Dec
4

මාධ්‍යවේදීන්ටද නොදැනෙන සේ ජනමතය වෙනස් කරන මාධ්‍ය මාෆියාව

 
1379 Views
   
 

දේශපාලකයා සිය මතවාද ජනතාව වෙතට ගෙන යන්නේ ජනමාධ්ය ඔස්සේය. ජනතාව බොහෝ දේවල් දැන ගන්නේ හා ස්වකීය තීන්දු තීරණ ගනු ලබන්නේ ජනමාධ්ය ඇසුරු කිරීමෙන්ය. ආණ්ඩු පත් කිරීමට මෙන්ම ආණ්ඩු පලවා හැරීමට ද ජනමාධ්යයට බලයක් ඇතැයි කියූ අග්රාමාත්ය මහින්ද මහතා ආණ්ඩු රැකීමේ හැකියාවක් ජනමාධ්යයට නැතැයි මෑතකදී පෙන්වා දුන්නේය. ජනමාධ්යකරුවාගේ පූර්ණ වගකීම ආණ්ඩු රැකීම නොව ජනතාවට යථාව පැහැදිලි කරදීමය.

පාලකයන්ගේ ඇත්ත තත්ත්වය හෙළිදරව් කිරීම ද මාධ්යකරුවාගේ වගකීමකි. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ රිචඩ් නික්සන්ට තම පදවිය අත්හරින්නට සිදු වූ වෝටර්ගේඩ් සිද්ධිය, රොනල්ඩ් රේගන්ගේ සැබෑ මුහුණුවර හෙළිදරව් කළ කොන්ට්රා අවි ගණු දෙනුව, බිල් ක්ලින්ටන් අපහසුවට පත් කළ මොනිකා ලෙවෙන්සිගේ පෙම් පලහිලව්ව ජනතාව අතරට ගියේ ජනමාධ්ය නිසාය. වාර්තාකරණයේ බලය එයින් පැහැදිලි වෙයි.

ඇමරිකන් ජනමාධ්ය පාලකයන් පලවා හරින්නට පමණක් නොව, නව පාලකයන් බලයට ගෙන ඒමටත් ක්රියා කර තිබේ. බැරක් ඔබාමා ඉදිරිපත් වූ ජනාධිපතිවරණය ඊට නිදසුනකි. ඔබාමා වටා තරුණ ඇමරිකානුවන් ඒකරාශි කරන්නට එදා ඇමරිකන් ජනමාධ්ය ක්රියා කළේය. ආණ්ඩු බලය ගත් දේශපාලකයන් ජනමාධ්යවලට නඟන චෝදනාවක් වන්නේ සංවර්ධන පුවත් පළවන්නේ නැත යන්නය. කුමන ආණ්ඩුවක් බලයේ සිටිය ද ජනමාධ්ය සංවර්ධන පුවත් කෙරෙහි උනන්දු වන්නේ නැත. මහජනයා සංවර්ධන පුවත් කෙරෙහි ආකර්ෂණය නොවීම ඊට හේතුවයි. සංවර්ධන පුවත් වෙනුවට ටෙලිනාට්ය නැරඹීමට ද අපරාධ කතා කියවීමට ද ජනතාව යොමු වී සිටිති. බුද්ධගයාව හා මහාබෝධිය බේරා ගැනීම සඳහා අනගාරික ධර්මපාලතුමා මහ සටනක් ගෙන ගියේය. 

ස්වදේශික ධනපතියන් මෙන්ම මියන්මාරය, තායිලන්තය වැනි රටවල දානපතියන් ද එම සටනට මුදල් ආධාර දුන් බව ප්රසිද්ධ කාරණයකි. ධර්මපාලතුමා එම සටන ජයගත් අතර, බුද්ධගයාව හා මහාබෝධිය ලෝක බෞද්ධයන්ගේ උරුමයක් ලෙස අදත් පවතී. එහෙත් එකල ඇතැම් සිංහල පුවත්පත් ධර්මපාලතුමාගේ සටනට එරෙහිව ප්රවෘත්ති පළ කරන්න පටන් ගත්තේය. “ධර්මපාල ගණන් හිලව් කෝ” යනුවෙන් ඇතැම් පුවත්පත් ප්රශ්න කර තිබිණි. ජනමාධ්ය හොඳට මෙන්ම නරකට ද භාවිත වෙයි. 

වැදගත් වන්නේ එය වටහාගෙන ක්රියා කිරීමයි. ජනමාධ්යකරුවන්ට ද නොදැනෙන අන්දමින් ඇතැම් පාර්ශ්වයන් රටේ ජනමතය හසුරවන බව පෙනේ. අද රටේ පවතින තත්ත්වය නිරීක්ෂණය කරන කෙනෙකුට එය පැහැදිලි විය යුතුය. හොඳ නරක, යුක්තිය අයුක්තිය, ජාතික වගකීම් යන කිසිවක් නොසලකා හරිමින් එම කටයුත්ත සිදු වෙයි. බොරු ආරංචි පැතිර යයි. අසත්යය සංඛ්යා දත්ත සමාජ ගත වෙයි. මේවා සිදු වන්නේ එකිනෙක පාර්ශවවල න්යායපත්රවලට අනුවය. ඇතැම් මාධ්යකරුවන්ද එම උගුලේ සිර වී සිටිනු දැකගත හැකිය

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්