Oct
16

සාර්ථක එන්නත්කරණයක අභියසට ළගාවේ

 
312 Views
   
 

අපි හැමදාම කියන පරිදි මොන අඩුපාඩුකම් මධ්‍යයේ වුවත් අපේ රටේ විශිෂ්ට එන්නත්කරණක්‍රියාවලියක් අපිට දකින්නට ලැබුණ. ඒකට සෞඛ්‍ය අංශය වගේම අපේ හමුදාවට බෙහෙවින්ම ස්තූතිවන්ත වියයුතුමයි. විශේෂයෙන් අපේ හමුදාව නොවන්නට මේවගේ සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලියක් කරන්නට බෑ කියන එක තමා අපේ අදහස.
ඊයේ වනවිට අපේ රටේ එන්නත්කරණ ක්‍රියාවලිය වාර්තා වෙන්නෙ මේ විදියට වයස අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් සියයට 85ක් මේ වන විට කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණ කර තිබේ.

පූර්ණ එන්නත්කරණයට ලක් වූ පිරිස සමස්ත ජනගහනයෙන් සියයට 57.5ක් වයස අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් සියයට 99ක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ගෙන ඇත සමස්ත ජනගහනය සලකා බැලීමේදී එය සියයට 67.2ක ප්‍රතිශතයක් මේ අතර ඊයේ දිනයේ ද පුද්ගලයින් 69,902 දෙනෙකු සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සිදුකර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරපු මාධ්‍ය වාර්තාවකුත් අපිට ලැබිල තියෙනව. රටේ ආර්ථිකය අඩපණ වෙලා, රැකියා කප්පාදු වෙලා, ව්‍යාපාර වැහිල වගේම සංචාරක ක්ෂේත්‍රය නැත්තටම වගේ නැතිවෙලා. ඒ මොන අඩුපාඩු ප්‍රශ්ණ තිබුණත් අපේ රටේ එන්නත්කරණය උපරිම හොද තත්වයක තිබ්බ කියන කාරණාව පක්ෂ විපක්ෂ කවුරුත් පිලිගනියී කියන මතයෙ අපි ඉන්නව.

ඊයේ වනවිට අපේරට රතු ලැයිස්තුවෙනුත් ඉවත් කරල කොල ලැයිස්තුවට ඇතුලත් වෙලා කියන වාර්තාවකුත් පලවෙලා . ඒක ලොකුම ජයග්‍රහණයක්. මේ දේවල් සිද්ද වෙන විදියට 2022 අපිට හොද හුස්මක් අරන් පටන්ගන්න පුළුවන් වෙයි කියන කාරණේ වගේම ඒ බලාපොරොත්තුව අපි හැමෝගෙම හදවත් තුල පැලපදියම්වෙලා ඇති කියන එක ගැන දැන් දැන් අපිට විශ්වාසයක් තියාගන්න පුළුවන් වෙයි. (උපුල් දේවප්‍රිය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්