Dec
25

ලබන වසර වන විට රටම මන්දපෝෂණ අවදානමක – පෝෂණවේදීන් අනතුරු අඟවයි

 
1750 Views
   
 

මස්, මාළු, කිරි, බිත්තර, එළවළු, පලතුරු වැනි පෝෂදායි ආහාර මිලදී ගැනීමේ ක්රය ශක්තිය අඩුවීම හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ රටේ දරුවන් ඇතුළු වැඩිහිටි ප්රජාව දැඩි මන්දපෝෂණ තත්ත්වයකට පත්වීමේ හා පහසුවෙන් රෝගවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇතැයි පෝෂණවේදීන් ඇතුළු වෛද්ය විශේෂඥයෝ පෙන්වා දෙති.

පෝෂණ අවශ්යතා සපුරා ගැනීමට නම් ප්රමාණවත් ආහාර වේලක් සමබල ලෙස ලබා ගත යුතු බව වෛද්යවරුන්ගෙන් නිර්දේශය වෙයි. දිනෙන් දින ඉහළ යන අත්යවශ්ය ආහාර ද්රව්ය හේතුවෙන් බොහෝ දෙනකු සිය ආහාර වේල් ගණන සීමා කිරීමට ඕවා ආහාරයට එක්කර ගන්නා ප්රමාණය සීමා කිරීමට පෙලඹී සිටිති.

වසංගතයක් පැතිර යන සමයක පෝෂණය පිළිබඳ වෙනදාටත් වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු වුවද එය ප්රායෝගිකව ක්රියාවට නැංවීම ගැටලුකාරී බව වයඹ සරසවියේ මානව පෝෂණවේදී මහාචාර්ය රේණුක සිල්වා මහතා පැවසීය. මේ පිළිබඳව මහාචාර්ය වරයාගෙන් සිදු කළ විමසීමක දී සෞඛ්ය ආරක්ෂාව සඳහා ආහාර ගත යුතු ආකාරය පිළිබඳව පැවසුවද ඒවා අනුගමනය කිරීමේ දී ජාතික වශයෙන් ඉදිරි කාලයේ දී රටේ ජනතාවගේ පෝෂණය සම්බන්ධව ගැටලුකාරී බවක් මතුවෙමින් පවතින බව ඔහු අවධාරණය කළේය.

“ඛනිජ ලවණ හා විටමින් වලින් තමයි ලෙඩ රෝග වලට එරෙහිව ශරීරයට අවශ්ය ආරක්ෂාව ප්රතිශක්තිය ගොඩනැගෙන්නේ. එළවළු පලතුරු ආහාරයට ගැනීම හරහා පිටතින් ශරීරයට ඇතුළුවන මිස හෝ රෝගකාරක සමඟ සටන් කිරීමේ හැකියාව ශරීරයට ලැබෙනවා. මාංශමය ප්රෝටීන වගේම ශාකමය ප්රෝටීන් අත්යවශ්යයි. මේ හැමදේම දිනපතා ආහාර වේලට ඇතුළත් විය යුතුයි. ශරීරයට ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට අවශ්ය ආරක්ෂාව සැලසෙන්නේ එවිටයි. කොයිතරම් එන්නත් වර්ග ලබා ගත්තත් ශරීර අභ්යන්තරයෙන් පවතින ප්රතිශක්තිකරණ පද්ධතිය නිසි ලෙස ක්රියාත්මක නොවන්නේ නිසි ආහාර වේලක් නොලැබුණු විට.

කුඩා දරුවන්ට එන්නත් කරණය සිදු නොවන නිසාම ඔවුන්ගේ ප්රතිශක්තීකරණය සඳහා නිසි පෝෂණයක් ලැබීම අත්යවශ්යයි. පෝෂණ නිර්දේශවලට අනුව දිනකට එක් පුද්ගලයෙක් (පිසීමට පෙර බර ) ග්රෑම් 400 කින් යුතු එළවළු පලතුරු ප්රමාණයක් පරිභෝජනය කළ යුතුයි. තුන් දෙනෙකුගෙන් යුතු පවුලක් නම් දිනකට එළවළු පලතුරු කිලෝ එකහමාරක ප්රමාණයක් පරිභෝජනය කළ යුතුයි. අවම වශයෙන් දිනකට පලතුරු වර්ග දෙකක්වත් ආහාරයට ගත යුතු වුණත් දවසකට එක පලතුරක්වත් ආහාරයට නොගන්නා ප්රතිශතය ඉතා ඉහළ අගයක් ගන්නවා. කිරි වල ශරීරයට අත්යවශ්ය පෝෂණ සංඝටක වැඩි ප්රමාණයක් අඩංගු වුවත් වර්තමානයේ විවිධ හේතු නිසා කිරි ආනයනය සීමා වෙලා.

මෙරට පාසල් දරුවන් අතර උසට සරිලන බරක් නොමැති වීම වයසට සරිලන උස නොමැතිවීම, ප්රෝටීන් විටමින් ඒ හා යකඩ ඌනතාව දැකගත හැකියි. පවුලකට අවශ්ය ආහාර හා පෝෂක වේල ලබා ගැනීමට ඇති හැකියාව අඩු වෙලා. ග්රාමීය පවුල් වැඩි වශයෙන් මුහුණ දෙන ගැටළුවක් බවට මේ ඉදිරියේ දී පත් විය හැකි යැයි මහාචාර්යවරයා තවදුරටත් පැවසීය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය තිස්ස විතාරණගෙන් කළ විමසීමක දී පැතිර යන කොයි තත්වය හමුවේ ඉන් වැළකීම සඳහා කොතරම් එන්නත්කරණ සිදුකළද පෝෂණය අඩු වූ විට රෝගයට මුහුණ දීමේ හැකියාව අඩු වෙනවා මෙන්ම රෝගයන්ට ගොදුරුවීමේ හා ව්යාප්ත වීමේ හැකියාවද ඉහළ යන බව පැවසීය.

පෝෂණ ඌනතාවයෙන් පෙළෙන පිරිසට වෛරසය ආසාදනය වුවහොත් ඉන් දරුණු රෝගාබාධ පවා මතුවිය හැකි බව ද මහාචාර්යවරයා අනතුරු ඇඟවීය. මේ වන විට ලංකාවේ පවුල් වලින් 60%ක් දරිද්රතා රේඛාවට වඩා පහළින් සිටින නිසා දුප්පතුන්ගේ ප්රමාණය වැඩි වෙමින් පවතින බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය. මන්දපෝෂණයෙන් පෙලෙන ප්රමාණය 18.3%ක් ලෙසත් අවුරුදු 5 ට අඩු සෑම දරුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු මන්දපෝෂණයෙන් පෙළෙන බවත් අනාවරණය වී ඇති නිසා මේ තත්ත්වය හමුවේ ඉදිරියේදී උපදින දරුවන් අඩු බුද්ධි මට්ටමකින් යුතු දරුවන් ලෙස උපත ලැබීමට වැඩි ඉඩකඩක් ඇති බව ද මහාචාර්යවරයා අනතුරු ඇඟවීය.

වෙළඳපොලේ සමහර එළවළු කිලෝවක මිල රුපියල් 1000 ඉක්මවන අවස්ථා ද ඇත. රුපියල් 1000ක් වැයකර එළවළු කිලෝවක් මිලදී ගැනීමට තරම් මෙරට මධ්යම පාන්තික ජනයාට වත්කමක් නොමැත. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට බහුතරයකගේ ආදායම් මාර්ගද අවහිර වී තිබේ. සත්ව ආහාර හිඟවීම හේතුවෙන් ඉදිරි කාලයේදී කුකුළු මස් සහ බිත්තර ඇතුළු සත්ව නිෂ්පාදන හිඟවීමේ අවදානමක් මතුව ඇති බවට කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදකයෝ ද අනතුරු අගවති.

ඔවුන් සැක පළ කරන්නේ ඉදිරියේදී කුකුළු මස් කිලෝවක් රුපියල් 900 සිට රුපියල් 1000 දක්වා මිලකට අලෙවි කිරීමට සිදුවනු ඇති බවයි. එමෙන්ම බිත්තරයක මිල රුපියල් 40ක් 50ක් දක්වා ඉහළ යනු ඇතැයි ද ඔවුහු අවධාරණය කරති. මහා මාර්ග අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු පවසන්නේ මේ වන විටත් ඉහළ ගොස් ඇති බඩුමිල ඉදිරියේදී තවත් ඉහළ යනු ඇති බවයි.

එළඹෙන අප්රේල් මාසය වන විට මෙරට ආහාර හිඟයක් ඇති වන බව ද විද්වතුන් දැනටමත් අනතුරු අඟවා තිබේ. නමුත් නිෂ්පාදනයේ යම් අඩුවක් ඇති වුවද ලබන වසරේ දී මෙරට කිසිදු ආහාරයක් ඇති නොවනු ඇතැයි ද කර්ම අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ වගකීමෙන් යුතුව පවසයි. අමාත්යවරයා කෙසේ පැවසුවත් පසුගිය දිනක සිය ධූරයෙන් ඉවත් කෙරුණු කෘෂිකර්ම අමාත්යංශයේ හිටපු ලේකම්වරයා අවධාරණය කළේ ඉදිරියේ දී නියත ලෙසම ආහාර හිඟයක් ඇති වන බව ය. එසේ නොවීමට නම් ප්රාතිහාර්යක් සිදුවිය යුතු බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්