Feb
9

සාමාන්‍ය පෙළ විභාග අයදුම්පත් කැඳවීම යළි දීර්ඝ කෙරේ

 
604 Views
   
Call for O / L examination applications extended again  

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ලබන 17  වනදා දක්වා යළි දීර්ඝ කර තිබේ.

ඒ අනුව අයදුම්පත් කැඳවිම සඳහා ලබාදී තිබූ කාලය හෙට (10) දිනයේ සිට ලබන 17 වනදා දක්වා දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

වි‍භාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස අදාළ උපදෙස් පරිදි මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමු කිරීමට ද හැකියාව පවතී.

පාසල් අයදුම්කරුවන් විදුහල්පතිවරයා වෙත ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිතා කරමින් අයදුම්පත් යොමු කළ යුතු බව සඳහන්ය.

එමෙන්ම පෞද්ගලික අයදුම්කරුවන් ලබාදී ඇති උපදෙස් පරිදි මාර්ගගත ක්‍රමය ඔස්සේ නිවැරදිව අයදුම්පත් යොමු කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්