Sep
1

පහන්තුඩාවේ වීඩියෝව නිර්මාණය කළ යුවලට වැඩ වරදී, විමර්ශනයක් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි

 
4819 Views
   
 

බලංගොඩ – ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි පහන්තුඩාව දිය ඇල්ල අසළ අ ස භ්‍ය වීඩියෝවක් නිර්මාණය කර එය අන්තර්ජාලයට මුදා හැරි සැකකරුවන් අ ත් අඩංගුවට ගැනීම සඳහා අ ප රා ධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එහි පරිඝනක අ ප රා ධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් අද එම දියඇල්ල ආසන්නයට ගොස් පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතයි. මෙම අ ස භ්‍ය වීඩියෝපටය පසුගිය දා ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ අතර, දම්සක් පදනම විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත ඊයේ ලිපියක් ද යොමු කර තිබුණා.

දරුවන් ඔන්ලයින් තාක්ෂණයට යොමු වී ඇති මොහොතක මෙවැනි දර්ශන නැරඹීමට යොමුවුවහොත් එය ඛේදජනක තත්ත්වයක් බවයි එම පදනමේ සභාපති පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංශ හිමියන් එමගින් පෙන්වා දී තිබුණේ. මෙම අ ස භ්‍ය වීඩියෝ පටයේ සිටින තරුණයා සහ තරුණිය මුදල් ඉපයීමේ අපේක්ෂාවෙන් මීට පෙර මීමුරේ ප්‍රදේශයේ ද මෙවැනිම වීඩියෝවක් සිදුකර ඇති බව දම්සක් පදනම අදාළ ලිපියේ දක්වා තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්