Jun
21

ඩෙල්ටා ප්‍රභේදය කොළඹ තවත් ප්‍රදේශයකින් හමුවෙයි ?

 
1629 Views
   
 

මාදිවෙල – ප්‍රගතිපුර ප්‍රදේශයෙන් ඉන්දියාවේ ව්‍යාප්තවන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පිළිබඳ යම් හඳුනා ගැනීමක් නිසා, රෝග පාලනයට අවශ්‍ය පියවරගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසනවා.

මෙරටින් පළමු වරට ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වුවන් හඳුනා ගැනුනේ දෙමටගොඩ, ආරාමය ප්‍රදේශයෙන්. එහිදී අහඹු ලෙස තෝරාගත් සාම්පල පහක් සම්බන්ධයෙන් කළ වැඩිදුර පරීක්ෂණ වලදී එම සාම්පල පහම ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදයේ බවට තහවුරු කර ගැනුණා.

කෙසේ වෙතත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කිරීමෙන් අනතුරුව තත්ත්වය තහවුරු කරගන්නා විටත් එම අසාදිතයින් 05 දෙනාගෙන් ප්‍රතිකාර ලබමින් සිටියේ දෙදෙනෙකු පමණයි. ඉතිරි තිදෙනා ඒ වනවිටත් සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබුණා.

මේ වනවිට ආදල ආසාදිතයින් වාර්තා වූ දෙමටගොඩ, ආරාමය ප්‍රදේශයට දැඩි සංචරණ සීමා පනවා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරනවා. මෙම ආසාදිතයි වාර්තා වීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුව අදහස් දැක්වූ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අනුක විද්‍යා විශේෂඥ වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර කියා සිටියේ මෙම ප්‍රභේදය ඉදිරියේදී මෙරට රෝග ව්‍යාප්තියේ මූලිකම ප්‍රභවය වන බැවින් ඒ පිළිබද දැඩි අවදානයක් යොමු කරමින් කටයුතු කළ යුතු බවටයි.

කෙසේ වෙතත් උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අද (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් තවමත් වසංගත රෝග විද්‍යා අංශයට නිල වශයෙන් දැනුම් දීමක් සිදුකර නොමැති නමුත් ලැබී ඇති තොරතුරු අනුව හදිසි ආරක්ෂණ පියවර ගෙන ඇති බවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්