Nov
27

වසර පහක ඇවෑමෙන් පසුව රජයට මුහුණ දීමට සිදු වූ අභියෝගාත්මක කාල සීමාව

 
886 Views
   
 

2015 දී පැවති ජනාධිපතිවරණයෙන් එවකට රටේ නායකයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා කුමන්ත්රණකාරී ලෙස පරාජය කරලීමට කටයුතු කිරීමෙන් පසු ඔහු ඉතාමත් නිහතමානීව සිය පරාජය පිළිගනිමින් විශ්රාම ජීවිතය ගත කිරීමට ඔහුගේ ගම් ප්රදේශයට පිටත්ව ගියේය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට විශ්රාමිකව හෝ විවේකීව ඔහුගේ ගම් පළාතේ නිවසේ ජීවත්වීමට සිදුවුයේ ඉතාම කෙටි කාලයක් වූ අතර සැණෙකින් නැවතත් ඔහුව දේශපාලන කරළියට ගෙන ඒමට ඔහුගේ පාක්ෂිකයන් මෙන්ම පාක්ෂිකයන් නොවූ ඔහුට විරුද්ධව ජනමතය දැක්වූ අය පවා එදා කටයුතු කළේය.

සීඝ්රයෙන් ඔහුට නැවත දේශපාලන කරළියට පැමිණෙන ලෙස ජනතාවගෙන් වූ ඉල්ලීම මුල්බැස ගත් අතර, අවසානයේදී දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීම සඳහා අවශ්ය සියලු වටපිටාව සැකසිණ. ජනතාවගේ ආකර්ෂණය දිනාගත් හිටපු ජනාධිපතිවරයා නැවත දේශපාලන කරළිය තුළ හිඳුවාලීමට ඒ වන විට සුදුසු පක්ෂයක් නොතිබුණි. තමන් නියෝජනය කළ ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන්ද වෙන්ව කටයුතු කිරීම තුළ නවතම මාර්ගයක් නිර්මාණය කිරීමේ අවශ්යතාව දැඩිව දැනිණ.

සිදු වූ යම් යම් කතාබහ තුළ කෙසේ හෝ අලුතින් පක්ෂයක් නිර්මාණය කිරීමේ අවශ්යතාවය පැන නැගීමෙන් පසු, තමන්ටම ආවේණික වූත් අනන්ය වූත් පක්ෂයක් නිර්මාණය කළ යුතු බවට බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සීමිත කණ්ඩායමක් විසින් තීරණය කරනු ලැබීමෙන් අනතුරුව 2016 වසරේ නොවැම්බර් මස 02 දින නිල වශයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය පිහිටවනු ලැබීය.

පක්ෂයක් නිර්මාණය කිරීමට යම්කිසි දැක්මක් සහ අරමුණක් තිබිය යුතුය. විශේෂයෙන් පක්ෂයක් නිර්මාණය වන්නේ කිසිවකුගේ අදහසක් තුළින්ය. ඒ අදහස යථාර්ථයක් කර ගැනීමට නම් ඒ පක්ෂය වටා ප්රජාව ඒකරාශී විය යුතුය. 2018 වසරේ පෙබරවාරි මාසයේදී පැවති පැවැති පළාත් පාලන මැතිවරණයෙන් 50% ක බලයක් ලබා ගැනීම ගැනීමට හැකි වූ අතර පළාත් පාලන ආයතන 237ක බලය නව පක්ෂයට ලබා ගැනීමට හැකි විය.

ඉන්පසුව පැවති ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබා දීමට ජනතාව කටයුතු කළේය. ලංකාවේ දේශපාලන ඉතිහාසයේ, ඉතාමත් කෙටි කාලයක් තුළ පක්ෂයක් නිර්මාණය කර, එම පක්ෂය සම්බන්ධ කරගනිමින් මැතිවරණයකට ඉදිරිපත් වූ අපේක්ෂකයින් වැඩිම ප්රමාණයක් ජයග්රහණය කළේ නම් හා, ඉන්පසු පැවැත්වූ සියලුම මැතිවරණ සියල්ල විශාල ජයග්රහණයක් ලැබුවේ නම් එය සුවිශේෂීය.

ගල් මුගුරු වර්ෂාවන් වහිද්දි ඒවා කැට කැබිලිති ලෙස සලකමින් සිය පස්වන උපන්දිනය සැමරීමට සැරසෙන “ශ්රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය” ලංකා දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයක් සනිටුහන් කළ ඒකරාශී වීමක් සහිත ප්රබල කණ්ඩායමකි.

මහින්ද රාජපක්ෂ යන්න සාධකය වටා වටා එක්රැස් එක්රැස් වුණු ජනතා බලවේගයක් මේ වන විටත් මොනතරම් හැලහැප්පීම් තුළ දෝලනය වුවත් ඉදිරි මැතිවරණයක්දී රට වෙනුවෙන් ගන්නා ලද යම් දැඩි සහ අවදානමක තීරණය දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන සාධකය වටා එක්රැස් එක් රැස් වීම කෙසේවත් නතර කළ නොහැකිය. වසර පහක් ඇවෑමෙන් එළැඹි කාල වකවානුව ශ්රී ලංකා පොදුජන පෙරමුණට අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්