Dec
10

ආහාර වේලක මිල 44%කින් ඉහළ නැගලා ඇඩ්වොකාටා සමීක්ෂණයකින් හෙළි වේ

 
1279 Views
   
 

නිතර ඉහල පහල යන බඩු මිල හේතුවෙන් වසර දෙකකට පසුව මෙරට සාමාන්ය ආහාර වේලකට වැය කිරීමට සිදු වී ඇති මුදල 44% කින් ඉහළ ගොස් ඇතැයි “ඇඩ්වොකාටා” ආයතනය අනාවරණය කර ඇත.

2019 නොවැම්බර් මාසයේ මෙරට සාමාන්ය ආහාර වේලක් සඳහා සතිපතා රුපියල් 960 පමණ වියදම් කිරීමට සිදු වුවත් මේ වන විට එය රුපියල් 1390 දක්වා ඉහළ ගොස් ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.

ඉහළ යන බඩු මිලත් සමග එළවළු මිලෙහිද නැවත වැඩිවීමක් සිදුවී ඇති අතර මැනිං ආර්ථික වෙළඳ මධ්යස්ථානය තුළ මාළු මිරිස් කිලෝවක් රුපියල් 600 කටත්, අමුමිරිස් කිලෝවක් රුපියල් 400 – 450 අතර මිලකටත්, තක්කාලි කිලෝවක් රුපියල් 350ත් 400ත් අතර මිලකටත්, කරවිල කිලෝවක් රුපියල් 400කටත්, බෝංචි කිලෝවක් රුපියල් 380කටත්, ගෝවා කිලෝවක් රුපියල් 350ටත්, කැරට් කිලෝවක් රුපියල් 300ටත්, ලීක්ස් සහ වම්බටු කිලෝවක් රුපියල් 280ටත් වැටකොළු, බණ්ඩක්කා සහ මෑකරල් රුපියල් 200ටත් තොග මිල ලෙස අලෙවි වූ බව එම මධ්යස්ථානයේ සංවිධායක අනිල් ඉන්ද්රජිත් මහතා පැවසීය.

පොලොස් ගෙඩියක් රුපියල් 250 ත් 300 ත් අතර මිලකට මේ දිනවල අලෙවි වන අතර රුපියල් 100කට අලෙවිය කපා සුද්ද කළ පොලොස් පාර්සලයක් රුපියල් 150 ක් දක්වාත් මිල වැඩි වී ඇත.

දෙල් ගෙඩියක් රුපියල් 150කට අලෙවි වන අතර රුපියල් 50කට පමණ අලෙවි වූ කන්කුන්, ගොටුකොළ, මුකුණුවැන්න ආදී පලා වර්ග දැන් රුපියල් 60 ත් 70 ත් අතර මිලකට අලෙවි වනු ලැබේ.

තලපත් මාළු කිලෝවක් රුපියල් 1760කටද, කෙලවල්ලා මාළු කිලෝවක් රුපියල් 1380ක්ද වශයෙන් අලෙවි වන අතර සම රහිත කුකුළු මස් කිලෝවක් රුපියල් 750ක මිලකට අලෙවි වේ.

බිත්තර මිලද ඉහළ ගොස් ඇති අතර බිත්තරයක නව මිල වන්නේ රුපියල් 26 කි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්