Jan
3

ලංකාව බංකොලොත් වෙයිද ?

 
1200 Views
   
 

2020 ඍණ වූ ආර්ථිකය 2021 ප්රථම භාගයේ +8%කවර්ධනයක් 2021 වර්ෂයේ +3.3%ක වර්ධනයක් ඇතිවීමට බලපෑවේ රජය හා මහ බැංකුව විසින් පුළුල් පරාසයක විහිදුනු ව්යාපාර හා පුද්ගලයින් වෙත ලබා දෙන ලද සුවිශේෂී ප්රතිපත්ති උත්තේජන, දීප ව්යාප්ත එන්නත්කරණ වැඩ සටහන හා සමගාමීව තෝරාගත් සංචරණ සීමා ක්රමයෙන් ඉවත් කිරීම සහ ගෝලීය ආර්ථික ක්රියාකාරකම් සාමාන්ය තත්ත්වයට පත්වීමය.

එසේම ව්යාපාර හා පුද්ගලයින් වෙත ලබා දුන් විශාල පරිමාණයේ ණය සහන 2021 වසරේ දී තවදුරටත් ලබා දුන් අතර එමගින් වසංගත ව්යාප්තියේ රැඳී කිහිපයක් මධ්යයේ ආර්ථිකයේ පාර්ශ්වකරුවන් මුහුණ දුන් මුල්ය ප්රවාහ අවහිරතා මගින් ඈත් කළ බලපෑම් යම් තාක් දුරට සුමටනය කිරීමට උපකාරී විය.

2021 දී වෙළෙඳපොළ පොලී අනුපාතික ඉතිහාසයේ පැවැති අඩුම මටම දක්වා පහළ ගිය අතර එමගින් ආර්ථිකය යළි නඟා සිටුවීමට අවශ්ය ආයෝජන සඳහා පහසුකම් සලසමින් ව්යාපාර හා පුද්ගලයින් වෙත ණය ලබා දීම සිදු වීම රජයට ද ණය, ලබාගෙන කටයුතු කිරීමට එය රුකුලක් විය.

මෙහි ප්රතිඵලයක් වශයෙන් ශ්රී ලංකාවේ 2020 වර්ෂයේ 5.5%ක් වූ විරැකියා අනුපාතිකය 2021 වසරේ පළමු කාර්තුවේදී 5.7%ක් දෙවන කාර්තුවේදී 5.1% ලෙස 2021 වසරේ පළමු භාගය තුළ 5.4%කින් ද වර්ෂය තුළ 6%කට වඩා අඩු මට්ටමකින් තබා ගැනීමට හැකිවීම සුවිශේෂ සිදුවීමකි.

2020 වසරේ 6..2%ක් වූ උද්ධමන වේගය 2021 ප්රථම භාගයේ 5.4%කට අඩු කර ගැනීමට හැකි වුවත් ඉන් අනතුරුව ප්රධාන වශයෙන් ආහාර කාණ්ඩයේ උද්ධමනය 2021 ඔක්තෝබර් මාසයේදී 11.7%ක් 2021 නොවැම්බර් මාසයේ දී 16.9%කින් ඉහළ ගිය අතර එහි ප්රතිඵලයක් වශයෙන් වාර්ෂික සාමාන්ය පදනම මත 2021 නොවැම්බර් උද්ධමනය 6.2%ක් බවට පත්වී ශ්රී ලංකා මහ බැංකුවේ නම්යශීලී උද්ධමන ඉලක්කගත වූ 4% – 6% අතර පවත්වාගෙන යෑමට උත්සාහ කළ උද්ධමනයට අභියෝගයක් එල්ල වී තිබේ.

Covid 19 වසංගතය සමඟ 2021 ශ්රී ලංකා ආර්ථිකයට අභියෝග එල්ල වූයේ විදේශ අංශය හරහාය. අපනයන ඉපැයීම්වලට වඩා ආනයන වියදම් වැඩිවී 2019 වර්ෂයේ ඩොලර් බිලියන 8ක් වූ වෙළෙඳ හිඟය Covid තුළ 2020 දී බිලියන 6ට අඩු කර ගැනීමටපියවර ගත්තේය. 2021 මැද භාගය වන විට එය ඩොලර් බිලියන 4ක හිඟයක් ද 2021 අගෝස්තු අග වන විට ඩොලර් බිලියන 5.5%දක්වා ද වැඩි වූ අතර 2021 වසර අග වන විට තවදුරටත් වැඩිවීමට ඉඩ තිබේ.

එසේම සංචාරක ඉපයීම් ඩොලර් බිලියන 4ක් අහිමි වීම විදේශ ප්රේෂණ ක්රමයෙන් පහත වැටීම මුල්ය ගිණුම අඩපණ වුව ද දළ නිල සංචිත 2021 අග වන විට ඩොලර් බිලියන 3ක මට්ටමකට ගෙන එන බව මහ බැංකු අධිපති ප්රකාශයට පත් කළේ එය ඩොලර් බිලියන 1.1ට අඩු වී තිබෙන විටය. කෙසේ වෙතත් 2021 අග වන විට හිඟ නැතිව විදේශ ණය ප්රේෂණ ගෙවීමට සමත් වීම අතින් 2021 වන විට මහ බැංකුව වාර්තාවක් තබා ඇත.

විදේශ විනිමය අනුපාතය 2020 අග ඩොලර් 1ක් රුපියල් 186ක්ව පැවැති අතර අද වන විට ඩොලර් 1ක් රුපියල් 202ක් ලෙස 7%කට ආසන්න ප්රමාණයකට අව ප්රමාණය වී ඇත. 2022 ලෝක ආර්ථිකය 2021 වාර්තා වූ 5.9%ක වර්ධනය සාපේක්ෂව 2022 දී 4.9%කින් වර්ධනය වීම හා ලෝකයේ සියලුම ආර්ථික වර්ධනයන් ද ධන වීම තුළ ශ්රී ලංකා ආර්ථිකය 5%කට වැඩි වර්ධනයක් කරා ගමන් කරන බවට ඇස්තමේන්තු කර ඇත.

එසේම ඒකපුද්ගල ආදායම වැඩි වී ශ්රී ලංකාව ඉහළ මැදි ආදායම් ආර්ථිකයක් ලෙස ගමන්කරනු ඇත. සංචාරක ඉපැයීම් වර්ධනය වී විදේශ ප්රේෂණ වැඩි වී විදේශ අංශය ශක්තිමත් වනු ඇත. 2022දී විදේශ සංචිත සාමාන්යයෙන් ඩොලර් බිලියන 4ක් වන බවට ද ඇස්තමේන්තු කර ඇත. එහෙත් අයවැය හිඟය වැඩිවී රාජ්ය ණය වැඩි වුවද ජාත්යන්තර සවරීත්ව බැඳුම්කර වගකීම 2021 වර්ෂයේ 16%යේ සිට 2022 දී 10%ට අඩු වේ. මෙම ප්රතිඵල ළඟාකර ගැනීමට නම් 2022දී ජාත්යන්තර මූල්ය අරමුදලට යාම අවශ්ය බව කීමට තවත් කල් වැඩිය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්