Dec
4

ප්‍රියන්ත කුමාර ඝාතනය – ජනපති පකිස්ථානයෙන් කළ ඉල්ලීම

 
1056 Views
   
 

ආගමට අපහාස කළ බවට චෝදනා කරමින් පකිස්ථානයේදී ප්රියන්ත කුමාර නමැති ශ්රී ලාංකිකයාට පහර දී අමානුෂිකව ඝා ත ය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. 

ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, අදාළ සිද්ධිය පිළිබඳව තමන් මහත් සංවේගයට පත් වූ බවය. 

එම ම්ලේච්ඡ සිදුවීම ශ්රී ලාංකිකයන්ට සේ ම මනුෂ්යත්වය අගයන ලෝකයේ සැමට බලවත් කම්පනයක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. එමෙන් ම, පකිස්ථාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් මහතා ප්රමුඛ පකිස්ථාන රජය මෙම ම්ලේච්ඡ ඝා ය සිදුවූ වහාම යුක්තිය පසිඳලීමට ගත් ක්රියාමාර්ග පකිස්ථානයේ අත්යන්ත මිතුරෙකු ලෙස ශ්රී ලංකාව අගය කරන අතර මේ පිළිබඳ පකිස්ථාන රජය ගන්නා ඉදිරි ක්රියාමාර්ග දෙස ශ්රී ලංකා රජය ත් සමස්ත ජනතාව ත් දැඩි විශ්වාසයෙන් බලා සිටින බව ජනාධිපතිවරයා එහි සඳහන් කර තිබේ. 

ජනාධිපතිවරයා සිය නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, පකිස්ථානයේ වෙසෙන සෙසු ශ්රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙස තමන් පකිස්ථාන රජයෙන් ඉල්ලා සිටින බවය.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්