Jun
13

සාගරගේ පිස්සු කතා – එන්න විවාදයකට (වීඩියෝ)

 
1281 Views
   
 

ඉල්ලා අස් විය යුත්තේ තමන් නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ලේකම් සාගර කාරියවසම් බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.ඒ විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් .

අගමැතිවරයාගේ ඡායාරුපය සහිත ලිපි ශීර්ෂය යොදා ගනිමින් මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම බරපතල තත්වයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම බලශක්ති අර්බුදයට වගකිව යුත්තේ තමන් යැයි ඔප්පු කල හැකි නම් ප්‍රසිද්ධ මාධ්‍ය විවාදයකට පැමිණෙන ලෙසද අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ආරාධනා කළා.

මෙම ගැටලුව සම්බන්ධයෙන් තමුන් සමග ජනාධිපතිවරයා සහ අගමැතිවරයාද දුරකථන මාර්ගයෙන් සාකච්චා කල බවද ඔහු මාධ්‍ය හමුවේදී කියා සිටියා. මෙම මාධ්‍ය හමුවට කෙටි වෙලාවකට පෙරද ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමුන්ට කෙටි පණිවිඩයක් යොමු කර තිබු බවද ඔහු සඳහන් කළා.

එහි අන්තර්ගතය සම්බන්ධයෙන් තමුන් නොව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රකාශ කරනු ඇති බවයි අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ.

තමා සිදුකළේ සමස්ත ආණ්ඩුව ගත් තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීම පමණක් බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේ.

ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා සෘජුව වගකිවයුතු බැවින් එහි සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළ කරුණු පිළිබඳව පිළිතුරු දෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඒ බව කියා සිටියා. අදාළ මාධ්‍ය සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව පහතින්.

 

newday.lk

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්