Apr
25

දවසක මේ රටේ හැමෝම දන්න ගායිකාවක් වෙන හිනයක් තියෙනවා

 
804 Views
   
One-day-everyone-in-this-country-has-a-dream-of-becoming-a-well-known-singer  

කලා ක්ෂේත්‍රය තුළ අංශ කිහිපයක් නියෝජනය කරන යෞවනියක් ලෙස කාංචනා සත්‍යංගනි හැඳින්විය හැකිය. මේ වනවිට ගීත රැසක් ගායනා කර ඇති කාංචනා නිරූපණ ශිල්පිනියක් ලෙසද වර්තමානයේ කටයුතු කරමින් සිටියි. මෙවර %සාරවිට^ තරු කතාබහ දිගහැරෙන්නේ ඇය සමගිනි.

ඔබ ගායිකාවක්ද එහෙමත් නැත්නම් නිරූපණ ශිල්පිණියක්ද?

මම ගායිකාවක්. ගීත ගායනය තමයි මගේ මුලිකම දේ. හැබැයි මම නිරූපණ කටයුතුත් කරනවා. ඒක මගේ විනෝදංශය. ගායිකාවක් විදිහට කලා ක්ෂේත්‍රය තුළ ඉදිරියට යන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. ඊට අමතරව මම දැනට හඬකැවිම් ශිල්පිණියක් විදිහටත් වැඩ කරනවා.

ගායිකාවක් විදිහට කරපු නිර්මණ මොනවද ඔබගේ?

දැනට මම ගොඩක් කරලා තියෙන්නේ කවර් සෝන්ග්. හැබැයි ඉදිරියට මගේම කියලා නිර්මාණ කිහිපයක්ම එළිදක්වන්න සූදානම් කරලා තියෙනවා. ඒ නිර්මාණ අතරින් කිහිපයක් මම පද රචනා කරපු ඒවා.

ඇයි මේ තමන්ගේ නිර්මාණ කරන්නේ නැතුව වෙනත් අයගේ ගීත ගයන්නේ?

මම ගොඩක් ආසයි කවර් සෝන්ග්වලට. ගොඩක් අයගේ ඉල්ලීම් මත තමයි මම කවර් සෝන්ග් කරන්නේ. නමුත්, මා පෙර සඳහන් කළා වගේ මගේම කියලා ගී නිර්මාණ කිහිපයක් ඉදිරියට එන්න තියෙනවා. ඒවාට ලැබෙන ප්‍රතිචාර මත දිගටම මගේම කියල නිර්මණවලට මම යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා.

ගායිකාවක් වුණ ඔබ ඇයි නිරූපණයට යොමු වුණේ?

ඒක මගේ පොඩි කාලේ ඉදන් තිබ්බ ආසාවක්.. කැමැත්තක්.. කිව්වොත් හරි. ඒත් ටික කාලේකට මට ඒක නවත්තන්න සිද්ධ වුණා. ඒ මගේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා. නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රය තුළ නමක් හදාගෙන එද්දි තමයි මට ඒ දේට මුහුණ දෙන්න වුණේ. දැන් ඒ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. දැන් මම ආසදේ ආයෙත් මම කරනවා.

කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වීම ගැන මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටුයි. මම මිනිස්සු ගැන ගොඩක් දේ දැනගත්තේ මේ ක්ෂේක්‍රයට ඇවිල්ලා. ක්ෂේත්‍රය හොඳ කෙනාට හොඳයි.

ඉදිරිය කොහොම වෙයිද?

මොන ක්ෂේත්‍රයක වැඩ කළත් මාව ගොඩ දෙනෙක් දන්නේ ගායිකාවක් විදිහට. මාත් ආසම ඒ දේ තමා. තාම මම එතැනට යන්නේ හෙමින්. දවසක මේ රටේ හැමෝම දන්න ගායිකාවක් වෙන හීනයක් මට තියෙනවා.

රඟපාන්න අදහස් නැද්ද?

තාම මම ඒ පිළිබඳව හදාරමින් සිටිනවා. බලමු ඉදිරියට හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම භාරගෙන වැඩ කරනවා.

මතක් කළ යුතු පිරිසකුත් ඉන්නවාද?

මට ගොඩක්ම ශක්තියක් උනේ මගේ අම්මයි තාත්තායි. ඒ දෙන්නා තමයි මගේ ජීවිතේ ශක්තිය. ඒ එක්කම මගේ ළඟම ඉන්න යාළුවෝ ටික මට ලොකු හයියක් වුණා. ඒ හැමෝම මේක අවස්ථාවක් කරගන්නවා මතක් කරන්න.

බුද්ධික සේනාධීර

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්