Jun
13

“මට තනියම තෙල් මිල වැඩිකරන තරම් පිස්සුවක් නෑ, අනුමැතිය දුන්නේ මුදල් අමාත්‍යංශය”

 
1619 Views
   
 

තෙල් මිල ගනන් ඉහළ දැමීම නිසි ක්‍රමවේදයට අනුව ඇමැති අනුකමිටුවේද අනුමැතිය ඇතිව සිදු කළ බවත් තමාට තනියම තෙල් මිල ගනන් වැඩි කිරීමට තරම් පිස්සුවක් නැති බවද බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍යයට ප්‍රකාශයක් කර තිබේ.

තෙල් මිල ගණන් ඉහළ දැමීමේ තීරණය මහා භාණ්ඩාගාරය විසින් අනුමත කොට තිබෙන බවත් තෙල් මිල වැඩි කිරීමේ තීරණය මෙන්ම එම තීරණය ක්‍රියාත්මක කලයුතු දිනය පවා තමන්ට ලබා දුන්නේ මුදල් අමාත්‍යංශයෙන් බවද ගම්මන්පිල අමාත්‍යවරයා හෙළිදරව් කරයි.

එම විෂය භාර අමාත්‍යවරයා වන්නේ මුදල් අමාත්‍යවරයා බවද මේ සියලු දේවල් පිළිබඳ තොරතුරු හෙට (13) මාධ්‍ය හමුවක් තබමින් රටට හෙළිදරව් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

තෙල් මිල වැඩි කිරීමේ වගකීම විෂය භාර අමාත්‍යවරයා වන උදය ගම්මන්පිල විසින් භාර ගෙන ඔහු බලශක්ති අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව කාරියවසම් විසින් නිකුත් කළ නිවේදනයට පිළිතුරු ලෙස ගම්මන්පිල ඇමතිවරයා මෙම අදහස් පළ කළේය.

source – https://lankaweb.lk/archives/28491

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්