Mar
2

වසර දෙකකට පසු ලඟට ආපු පුංචි පුතා එක්ක ලෝචනා රට වටේම යයි

 
1324 Views
   
Lochana-travels-the-country-with-her-young-son,-who-arrives-two-years-later  

ලෝචනා ඉමාෂි කිවුවම කාගේත් නෙත් අග මැවෙන්නේ සොදුරු රුවැත්තියක් වගේම ආදරණිය රංගන ශිල්පිනියක්. නිතරම සිනහවෙන් කෙළිලොල් ජිවිතයක් ඇය ගත කරනවා. ලෝචනා ඉන්න තැන සතුට තියෙනවා. ලෝචනා එක්ක ඉන්න විට පාළුවක් දැනෙන්නේ නැහැ කියලා හැමෝම වගේ කියනවා. විහිළු කරමින් සිනහවෙමින් හැමෝම එක්ක ඉතාමත් ආදරණියව කාලය ගත කරනු ලබනවා. ලෝචනා කාලයක්ම විදෙස්ගතවෙලා තමයි කාලය ගත කරේ. ඒ ඇයගේ විවාහයෙන් පසුව.

දැන් ලෝචනා කියන්නේ අම්මා කෙනෙක්. කඩවසම් පුංචි පුතෙක් ඇයට සිටිනවා. ඇය මිට වසර දෙකකට පෙර ලංකාවට පැමිණියා ඒ පැමිණි ඇයට නැවත ඇදලා රටට යන්න අවස්ථාව උදාවෙන්නේ නැහැ.පැවති කොවිඩ් තත්වය එක්ක සහ වැක්සින් ප්‍රශ්නයක් නිසා. පුතා සැමියා එක්ක විදෙස් රටක තමයි හිටියේ. ,මේ නිසා ලෝචනා හිටියේ දුක්මුසුව. හැමෝම ඇහුවේ පුතා ලග නැතිව කොහොමද හිනාවෙලා ඉන්නේ කියලා. නමුත් ඇය ඒ හැම වේදනාවක්ම දරාගෙන් සිටියේ.

ඉතින් වසර දෙකකට පසු පුංචි පුතා ඊයේ ලෝචනා ලගට ආවා. පුංචි පුතා එන නිසා. එයාගේ කාමරේ හදන එක තමයි පසුගිය කාලයේ ලෝචනා කරේ. දැන් පුංචි පුතා අපු නිසා ලෝචනා සතුටින් ඉන්නේ. වසර දෙකක් කියන්නේ ලොකු කාලයක්නෙ. ඉතින් පුතා එක්ක ඉන්න චයාරුපයක් පළකරමින් ඇය සටහනක් එක්කර තිබුනේ මෙලෙසින්, මගේ පුතා තමයි මට ලැබුන හොදම දේ. මගේ දවසේ හිරු එලිය ඔහුයි. මාගේ ආත්මයේ සතුට ඒ වගේම මගේ ජිවිතයේ ආදරය. ඔයා ලග නැතිව කොච්චර කාලයක් ගියාද කියලා දන්නේ නැහැ. නමුත් අද ඉදලා ජිවත් වෙනවා කියලා දැනෙයි. ඔන්න බබා ආවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්