May
14

විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසු දැඩි තීරණයක් ගනී ! මෙන්න ආරංචි ඔක්කොම එකට !

 
1166 Views
   
Wimal-Weerawansa,-Udaya-Gammanpila-and-Vasu-take-a-tough-decision!-Here's-all-the-news-together!  

පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන ප්‍රධාන පක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ අමාත්‍ය ධූර භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ආණ්ඩුවක් බිහිවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන අතර, නිදහස් පක්ෂය, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ප්‍රමුඛ පක්ෂ දහයේ එකමුතුවද නව රජයේ අමාත්‍ය ධූර භාර නොගන්නා බවයි අද ප්‍රකාශ කළේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභාවක් අද පැවැත්වුණා.

ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ නිදහස් පක්ෂය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ රජයේ කිසිදු ආකාරයක කොටස්කරුවෙකු නොවන බවයි.

මේ අතර, පක්ෂ දහයේ එකමුතුව විරුද්ධ පක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටිමින් පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වීරසුමන වීරසිංහ, වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ ඇතුළු පසුගිය ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක නියෝජිතයින් එක්ව සිටි මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව ප්‍රකාශ කළා.

නව අග්‍රාමාත්‍යවරයාගේ පත්වීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා පත්කර ඇත්තේ ජනමතයට පිටුපාමින් බවයි.

කඩිනමින් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන ලෙස කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සමගි ජනබලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුබණ්ඩාර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අභියෝගයක් එල්ල කළා.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ද අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කරමින් කියා සිටියේ පාර්ලිමේන්තුවේ කිසිදු පක්ෂයක් අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීම ප්‍රමාද කිරීම හමුවේ තම පක්ෂයේ නායකයා ඒ සඳහා ඉදිරිපත් වූ බවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්