Oct
22

ඛේදවාචකයෙන් පසු ඇල්ලෙවෙල දිය ඇල්ල සංචාරකයන්ට තහනම් කරයි

 
11328 Views
   
 

“අපි කොළඹ ගොස් නුවරඑළිය හරහා නිවසට යෑමට යන විට මිය ගිය මගේ මස්සිනා වන නියාස් අයියා කිව්වා ඇල්ලෙවෙල ඇල්ලට ගිහින් නාල යමු කියලා. ඒ අනුව අපි කට්ටිය ඇල්ලෙවෙල ඇල්ල අසලට ගියා. මමයි, අක්කයි, පොඩි දරුවන් දෙදෙනයි ඇල්ල අසල සිටියදී මියගිය ෆාතිමා දියණියයි පුතයි නාන්න ඇල්ලට බැස්සා. නංගී බේරාගන්න පුතා දියට පැන්නා. දෙන්නම ගිලුණා. ඒ දෙන්නම බේරගන්න නියාස් අයියත් දියට පැන්නා.” යැයි වැල්ලවාය ඇල්ලෙවෙල ඇල්ලේ ගිලී මිය ගිය එකම පවුලේ පියා, පුතා සහ දියණිය මිය යාමේ සිද්ධිය පිලිබඳව විස්තර කළ පවුලේ ඥාතියකු වන මොහොමඩ් නසීම් මහතා පැවසුවා.

කාත්තන්කුඩි 2 බදුරියා පාර අංක 3/42 පදිංචි මොහොමඩ් කාසිම් මොහම්මදු රියාස්, මොහොම්මදු නියාස් මොහොමඩ් සමීම්, මොහොම්මදු නියාස් ෆාතිමා සමීම් යන තිදෙනා දියේ ගිලී මෙසේ මිය ගොස් තිබුණි. සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් කරුණු විස්තර කළ මොහොමඩ් හසීම් මෙසේද පැවසීය.

“මගේ අක්කා වන පාතිමා රිස්නා විවාහ වී සිටින්නේ මොහොමඩ් නියාස් යන අය සමඟයි. මගේ මස්සිනා ව්යාපාර කටයුතුවල නිරත වෙනවා. ඔහුට පුතෙකු සහ දියණියන් තිදෙනෙක් සිටිනවා. මිය ගිය මොහොමඩ් සමීම් කාත්තන්කුඩි හිලුරියා මුස්ලිම් විද්යාලයේ 09 වැනි වසරේත්, මිය ගිය පාතිමා සමීම් එම පාසලේම 06 වැනි වසරේත් ඉගෙනුම ලබනවා. අක්කගෙ අවුරුදු 06ක් වයසැති දියණිය වන ෆාතිමා සීමාට හදවත් රෝගයක් තිබුණා. ඇය වෛද්යවරයෙකුට පෙන්වීම සඳහා අපි කට්ටිය කොළඹ පෞද්ගලික රෝහලකට ගිහින් දරුවාව පෙන්නුවා. පසුව අපි නුවරඑළියට ගොස් එහි සිට කාත්තන්කුඩි ගමට යෑමට පිටත් වුණා.”

“මගදී අපිත් එක්ක ගිය අක්කගෙ මහත්තයා කිව්වා අපි වැල්ලවාය ඇල්ලෙවෙල ඇල්ලට ගිහින් නාල ගෙදර යමු කියලා. ඒ අනුව අපි ඇල්ල ළඟට ගියා වෑන් රථය රථගාලේ නතර රියදුරු එහි සිටියා. මමයි, අක්කයි, මස්සිනයි, දරුවන් හතර දෙනයි ඇල්ල ළඟට ගියා.”

“මස්සිනයි, ලොකු පුතයි ලොකු දුවයි ඇල්ලට බැස්සා මමයි, අක්කයි, පොඩි දුවලා දෙන්නයි ඇල්ල අසල හිටියා. මම දැක්කා මිය ගිය ෆාතිමා දුව දියේ ගිලෙනවා. ඒ එක්කම සමීම් පුතා නංගී බේරගන්න දියට පැන්නා. දුවයි පුතයි බේරගන්න මස්සිනා දියට පැන්නා. තුන්දෙනාම නොපෙනී ගියා. අපි කෑගැහුවා. අසල්වාසීන් පැමිණ දියේ ගිලී සිටි මස්සිනාවයි පුතාවයි දියණියවයි ගොඩට ගත්තා. ඒ වන විටත් තිදෙනාම මිය ගිහින්. පසුව තිදෙනාගේම ම’ළ සිරුරු මොනරාගල රෝහලට රැගෙන ගියා.” 

මියගිය තිදෙනාගේ ම’ රණ පිළිබඳව ම’ රණ පරීක්ෂණ සහ පශ්චාත් ම’ රණ පරීක්ෂණ ඊයේ මොණරාගල දිස්ත්රික් මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි. වැල්ලවාය පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

මේ අතර ඇල්ලෙවෙල දිය ඇල්ලේ තිදෙනෙකු ගිලී මිය යාමත් සමග ඇල්ලෙවෙල දියඇල්ල සංචාරකයන්ට නැරඹීමට හා දිය නෑමට නොහැකි තහනම් කලාපයක් ලෙස ඊයේ සිට නම් නම් කර තිබෙනවා. වැල්ලවාය ප්රාදේශීය ලේකම් හා පරිසර කමිටුවේ සභාපති චන්දන රත්නායක මහතා මේ බව වසා සිටියා.

“අපි මේ දක්වා මෙම ස්ථානය තහනම් නොකළේ විශාල සංචාරක ආකර්ශනයක් තිබුන නිසා. විශාල පිරිසක් මෙම ස්ථානය නැරඹීමට පැමිණීම නිසාටි. නමුත් මෑතක සිට එන පිරිස් වල නොසැලකිල්ල නිසා සිදු වූ ජීවිත හානි ගණන වැඩි වීමත් සමග පොලිසිය, ප්රාදේශීය සභාව, පරිසර කමිටුව හැටියට එම ස්ථානය සංචාරකයන්ට ආරක්ෂිත ස්ථානයක් ලෙස සකස් කිරීමෙන් පසු විවෘත කරන තෙක් වසා දැමීමට තීරණය කරා.” යනුවෙන් පැවුසවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්