Jan
28

සම්පූර්ණ ප්‍රතිශක්තිය සැපයිය හැකි ස්පාඤ්ඤ ප්‍රතිකාරයක්

 
776 Views
   
A Spanish remedy that can provide complete immunity  

වසංගතයේ මුල් කාලපරිච්ඡේදය තුළ යුරෝපයේ වෛරස කේන්ද්‍රස්ථානයක් බවට පත්වූ ස්පාඤ්ඤය, 2020 ඔක්තෝබර් මාසයේදී ආසාදිතයන් මිලියනයක් වාර්තා වූ ලොව ප්‍රථම රට බවට පත්විය.

නමුත් දැන් ස්පාඤ්ඤය කොවිඩ්-19 තර්ජනය සදහටම අතුගා දැමිය හැකි ආයුධයක් ඉදිරිපත් කර තිබේ.

දැනටමත් කොවිඩ්-19 වසංගතයට එරෙහිව ලොවපුරා තවත් එන්නත් සිය ගණනක් සංවර්ධනය වෙමින් පවතින පසුබිමක, ස්පාඤ්ඤයේ එන්නත් 6ක් ඒ අතර වෙයි. කෙසේ වෙතත් දැනට වෙළෙඳ පොළෙහි ඇති කිසිදු එන්නතක් 100%ක් ඵලදායී යැයි කියා නැත. ඊටත් වඩා, නිරන්තරයෙන් විකෘති වන කොරෝනා වෛරසයක් සමග සම්පූර්ණ ප්‍රතිශක්තිකරණය සාක්ෂාත් කර ගැනීම ඇදහිය නොහැකි තරම් දුෂ්කර කාර්යයක් වී තිබේ.

නව ආකාරයේ එන්නතක්

මෙම පසුබිම තුළ යුරෝපය මැඩ්රිඩ්හි ජෛව තාක්ෂණ ජාතික මධ්‍යස්ථානය (CNB) කොරෝනා වෛරසයට සහ එහි අනාගත ප්‍රභේදවලට එරෙහිව ක්‍රියා කරන එන්නතක් නිපදවමින් සිටී. CNB හි පර්යේෂකයෙකු වන සෝනියා සුනීගා පැවසුවේ ඔවුන්ගේ මෙම නව එන්නත කොවිඩ්-19 සඳහා ප්‍රතිකාර කිරීම සහ වැළැක්වීමේ මෙතෙක් ආ ගමන්මග වෙනස් කරන්නෙකු විය හැකි බවයි.

“අපගේ එන්නත RNA මත පදනම් එන්නතක්. එබැවින් එය ෆයිසර් හෝ මොඩෙර්නා වැනියි. නමුත් වෙනස්කම් තිබෙනවා. එය එක් මාත්‍රාවක RNA එන්නතක්. මන්ද එය ස්වයං ප්‍රතිනිර්මාණය වන එන්නතක්. එය පුද්ගලයා තුළ ශක්තිමත් වෙනවා. එබැවින් විශාල මාත්‍රාවක් හෝ වැඩි මාත්‍රා ප්‍රමාණයක් ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. එසේම, එය තනි තනි වෛරස් ස්පයික් ප්‍රෝටීනවලින් පමණක් නොවෙයි, එය වෛරසයේ අනෙකුත් ප්‍රෝටීනවලින්ස ආරක්ෂාව සපයමින්, වඩාත් කාර්යක්ෂම ප්‍රතිශක්තියක් ලබාදෙනවා.”

කෙසේ වෙතත් මෙම එන්නතෙහි ඵලදායිතාව වැඩි කිරීම සඳහා යතුර වන්නේ එය පරිපාලනය කරන ආකාරය බව කියැවෙයි. සෝනියා සුනීගා පවසන පරිදි දිගු කල් පවතින ප්‍රතිලාභ ලබාගත හැකි මෙම කොවිඩ්-19 මර්දන එන්නත නාසික ඉසින එන්නතකි.

“දැන් අප සතුව ඇති අභ්‍යන්තර මාංශ පේශි එන්නත් අභ්‍යන්තරව පද්ධතිමය ආරක්ෂාවක් ලබාදෙනවා. එබැවින් නමුත් ඔබට ශ්වසන පද්ධතියෙන් පිටත පිහිටා ඇති ශ්ලේෂ්මල පටලයට ප්‍රතිශක්තිය අවශ්‍ය වූ විට, හොඳම ක්‍රමය වන්නේ එම නිරාවරණය වූ කොටස ආරක්ෂා කර ප්‍රතිශක්තිකරණය කිරීමයි. සෘජුවම, අන්තර්නාසික එන්නත් ලබා ගැනීමයි.” ඇය තවදුරටත් පැවසුවාය.

සංකීර්ණ අනුමත කිරීමේ ක්‍රියාවලිය

මෙම නාසික එන්නත් මොළයට සමීප මාර්ගයක් වන බැවින් අනවශ්‍ය අතුරු ආබාධ ඇතිවීමේ හැකියාව ගැන අවධානය යොමු කරමින්, එම එන්නත් සඳහා අනුමැතිය ලබාදීමට නියාමන ආයතන වඩා කල්පනාකාරී වේ.

කෙසේ වෙතත්, ස්පාඤ්ඤයේ ජෛව තාක්‍ෂණය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ පර්යේෂකයන් පවසන්නේ ඒ සඳහා ඇති ඉඩකඩ අවම බවයි. ඔවුන් අදහස් කරන්නේ, ද්විත්ව මාත්‍රා හෝ බූස්ටර් එන්නත් තවත් නොබෝ දිනකින්ම අතීතයට යන ප්‍රතිකාරයක් බවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්