Dec
19

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඉන්ධන සඳහා කූපන් ක්‍රමයක් !

 
1145 Views
   
 

පවතින ආර්ථික අර්බුද හේතුවෙන් අත්යවශ්ය ආහාර ද්රව්ය සහ ඉන්ධන සඳහා කූපන් ක්රමයක් යෝජනා කරන බව අමාත්ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ඉන් ඉන්ධන භාවිතය අඩු කර ගැනීමේ හැකියාවක් ඇති බවද ඔහු පැවසීය. 

ආණ්ඩුව මේ වන විට අමාරු කාලයකට මුහුණ දී ඇති ජනතාවටත් එක්තරා අමාරුකම්වලට මුහුණ දීමට සිදුව ඇතැයිද ඔහු පැවසීය. කොළඹ පැවති මාධ්ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

 “ආණ්ඩුව අමාරු කාලයකට මුහුණ දී තිබෙන්නේ. ඒ නිසා මහජනයාටත් එක්තරා විදිහේ අමාරුකම් වලට මුහුණ දෙන්න සිදුවී තිබෙනවා. ඔවුන්ගේ කලකිරීම ඉවත් කරගැනීමට උවමනා විශ්වාසයක් අපි ලබා දෙන්න ලෑස්තියි. අපි යෝජනා කරනවා අත්යාවශ්ය ආහාර ද්රව්ය අඩු ආදායම්ලාභී ජනතාවට අඩු මිලකට කූපන් ක්රමයට ලබා දෙන්න කියලා. ඒ වගේම තෙල් භාවිතය යම් කූපන් ක්රමයක් අනුව සලාක ක්රමයකට නිකුත් කිරීමට ක්රියා කරන්න. එමගින් තෙල් භාවිතය අඩු කරගන්න පිළිවෙලක් බලන්න කියලත් යෝජනා කරනවා.”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්