Oct
21

ඉටු නො වූ සිහින සැබෑ වෙමින්

 
592 Views
   
 

දශක කීපයක් පදිංචි වී සිටියත් නීත්‍යානුකූල ඔප්පු නැ ති පවුල් වලට ඔවුන්ගේ නිවෙස් වලටම ගොස් ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතී. ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. අමාත්‍යවරයා මීරිගම, නාල්ල, මූකලාණ ආදී ප්‍රදේශ වල ජනතාවගේ නිවෙස් වලටම ගොස් මෙසේ ඔප්පු ලබාදෙන ලදී. ” සෞභාග්‍යයේ දැක්ම ” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන්සභාවේ සභාපති , නීතිඥ නිලන්ත විජේසිංහ මහතාගේ මූලිකත්වයෙන් එම කොමිෂන් සභාව මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

ගම්වාසීන් පවසන්නේ කිසිම ඉඩමකට ඔප්පුක් නො තිබුණු බවත් , පත්වූ රජයන් යටතේ කිසිදු සහනයක් සිදු වූයේද නැ ති බවයි.නිවසටම පැමිණ ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉතාමත් ස්තූති වන අතර ඒ පිළිබඳ ඇත්තේ අසීමිත සතුටක් බවත් ගම්වාසීහු පවසයි. රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාසයේ ජනතාවට නීත්‍යානුකූල ඔප්පු ලබාදීමේ අවස්ථාවද සිදු වූයේ එස්.එම් චන්ද්‍රසේන මහතා විසිනි. වත්මන් ජනාධිපති විසින් පාර්ලිමේන්තු පළමු සැසිවාරයේදී පවසා සිටියේ මෙරටෙහි නීත්‍යානුකූලව ඉඩම් ඔප්පු නො මැති ලක්ෂ සංඛ්‍යාත ජනතාවට ඉඩම් ඔප්පු ලබාදිය යුතු බවයි.ඉදිරි වර්ෂ තුන තුළ ඉඩම් ඔප්පු ලක්ෂ 10 ක් ලබාදීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අතර මොරගහකන්ද නව මහවැලි ව්‍යාපාරය යටතේ මහවැලි ඩී කලාපයේ පදිංචි පවුල් 107 ක් සඳහා වාරි ඉඩම් කට්ටි ලබාදීමද රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙම පිරිස වසර තුනකට අධික කාලයක් පදිංචිව සිටියද ඔවුන්ට කුඹුරු සඳහා නීත්‍යානුකූල හිමිකම ලැබී නොතිබිණි. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මූලිකත්වයෙන් ඉඩම් ලබාදීම සිදුවිය. මේ අනුව සෞභාග්‍යයේ දැක්ම දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑර විහිදී යන ආකාරයට ජනතාවගේ නොවිසඳුණු ප්‍රශ්ණ විසඳමින් සාර්ථක ඉදිරි දැක්මක් කරා ගමන් කරනා බව මෙයින් වඩාත් පිළිඹිබු වේ. ජනතාවට ඇත්තේ ඒ විශ්වාසය මත පදනම්ව, ව්‍යාජ තොරතුරු ප්‍රතික්ෂේප කර, වත්මන් රජය කෙරෙහි තැබූ විශ්වාස එලෙසින්ම තබා ගනිමින් තම කටයුතු කරගෙනයාමයි. (රෂිකා සඳමාලි හෙන්නායක)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්