ද සාමූහික වගකීම කඩකිරීම සම්බන්ධයෙන් ලලිත් ඇතුලත්මුදලි සහ ජී.එම්. ප්රේමචන්ද්ර යන අමාත්යවරුන්ට එරෙහිව මාක් ප්රනාන්දු විනිසුරුවරයා විසින් නඩු තීන්දුවක් ද ලබා දී ඇති බව ද එහිදී ජනපතිවරයා සිහිපත් කළේ ය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්