Feb
12

” දික්කසාද වෙනවා කියන්නේ අමුතු දෙයක් නෙවෙයි ගැලපෙන්නේ නැත්තන් ඒ තැන්වලින් අපි ඉවත් වෙන්න ඕන” මේනක රාජපක්ෂ

 
919 Views
   
 

ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ හැමදාමත් එක ලෙසින් ජනප්‍රියත්වයට පත් කලාකරුවන් රැසක් සිටිනවා. එලෙස වසර ගණනාවක පටන් සිය ජනප්‍රියත්වය හැමදාමත් එක ලෙසින් රදවාගෙන ඉන්න ලංකාවේ හැමෝම වගේ ආදරය කරන යුවළක් තමයි මේනක රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ නෙහාරා රාජපක්ෂ කියල කියන්නේ. කොහොම නමුත් කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන මේ යුවළ මේවෙද්දී පුංචි දියණියකගේ ආදරණීය මව්පියන් වෙනවා

කොහොම නමුත් මීට වසර ගණනාවකට පෙරදී සිය රංගන දිවිය ආරම්භ කරමින් ක්ෂේත්‍රය තුළ අතිශය ජනප්‍රියත්වයට පත් මේනක රාජපක්ෂ මහතා පිළිබඳ තමයි අද අපි මේ විදිහට කතා කරන්න යන්නේ. ඇත්තටම මේනක කියන හැටියටනම් ඔහු නිතරම විහිළුවන් තහළුවෙන් ඉන්න සැහැල්ලු ජීවිතයකට කැමති ඕනෑම කෙනෙකුට කියන්න තියෙන දේ කෙලින්ම කියන චරිතයක්

කොහොමහරි ඉතින් මේනක කියන්නේ නෙහාරා සමගින් විවාහවීමට පෙර විවාහවෙලා හිටපු කෙනෙක්. ඒ බව මේවෙනකොට ලංකාවේ නොදන්න කෙනෙකු නැති තරම්. ඉතින් ඔහු දික්කසාදය පිළිබඳව වගේම දෙවන විවාහය සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුනේ මෙලෙසයි

”මෙහෙමයි මම දකින්නේ ඕක අපේ ජානවල අවුලක්. අපේ මිනිස්සුන්ට කාට හරි කරදයක් උනාම උදවු කරනවා, එකතුවෙනවා. හැබැයි කෙනෙක්ගේ සතුටේදී එකතුවෙන්නේ ගොඩක් අඩුවෙන්. කෙනෙක්ගේ ජීවිතයේ මොනවාහරි වෙනස්වෙද්දී මිනිස්සු ඒ දිහා බලන්නේ අමුතු විදියට. දික්කසාද වෙනවා කියන්නේ අමුතු දෙයක් නෙවෙයි ගැලපෙන්නේ නැත්තන් ඒ තැන්වලි අපි ඉවත් වෙන්න ඕන, පිටරටඅය අපි වගේ හිතන්නේ නෑ, මම නම් කියන්නේ අපි පිටරට අය දිහා බලලා ඉගන ගන්න ඕනේ ,” කියලයි

කෙසේවෙතත් මේනක රාජපක්ෂ කියල කියන්නේ සතුන්ට ගොඩක් ආදරේ කරන නිහතමානී චරිතයක්. කොහොම නමුත් මේනකගේ සුරතලා ගැන පසුගිය කාලයේ විශාල කතාබහක් ඇතිව තිබුණා. ඊට හේතුව වෙන්නේ පසුගිය වසරක ඒ සුරතලා කොපි චැට් වේදිකාවට පැමිණ තිබීමයි. ඔහුගේ සුරතලා සිට්සු වර්ගයේ සුනඛයෙකු වන අතර මේ සුරතලාගේ නම තමයි ස්නොවී රාජපක්ෂ. මෙයාගේ වයස දැන් අවුරුදු අටක් පමණ වෙනවා කියන ඔහු කියන්නේ නෙහාරා කියන හැටියට ස්නොවී තමයිලු මේ දෙන්නගේ පලවෙනි බබා වෙන්නෙත්

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්