Nov
22

“ශලනි තාරකා ලස්සනයි. මම එයාට තමයි ආසම” – සේයා විජේසිංහයි

 
1637 Views
   
 

මෙවර හදගැස්මට සමීප වන මේ පුංචි තාරකාවිය චන්දන සමරසේකරගේ අධ්යක්ෂණයෙන් හැඩ වෙන “ආර්යවංශික” ටෙලි නිර්මාණයේ ‘නන්දාවතීගේ’ චරිතය තුළින් ප්රේක්ෂකයා හමුවට පැමිණීමට නියමිතයි. මේ හරහා වෙනස්ම ආකාරයේ රංගනයක් ඉදිරිපත් කරන ඇය මේ දිනවල “ධරණී” ටෙලි නිර්මාණයේ මියැසිගේ ආදරණීය මිතුරිය ලෙසද රංගනයේ යෙදෙනවා. ඇය නමින් සේයා විජේසිංහයි.

මේ දවස්වල මොකද කරන්නේ ඉස්කෝලේ පටන් ගත්තා නේද ? 

ඔව්. මේ දවස් වල ඉස්කෝලේ යනවා. ශිෂ්යත්ව විභාගයත් ලඟදීම තියෙන නිසා පාඩම් කරනවා.

ධරණි නාට්යයේ සේයාගේ චරිතය ගැන ටිකක් විස්තර කරමු ? 

ධරණි ටෙලිනාට්යයේ මගේ චරිතය තමයි කියන්නේ මම තමයි නෙතුකි කියන්නේ. මම තමයි මියැසිගේ හොඳම යාළුවා. මියැසිගේ දුකේදී සැපේදී එයාගේ ලඟින් ඉන්නෙ මම. නෙතුකි කියන්නේ ගොඩක් අහිංසක ළමයෙක්.

“නෙතුකි” ට මේ දවස් වල ලැබෙන ප්රතිචාර කොහොමද ? 

ටෙලි නාට්ය බලන අය කතා කරලා කියනවා. මම හොඳට රඟපානවා කියලා. මැසේජ් එවනවා, කෝල් කරනවා, පේස්බුක් පෝස්ට් වලට කමෙන්ට් කරනවා. හැමෝම වගේ මට සුබ පතනවා.

නෙතුකිගේ චරිතයට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද ? 

මියැසිගේ යාලුවාගෙ චරිතයට කෙනෙක් හොය හොය ඉන්නකොට මියැසිගේ චරිතයට රංගනයෙන් දායක වෙන ජාන්විගේ අම්මා මං ගැන කියලා තිබුණා. ඉතින් නයනි නැන්දි නිසා තමයි මට නෙතුකිගේ චරිතයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. නයනි නැන්දට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.

සේයා මුලින්ම කලාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද ? 

මම මුලින්ම කලාවට සම්බන්ධ වෙන්නේ මට වයස අවුරුදු හතරේදී. කුමාර සේනාරත්න මාමා තමයි මට මුලින්ම වෙළෙඳ දැන්වීමකට රඟපාන්න අවස්ථාව ලබා දුන්නේ. ඊට පස්සේ ජාතික රූපවාහිනියේ විකාශනය වුණු ධනික පෙරේරා මාමගේ “අළු” කියන ටෙලි නාට්යයට සම්බන්ධ වෙන්න මට පුළුවන් වුණා. ඒකෙදි මට රඟපාන්න තිබුණේ මැරුණු ආත්මයක් විදිහට. මාව චනික මාමට හඳුන්වලා දුන්නේ සුනිල් මාමයි තරිඳු මාමයි. ඉතින් එහෙම තමයි මම ක්ෂේත්රයට මුලින්ම සම්බන්ධ වෙන්නේ. මට ඒකට අවස්ථාවක් ලබා දුන්න එක ගැන චනික මාමටයි සුනිල් මාමාටයි තරිඳු මාමටයි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ උදයකාන්ත මාමගෙ ප්රසිඩන්ට් සුපර්ස්ටාර් චිත්රපටයේ සුළු චරිතයක් කළා. මම මේ වෙනකොට හිරු ටෙලි සිත්තම් එකේ ටෙලිනාට්ය 10ක වගේ රඟපාලා තියෙනවා. ඊට අමතරව වර්ෂා, කෝපි කඩේ ඇතුළු ටෙලි නිර්මාණ 12කට වගේ සම්බන්ධ වෙලා තියෙනවා.

පාසලේ විස්තර ? 

මගේ පාසල මාලඹේ යශෝදරා විද්යාලය. මම දැන් ඉන්නේ පහ වසරෙ.

පවුලේ තව කවුද ඉන්නේ ? 

මගේ පවුලේ ඉන්නේ අත්තම්මයි, අම්මයි, මල්ලියි, මමයි. මගේ අම්මා වාසනා. මල්ලි ගෞරික්.

සේයාගේ රංගන වැඩකටයුතුවලට පාසලෙන් වගේම ගෙදරින් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු ? 

පාසලෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. පාසලේ විදුහල්පතිනිය, පන්ති භාර ගුරුතුමිය එහෙම මට ගොඩක් ආදරෙයි. මැඩම් අපේ පන්තියට එහෙම ආපු වෙලාවට මාව දැක්කම අපේ ඉස්කෝලේ පුංචි නිළියන් මේ කියලා තමයි කතා කරන්නෙත්. මගේ පන්තිභාර ගුරුතුමියත් එහෙමයි. පුතේ මේ යන ගමන බොහොම පරිස්සමෙන් ඉගෙනීමේ වැඩත් කරගෙන ඉස්සරහටම යන්න ඕනි කියල සුබ පතනවා. මගේ අම්මා තමයි මට ගොඩක්ම උදව් කරන්නේ. මම ෂුටින් යන්නෙත් අම්මත් එක්ක. මගේ ඉස්කෝලේ වැඩ වලට උදව් කරන්නේ, දෙබස් පාඩම් කරන්න උදවු කරන්නෙත් මගේ අම්මා. ඉතින් අම්මගේ උදව් එක්ක රඟපාන වැඩයි ඉස්කෝලේ වැඩයි දෙකම සමබරව කරගෙන යනවා.

අනාගත බලාපොරොත්තුව මොකක්ද ? රංගනයෙන්ම ඉදිරියට යනවද ? 

මම කලාවට ගොඩක් ආසයි. රංගන කටයුතු දිගටම කරගෙන යන අතරතුර නර්තනය හදාරලා නර්තන ගුරුවරියක් වෙන්න කැමතියි.

රංගනයට අමතරව තව මොනවටද ඔයා ගොඩක්ම කැමැති ?

රඟපානවට අමතරව මම ගොඩක්ම කැමැතියි නර්තනයට. තව සිංදු කියන්නත් ගොඩක් ආසයි.

සේවා වැඩිපුරම කැමති රංගන ශිල්පිනිය කවුද ? 

මම ගොඩක්ම කැමති රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා. එයා ගොඩක් ලස්සනයි. ඒ වගේම එයා තෝරගන්න ඕනම චරිතයක් ගොඩක් දක්ෂ විදිහට රඟපානවා. එයා හරිම හොඳයි. ඒ නිසා මම එයාට ගොඩක් කැමතියි.

ප්රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් සමඟ රඟපාන්න අවස්ථාව ලැබීම ගැන මොකද හිතෙන්නේ ? 

ඒක මට ලැබුණු ලොකු අවස්ථාවක්. මොකද එයාලත් එක්ක රඟපාන කොට එයාලා අපේ අඩුපාඩු පෙන්නලා දෙනවා. කරන්න ඕනි කොහොමද, කොතනද මට වැරදුනේ, මම වැරැද්ද හදාගන්නෙ කොහොමද කියලා එහෙම හරිම ආදරෙන් කියලා දෙනවා. ඒක ලොකු සතුටක්. එයාල එක්ක වැඩ කරන එකත් හරිම පහසුයි.

අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණද ? 

චන්දන සමරසේකර මාමගෙ ‘ආරියවංශික’ කියලා ටෙලි නාට්යයකට සම්බන්ධ වුණා. ඒක ලබන මාසේ විකාශය වෙනවා. ඒකෙ මට රංගනයෙන් දායක වෙන්න ලැබුණේ නන්දාවතී කියලා චරිතයකට. ඒක ගොඩක් ඉස්සර කාලේ වෙච්ච ඇත්තම කතාවක් ඇසුරෙන් නිර්මාණය වුණු ටෙලි නාට්යයක්. නන්දාවතී කියන්නේ ගොඩක් නපුරු චරිතයක්. මේ තාක් කරල තියෙන චරිත වලට වඩා වෙනස්ම චරිතයක්. ඊට අමතරව තමා මගේ අපේ අම්මා කියන ටෙලි නාට්යයට සම්බන්ධ වුණා.

ඔයාට ආදරේ කරන ප්රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නේ ? 

මගේ ප්රේක්ෂකයන් ටත් මම ගොඩක් ආදරෙයි. මම රංගනයෙන් දායක වෙන ටෙලි නිර්මාණ ඉදිරියටත් බලලා මගේ අඩුපාඩු පෙන්වලා දෙන්න කියලා කියනවා.

 

නිකේෂලා රණතුංග

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්