Nov
7

දේශපාලනඥයන් පොලිස් ලොක්කන් බියෙන් සලිත කළ දෙමටගොඩ රුවන්ගේ කට උත්තරය

 
3959 Views
   
 

දෙමටගොඩ කාලයක් තිස්සේ පරසිද්ධියට පත්ව තිබුණේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් පරධාන අංගණය පිහිටා තිබීම නිසාය. ශරී ලංකාවේ පරධාන පෙළේ මස්මඩුව පිහිටා තිබුණේද දෙමටගොඩ නිසා එයින් ද මේ පරදේශයට පරසිද්ධියක් ලැබී තිබුණේය. එහෙත් මේ වන විට ඒ සියලූ දේ පරදා දෙමටගොඩ පරසිද්ධියට පත්වෙමින් තිබෙන්නේ පා තා ල රාජධානියක් ලෙසය. එහෙමත් නැත්නම් කු#ඩු ජාවාරම්කාරයන්ගේ අගනගරය ලෙසය.

 

පාතාල කරියාකාරකම්වලින් සහ කු#ඩු වලින් මේ නගරය පෝෂණය කළේ දෙමටගොඩ චමින්ද සහ දෙමටගොඩ රුවන් යන දෙසොහොයුරන් බව නොරහසකි. මේ සද්ගුණවත් ධානපතීන් දෙදෙනා නිසා දෙමටගොඩ නගරය අද වන විට කොළඹ කු#ඩු රාජධානියේ අගනගරය බවට පත් වී හමාරය. පාතාලයන්ගේ පරධාන පෙළේ බලකොටුව බවට පත්වී හමාරය. පසුගිය 29 වැනිදා දෙමටගොඩ කු#ඩු රාජධානිය හිටි හැටියේම උණුසුම් වුණේය.

 

දන්නා කියන කාලයක මේ කු#ඩු රාජධානිය ආකරමණය කිරීමට පොලිස් නිලධාරියකු තබා ගරාම ආරක්ෂක නිලධාරියකුවත් දෙමටගොඩ හතර දිග්බාගයට ආවේ නැත. ඒ තරමටම මේ කු#ඩු රාජධානිය දේශපාලනමය අතින් පොලිස් බලතලවලින් සන්නද්ධව තිබුණේය. දෙමටගොඩ කු#ඩු රාජධානියේ මහරජා වූයේ දෙමටගොඩ රුවන්ය. පසුගිය වසර දෙක තුනක කාලසීමාවේදී පමණක් දෙමටගොඩ රුවන් නමැති කු#ඩු රජා හෙ #රො යි න් කිලෝ 1000ක් එහෙමත් නැත්නම් හෙරොයින් ටොන් එකක් මෙරටට ගෙන්වා විකුණා තිබුණේය.

 

මේ ගණන් හිලව් කියන්නේ අප නොව පොලිස් ම’ ත් ද්ර ව් ය නාශක අංශයයි. ම’ ත් ද්ර ව් ය නාශක අංශයේ ගණන් හිලව්වල සටහන් නොවූ මොනතරම් හෙ’ රො යි න් තොගයක් දෙමටගොඩ කු#ඩු රාජධානියේ අලෙවි වූවාදැයි අපි නොදනිමු. හාස්යයට කරුණ වන්නේ කොළඹ පරධානම පෙළේ නගරයක සුවිසල් මන්දිර ඉදිකරගෙන වසර ගණනක් තිස්සේ හෙරොයින් ටොන් ගණන් අලෙවි කරමින් දෙමටගොඩ රුවන්ලා ගත කළ සුපිරි ජීවිත ගැන අපේ පොලිසියවත්, බුද්ධි අංශයවත් නොදැන සිටීමය.

 

පසුගිය 29 වැනිදා දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙමටගොඩ රුවන්ගේ මහා මන්දිරය වටකළෝය. ඒ මේ කුඩු රාජධානිය වැටලූ මුල්ම අවස්ථාව ලෙස ඉතිහාස ගතවෙමින්ය. වැටලීමට පැමිණ සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව ස්ථාපිත කර තිබෙන නීති විරෝධී වත්කම් දේපොළ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසකි. කුඩු රාජධානියේ කුඩ්ඩන්ගෙන් කිසියම් පරහාරයක් එල්ල වුවහොත් ඊට මුහුණදීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සන්නද්ධ නිලධාරීන් පිරිසක් ද ඊට එක්ව සිටියහ. වැටලීම සිදුවන අවස්ථාවේ දෙමටගොඩ කුඩු රාජධානියේ අගරජු ලෙස සැලකෙන ‘දෙමටගොඩ රුවන්’ නමැති සිටුතුමා ද නිවසේ රැඳී සිටියේය.

දෙමටගොඩ වේළුවන ටෙරස්හි පිහිටි තුන්මහල් පරාසාදයක් වූ රුවන්ගේ වාසස්ථානය වෙත පොලිස් නිලධාරීන් කඩා වදිද්දී ඔහුට අයත් අතිසුඛෝපභෝගී බොහෝ වාහන එහි තිබුණේ නැත. නිවස ඉදිරිපිට නවතා තිබූ රුපියල් ලක්ෂ 700ක් වටිනා රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය, බී – 8 වර්ගයේ ජීප් රථය, රුපියල් ලක්ෂ 450ක් වටිනා BMW අලූත්ම මාදිලියේ මෝටර් රථයක්, රුපියල් ලක්ෂ 300ක් වටිනා BMW මෝටර් රථයක් පොලිස් භාරයට ගනු ලැබීය. රුවන්ගේ වත්කම් දැකීමෙන් පොලිස් නිලධාරීහු පවා අන්දමන්ද වී සිටියහ.

 

මීට වසර දහයකට පහළොවකට උඩදී දෙමටගොඩ පොළේ කරපිංචා මිටි විකිණූ දෙමටගොඩ චමින්ද, දෙමටගොඩ රුවන් දෙසොහොයුරන් මේ තරම් කෙටි කාලයකදී ලක්ෂ හත්සීයේ අටසීයේ වාහන ගැනීමට තරම් පොහොසතුන් බවට පත්වීම පුදුමයට කරුණක් වන්නේය. එදා රුවන්ලා, චමින්දලා සමඟ දෙමටගොඩ පොළේ කීර විකිණූ අප්පුහාමිලා, සෝමදාසලා අදත් කීර විකුණමින් එදාවේල පිරිමසා ගැනීමට සටන් කරමින් සිටිති.

 

එහෙත් කරපිංචා මිටි විකුණමින් ජීවිතය ගැටගහගන්නට වෙරදැරූ මේ දෙසොහොයුරන් අද කෝටි පරකෝටිපතියන් බවට පත් වූ ආකාරය සැබැවින්ම ගැටලූවක් නොවන්නේ ද?

දෙමටගොඩ රුවන්ගේ සුවිසල් මැඳුරේ තිබූ වාහනවලට අමතරව රුපියල් කෝටි ගණනක් වටිනා රන් ආභරණ කිලෝගරෑම් එකහමාරක්, රුපියල් ලක්ෂ 50ක මුදලක්, පිස්තෝල 2ක්, වායු රයිෆල් එකක්, වායු පිස්තෝල එකක්, කඩු 3ක්, මුදල් ගණින යන්තරයක් 1000CC වර්ගයේ යතුරුපැදියක් අත් අඩංගුවට පත්වුණේය. රුපියල් කෝටි 20කට අධික වටිනාකමෙන් යුත් දේපොළක් ඒ වන විට රහස් පොලිසියේ නිලධාරීහු සිය භාරයට ගෙන සිටියහ. මේ දේපොළ උපයා ගත් ආකාරයක් ගැන නිවැරදි තොරතුරු ලබාදීමට දෙමටගොඩ රුවන් සමත් වී තිබුණේ නැත.

 

ඒ වෙනුවෙන් ඔහු ඉදිරිපත් කළ ලියැවිලි සියල්ල ව්යාජ ඒවා බවට තහවුරු වුණේය. ඒ වන විට දෙමටගොඩ රුවන්ගේ කුඩු රාජධානියේ ලැගුම් ගෙන සිටි පුද්ගලයන් 8 දෙනෙකුද පොලිස් අත් අඩංගුවට පත්වූහ. ඔවුන් අතර පාකිස්ථානු ජාතික යුවළක්ද සිටියහ. දෙමටගොඩ රුවන්ගේ මාලිගාවෙන් අත් අඩංගුවට ගත් සුපිරි වාහන ඇතුළු දේපොළ රැගෙන යන ආකාරය මාධ්ය ඔස්සේ මුළුරටම බලා සිටියේ මහා කුතුහලයකින් යුතුවය. මේ වන විට අති සුඛෝපභෝගී ජීවිතයක් ගතකරමින් සිටියද මීට වසර දහයකට පහළොවකට උඩදී රුවන් ගත කළේ කටුක අමිහිරි ජීවිතයකි.

 

රුවන්ගේ මෙන්ම ඔහුගේ බාල සොහොයුරු වන චමින්දගේ පවුල අගහිඟකම්වලින් පිරුණු එකක් විය. රුවන්ගේ මවට හරිහමන් රැකියාවක් තිබුණේ නැත. රුවන්ලාගේ මාමා එහෙමත් නැත්නම් මවගේ බාල සොහොයුරා ලලිත්ය. දෙමටගොඩ මාළු වෙළෙඳපොළේ මාළු ලෑල්ලක් කරගෙන ගිය ලලිත් මාමා රුවන්ලාට, චමින්දලාට හැකි පමණින් ආධාර උපකාර කළේය. 

 

මාළු විකිණීමට අමතරව ලලිත් මාමා දෙමටගොඩ රේල් පාරේ කසිප්පු වික්කේය. ක සි ප් පු ව්යාපාරය ජයටම කරගෙන යෑමට ලලිත් මාමා සිය නැඟනියගේ දරුවන් දෙදෙනාවූ රුවන් සහ චමින්ද සම්බන්ධ කර ගත්තේය. මේ කාල සීමාව වන විට දෙමටගොඩ බොරැල්ල පරදේශ පා තා ල මැරයන්ගේ රාජධානියක් බවට පත්ව තිබුණේය. ‘අම්බිගාර්’ නමැති පා තා ල මැ රයා බොරැල්ල දෙමටගොඩ පරදේශ සිය පාතාල රජදහන බවට පත්කරගෙන සිටියේය. ඒ වන විට තාරුණ්යයේ එළිපත්තේ සිටි රුවන්, චමින්ද දෙසොහොයුරන්ට මේ පා තා ල උණ වැළඳී තිබිණි. 

 

රුවන් සහ චමින්ද ‘අම්බිගාර්’ගේ පා තා ල කල්ලියට සම්බන්ධ වන්නේ පා තා ල ය ට තිබූ පේරමය නිසාමය. අම්බිගාර්ගේ පා තා ල කල්ලියට එක් වී පාතාලයේ අත්පොත් තැබූ රුවන් සහ චමින්ද දෙසොහොයුරෝ් විවිධ අපරාධවල නිරත වන්නට පටන් ගත්හ. පරතිවිරුද්ධ කල්ලියක් විසින් සිදුකළ පරහාරයකින් අම්බිගාර් අවසන් ගමන් ගියේය. අම්බිගාර්ගේ කල්ලියට එක්වී සිටි රුවන් සහ චමින්ද දෙසොහොයුරන් නන්නත්තාර වූහ. ඒ වන විට භාරත ලක්ෂ්මන් පේරමචන්ද්ර මහතා පරබල දේශපාලන චරිතයක් බවට පත්ව සිටියේය. 

භාරත ලක්ෂ්මන්ගේ දේශපාලන පරචාරණ කටයුතුවලට කෙටි කාලයක් සම්බන්ධ වී සිටි චමින්ද සහ රුවන් දෙසොහොයුරන් පසු කලෙක ඔහුගෙන් ද ඈත් වූහ. ඒ දුමින්ද සිල්වා කොලොන්නාව ආසන සංවිධායක ලෙස පත්වීමෙන් පසුවය. භාරතගෙන් ඉවත් වූ මේ සොහොයුරන් දෙදෙනා දුමින්ද සිල්වාගේ දේශාපාලන වැඩවලට සම්බන්ධ වන්නේ එතැන් සිටය. භාරත ලක්ෂ්මන් දුමින්ද සිල්වා ගැටෙන්නේ ඔය අතරතුරදීය. ගැටුම කෙළවර වන්නේ භාරත ලක්ෂ්මන් අවසන් ගමන් යෑමෙන් පසුවය. භාරත ලක්ෂ්මන් පේරමචන්ද්ර ඝා’ ත න සිද්ධියට දෙමටගොඩ චමින්ද සම්බන්ධ වී සිටියේය. භාරත ලක්ෂ්මන් ඝා’ ත න නඩුවේදී වැරදිකරුවකු වූ දෙමටගොඩ චමින්ද මේ වන විට ම’ ර ණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියි. 

 

දෙමටගොඩ චමින්ද සිරගත වූ පසු දෙමටගොඩ පාතාල පුරයේ මෙන්ම කුඩු රාජධානියේ සියලූ බලතල දෙමටගොඩ රුවන් වෙත පැවරුණේය. බන්ධනාගාරයේ සිට දෙමටගොඩ චමින්ද මේ සියලූ කටයුතු මෙහෙය වුවද දෙමටගොඩ නගරයේ චන්ඩියා බවට පත්ව සිටියේ රුවන් ය. මහා පරිමාණ කු#ඩු ව්යාපාරයට අත ගැසූ දෙමටගොඩ රුවන් එය ඉතාම සැලසුම් සහගතව කරමානුකූලව කරගෙන ගියේය. ඒ සඳහා දෙමටගොඩ චමින්දගෙන් මෙන්ම දේශපාලනඥයකුගෙන් ද ලැබුනේ නොමඳ සහායකි. ආරංචි මාර්ග පවසන අන්දමට දෙමටගොඩ රුවන් දෛනිකව අලෙවි කරන හෙ’ රො යි න් පරමාණය කිලෝ 4කට වැඩිය. 

 

ඒ අනුව රුවන්ලාගේ දෛනික ආදායම රුපියල් කෝටි 4 ඉක්මවයි. කොළඹ කිරුළපනයේ සිට මීගමුව දක්වාවූ පරදේශය පුරාම හෙ’ රො යි න් බෙදාහැරීමේ ආධිපත්යය තමන් වෙත නතුකර ගැනීමට දෙමටගොඩ රුවන්ට හැකි විය. රුවන්ලාගේ කු#ඩු රාජධානියට ඇතුළුවීමට කිසිවකුත් උත්සාහ කළේ නැත. දෙමටගොඩ රුවන් මෙහෙයවූ මේ කුඩු රාජධානියට ඇතුළුවී කුඩු ව්යාපාරය කිරීමට පිටස්තරයකු උත්සාහ කළේ නම් ඔහුට ද රු ණු පරතිවිපාකයන්ට මුහුණදීමට සිදුවුණේය. ඒ තරමටම මේ කු#ඩු රාජධානිය බලවත් විය. දෙමටගොඩ රුවන් රහසිගතව හෙ රො යි න් ජාවාරම කරගෙන ගිය අතර මුදල් උපයන ආකාරය පිටස්තර ලෝකයාට පෙන්වීමට වෙනත් පුංචි පුංචි ව්යාපාර කීපයක් පවත්වාගෙන ගියේය. 

දෙමටගොඩ හන්දියේ රාතරි සමාජශාලාවක්, රෙස්ටුරන්ට් එකක්, කැරෝකේ අවන්හලක් පවත්වාගෙන ගිය රුවන් ඒ හරහා මහා ධනස්කන්ධයක් උපයන බව ලෝකයාට පෙන්නුවේය. මේ කැරෝකේ අවන්හලට වැඩිපුරම රිංගුවේ පොලිසියේ නිලධාරීන්ය. එමෙන්ම පොලිස් නිලධාරින්ගේ හිතවතුන්ය. රුවන්ගේ මේ ගුබ්බෑයම්වලට රිංගන පොලිස් නිලධාරීන් ඔහු මහා පරිමාණයෙන් කරන කු#ඩු ව්යාපාරය ගැන නොදැන සිටීම පුදුමයට කරුණකි. පොලිසියේ ලොක්කන්ට නොමිලයේ සියලූ සැප සම්පත් ලබාදී ඔවුන් සතුටුකර දෙමටගොඩ රුවන් සිය ජාවාරම ජයටම කරගෙන ගියේය. 

 

ඊට අමතරව මුදල් පොලියට දීම, දෙමටගොඩ නගරයේ වෙළෙඳසල් කීපයක් මිලට ගෙන ඒවා පවත්වාගෙන යෑම, දෙමටගොඩ වෙළෙඳ සංකීර්ණයේ මාළු ලෑලි කීපයක් පවත්වාගෙන යෑම වැනි පුංචි පුංචි ව්යාපාර කරගෙන ගියේ ඔහු සිදුකරන රුපියල් කෝටි පරකෝටි ගණනින් වූ ම’ ත් කු ඩු ජාවාරම ලෝකයටම වසන් කිරීම සඳහාය. කොළඹ පොලිස් ස්ථානවල ලොක්කන් පොඩ්ඩන් මෙන්ම ඇතැම් උසස් නිලධාරීන් සමීපව ඇසුරු කරමින් ඔවුන්ගේ දුක සැප බලමින් සිය කු#ඩු ව්යාපාරය ජයටම කරගෙන යෑමට දෙමටගොඩ රුවන්ට හැකිවිය. 

දෙමටගොඩ රුවන් නමැති ම’ ත් ද්ර ව් ය රජු පිළිබඳව තොරතුරක් මුලින්ම ලැබෙන්නේ ඉන්දීය බුද්ධි අංශ හරහාය. ඒ ඉකුත් අපේරල් මාසයේ 10 වැනිදාය. ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය විසින් ට්රෝලර් යාතරාවක් අත් අඩංගුවට ගත්හ. රුපියල් කෝටි 340ක හෙ’ රො යි න් සමඟ ශරී ලාංකිකයන් පස්දෙනකු ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය භාරයට ගත් අතර පසුව ඔවුන් ඉන්දීය බුද්ධි අංශ වෙත භාර කෙරුණේ වැඩිදුර විමර්ශන කටයුතු සඳහාය. අත් අඩංගුවට පත් වූ කු#ඩු ජාවාරම්කාරයන් පස්දෙනාගෙන් පරශ්න කළ ඉන්දීය බුද්ධි අංශ මේ කුඩු තොගය දෙමටගොඩ රුවන් නමැති මහා පරිමාණ ජාවාරම්කරුවකුට අයත් ඒවා බව හෙළිකර ගත්හ.

 

පසුව ඉන්දීය පොලිස් බුද්ධි අංශ මගින් මේ පිළිබඳව ශරී ලංකා පොලිසියේ ම ත් ද්ර ව් ය නාශක අංශය වෙත දැනුම් දීමක් කර තිබුණේය. ඒ අනුව විමර්ශන ආරම්භ කළ ම ත් ද්ර ව් ය නාශක අංශය මේ කුඩු ජාලයට සම්බන්ධ මෙරට පරධාන පෙළේ ජාවාරම්කාරයන් කීපදෙනෙකුම අත් අඩංගුවට ගත්හ. ඔවුන්ගෙන් පරශ්න කිරීමේදී දෙමටගොඩ රුවන්ගේ පැටිකිරිය එළියට එන්නට පටන් ගත්තේය. පසුගිය සිව් වසරක් පුරා හෙරොයින් ටොන් ගණනක් දෙමටගොඩ රුවන් විසින් ශරී ලංකාවට ආනයනය කළ ආකාරය හෙළිවන්නට පටන් ගත්තේය.

 

පොලිස් ම’ ත් ද්ර ව් ය නාශක අංශය දෙමටගොඩ රුවන් අත් අඩංගුවට ගැනීමට පෙර මාස කීපයක් තිස්සේ ඔහු ලූහුබඳින්නට විය. එසේ කළේ කුඩු තොගයක් සමඟ රුවන් අත් අඩංගුවට ගැනීමේ බලාපොරොත්තු ඇතිවය. එහෙත් රුවන් පොලිස් බුද්ධි අංශවලට වඩා සූක්ෂ්මව වැඩ කළ ජාවාරම්කාරයෙකි. දෙමටගොඩ රුවන් හෙ රො යි න් අල්පෙනිති තුඩක පමණ පරමාණයක්වත් ළඟ තබාගත්තේ නැත. හෙ රො යි න් ටොන් ගණනින් ඔහු අලෙවි කළේ ගෝලයන් හරහාය. හෙ රො යි න් සමඟ රුවන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම සාර්ථක නොවූ නිසා නීති විරෝධී වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් ඔහු අත් අඩංගුවට ගැනීමට ම ත් ද්ර ව් ය නාශක අංශය සැලසුම් කළේය. 

ඒ සඳහා නීතිමය හැකියාව මෙන්ම පරතිපාදන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කර තිබූ නීතිවිරෝධී වත්කම් දේපොළ පිළිබඳ විමර්ශනය කිරීමේ කොට්ඨාශය වෙතය. ම ත් ද්ර ව් ය නාශක අංශය රුවන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම එම ඒකකය වෙත භාරදෙන්නේ ඉන් අනතුරුවය. අත් අඩංගුවට ගත් දෙමටගොඩ රුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාරගත කෙරිණි. වසර ගණනක් තිස්සේ හෙ රො යි න් ටොන් ගණනින් ශරී ලංකාවට ආනයනය කළ ද රුවන් අත් අඩංගුවට ගන්නා විට ඔහු සතුව අල්පෙනිති තුඩක තරම්වත් හෙ රො යි න් පරමාණයක් නොතිබිණි. ඒ නිසා දෙමටගොඩ රුවන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණේ රුපියල් කෝටි පරකෝටි ගණනින් ඉපයූ ආකාරයක් හෙළිකළ නොහැකි වත්කම් ඔහු සන්තකයේ තබාගෙන සිටීමටය. 

 

රුවන් අත් අඩංගුවට පත්වීමෙන් පසුව ද ඔහුට අයත් රුපියල් ලක්ෂ 720ක් පමණ වටිනා අති සුඛෝපභෝගී වාහන දෙකක් රහස් පොලිසිය සොයා ගත්තේය. දෙමටගොඩ රුවන්ගේ ආදරණීය සොහොයුරා වන බන්ධනාගාරගතව සිටින දෙමටගොඩ චමින්දගේ බිරිඳ සන්තකයේ තිබී රුපියල් කෝටි ගණනක් වටිනා ජීප් රථයක් සහ මෝටර් රථයක් ද රහස් පොලිසිය සොයා ගත්තේය. දෙමටගොඩ රුවනට පමණක් නොව ඔහුගේ බාල සොහොයුරා වන බන්ධනාගාරගතව සිටින චමින්දටද මහා වත්කමක් ඇති බව පොලිසිය මේ වන විට සොයාගෙන තිබෙයි. දෙමටගොඩ චමින්දට ද සිය වැඩිමහල් සොහොයුරාට මෙන් තුන්මහල් පරාසාදයක් හිමිය. 

 

එය පිහිටා තිබෙන්නේද දෙමටගොඩ නගර මධ්යයේ ය.මේ දෙසොහොයුරන්ට ඇති වත්කම් දේපොළ පරමාණය කොතෙක් දැයි ගණනය කළ නොහැකි තරම් ය. එය පවසන්නේ අප නොව විමර්ශන කණ්ඩායම්ය. රටේ අහිංසක තරුණයන්ට ම ත් කු ඩු පොවා උන් නන්නත්තාර කර අති සුඛෝපභෝගි ජීවිත ගතකළ රුවන් සමාජයේ ජීවත්වුණේ සිටුවරයකු ලෙස ය. දෙමටගොඩ රුවන් සහ චමින්ද සොහොයුරන් පවත්වාගෙන ගිය පාතාල කුඩු රාජධානිය ගැන කතා කරද්දී දෙමටගොඩ පොලිසිය ගැන කතා නොකරම බැරිය. දෙමටගොඩ පොලිසියේ බොහෝ නිලධාරීන් යැපුණේ රුවන්ගෙන් ය. ඒ වෙනුවෙන් එසේ යැපුණු නිලධාරීන් බොහෝ යුතුකම් දෙමටගොඩ රුවන් වෙත ඉටු කළේය. දෙමටගොඩ රුවන්ගේ පුතරයාට ආරක්ෂක අමාත්යාංශය හරහා ස්වයංකීරය පිස්තෝලයක් ලබාගැනීමට පවා පොලිසිය අවශ්ය කටයුතු සම්පාදනය කර දී තිබුණේය. 

 

රුවන්ගේ පුතරයාට පිස්තෝලයක් ලබාගැනීම සඳහා අනුමැතිය ලබාදෙමින් දෙමටගොඩ පොලිසිය උසස් නිලධාරීන් වෙත ලියකියවිලි පවා ඉදිරිපත් කර තිබුණේ රුවන්ලාට, චමින්දලාට දැක්වූ ළෙන්ගතුකම ගෞරවය නිසා විය යුතුය. හෙරොයින් ටොන් ගණනින් ගෙන්වා රටේ තරුණ පරපුර විනාශ කර දමමින් සිටුවරුන් ලෙස ජීවත්වන මෙවැනි නරුමයන්ට එරෙහිව සැබැවින් ම නීතිය කරියාත්මක විය යුතුය. 

 

පොලිස් වාර්තා ඇසුරෙන් ලිපිය සකස් කරන ලදි. 

හේමන්ත රන්දුණු

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්