May
30

තේ කර්මාන්තශාලාවක් තාවකාලිකව වසා දමයි

 
1121 Views
   
 

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 16 දෙනෙකු හමුවිම නිසා ගිනිගත්හේන පිටවල බොඩ්ලන්ඩ් පෞද්ගලික තේ කර්මාන්ත ශාලාව (30) දින සිට තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.

එම තේ කර්මාන්ත ශාලාවේ සේවකයින් විශාල පිරිසක් සේවය කරන බවත්,එම සේවකයින් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් වි තිබු නිසා සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව එම තේ කර්මාන්ත ශාලාවේ 16 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු නිසා එම තේ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා තේ කර්මාන්ත ශාලාව විෂබිජහරණය කරන ලෙසට පාලන අධිකාරියට උපදෙස් ලබාදුන් බවද එම නිලධාරියා පැවසිය.

තේ කර්මාන්ත ශාලාවේ අසාදිතයන් 16 දෙනාගේ ළගම ආශ්‍රිතයන් 40 දෙනෙකු පමණ ස්වයං නිරෝධානයට යොමු කල බවද එම නිලධාරිවරයා වැඩි දුරටත් පැවසිය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්