Jun
7

කිම් ජොන්ග්ගේ අලුත්ම තීරණය

 
1374 Views
   
 

විදේශීය චිත්‍රපට, මොස්තර සහ ඇඳුම් සහිත වැඩසටහන් විකාශය කිරීම වළක්වමින් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් නව තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. උතුරු කොරියානුවන් බාහිර ලෝකයේ තොරතුරු ලබා ගැනීම වැළැක්වීම, එහි අරමුණයි. තරුණයින්, වෙනත් රටවල සංස්කෘතීන් වැළඳ ගැනීම වැළැක්වීම සඳහා උතුරු කොරියානු නායකයා එම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

විදෙස් රටවල සිනමා පට සහ DVD පට නරඹන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා කිම් ජොන් උන්ග් විශේෂ ඒකකයක් ද පිහිටුවා තිබේ. කොරෝනා වසංගතයත් සමග දේශ සීමා වසා දැමීම හේතුවෙන් උතුරු කොරියානුවන් තවදුරටත් හුදකලා වී ඇත්තේ වෙළෙඳ සබඳතා ද නතර කිරීමත් සමගයි. කිම් ජොන්ග් උන් ආරම්භ කර ඇති අවි නොමැති යුද්ධය හේතුවෙන් එරට වැසියන් අතිශය දුෂ්කර ජීවිත ගත කරමින් සිටින බව විශ්ලේෂකයින් පෙන්වා දෙති. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, නිල වශයෙන් වාර්තා නොකළ ද උතුරු කොරියානුවන් දහස් ගණනක් කුසගින්නේ පසුවන බවය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්