Nov
25

සැමියාගේ අනියම් පෙම්වතිය සොයා ගොස් පහර දුන් බිරිඳට වැඩ වරදී

 
1024 Views
   
 

සිය 36 හැවිරිදි ස්වාමි පුරුෂයා සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වා යන 30 හැවිරිදි ප්රේමවන්තියට පහර දීමේ සිද්ධියකට එම ස්වාමි පුරුෂයාගේ බිරිඳ මිනුවන්ගොඩ පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි තැනැත්තියක්. ඇයගේ ස්වාමි පුරුෂයා ඔහුගේ අනියම් බිරිඳට කුලි නිවසක් පවා සොයා දී ඇති අතර ඔහු ඇතැම් දින වල එම නිවසේ රාත්රී කාලයද ගත කරන බවට මෙම බිරිඳට සැල වී තිබෙනවා.

මීට උරණ වූ ඇය තවත් ඔහුගේ මිතුරෙකු සමඟ මෙම කුලි නිවස සොයා ගෙන ගොස් අනියම් බිරිඳට පහර දී ඇයගේ රන් භාණ්ඩද කොල්ල කා රැගෙන විත් තිබෙනවා.

මෙම විවාහ බිරිඳට මෙම ස්වාමියාගෙන් දරුවන් දෙදෙනෙකුද සිටින බවයි වාර්තා වෙන්නේ. මෙම අනියම් සබඳතාවය මාසයක් දෙකක් පමණ ගත වෙන බවද වාර්තා වෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්