Oct
23

“මං කිසිම එන්නතක් හෝ ප්ලාස්ටික් සැත්කමක් සිදු කරලා නැහැ. එය ඕන තැනක මට ඔප්පු කරන්න පුළුවන්”

 
1282 Views
   
 

“සුළඟක් වී මං යනවා දුර අහසේ ඉගිලෙන්නට” කියූ පුංචි සමනලිය සහෘද සිත් සතන් තුළ සියුම්ව ලැගුම් ගත්තේ නිරායාසයෙනි. සුළඟටත් වඩා වේගයෙන් දඟ කළ, පුංචි කතුරක් වගේ කියවූ දඟමල්ල ඉන්පසු ඒ සොඳුරු මතකය අලුත් කළාය. ඒ පුංචි කෙල්ල කාලයත් සමඟ යුවතියක් වුණත් හිතේ ඇඳුණු පුංචි දඟමල්ල තවමත් පුංචියට ලැගුම් ගෙන ඇත්තේ පුදුමාකාර ලෙසිනි. ඇය, නතාෂා පෙරේරායි. හදගැස්ම පත්තිරුව අද සරසන්නේ ඇයයි.

කොහොමද මේ දවස් වල ජීවිතේ ? 

අලුත් ගීතයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ආරාධනා ලැබෙන වැඩසටහන් වලට සහභාගී වෙනවා ඊට අමතරව වෘත්තීයමය කටයුතු කරමින් සතුටින් කාලය ගත කරනවා.

විවාහයෙන් පස්සේ කලා කටයුතුවලට වාරණයන් වැටුණද ? 

ඊට හේතුව විවාහයෙන් පසුව විදේශගත වීමට සිදුවීමත් ස්ථිර පදිංචියට මං ඕස්ට්රේලියාවට ගියා නිවාඩුවට ලංකාවට පැමිණිලා දැන් අවුරුදු එකහමාරකට ආසන්න දැන් දිගටම ලංකාවටම වී සිටින්නයි බලාපොරොත්තුව ඒ හේතුව නිසා ආරාධනා ලබන නිර්මාණ ගණනාවක් මට මඟහැරුණා ඊට කලිනුත් කලා නිර්මාණ කිහිපයක්ම මඟහැරුණේ අධ්යාපන කටයුතු නිසයි. 2015 නීතිඥවරියක් වීම හා විදේශගත වීම වැනි සාධක නිසා කලාවෙන් පුංචි විරාමයක් ගන්න මට සිදු වුණා.

කලාවෙන් විරාම ගැනීම තුළ ජනප්රියත්වයට පාදා ඇති වුණේ නැද්ද ? 

ඕනම දෙයක් එකම විදිහට පවතින්නේ නැහැ කියන සත්ය මං තේරුම් අරගෙනයි සිටින්නේ. ජනප්රියත්වයටත් එය පොදුයි. සුළඟක් වී මං යනවා ගීතය කරලා අවුරුදු විස්සක් ගත වී හමාරයි. ජනප්රියත්වය එදා මෙන් අදත් එලෙසම පවතින්නේ නැහැ කියලා මම දන්නවා. සාමාන්ය දෙයක් වගේම ලෝක ස්වභාවය එයයි. මං ලොකු නිර්මාණ ප්රමාණයක් නොකළත් තවමත් මිනිසුන් මට ආදරය කිරීම පුදුම සහගතයි. එය මං ලද විශාල භාග්යයක්.

දඟ මල්ල හා බැඳුණු ප්රේක්ෂක ආදරය තවමත් එලෙසම පවතිනවා කියා විශ්වාස කරනවාද ? 

දගමල්ල ටෙලිනාට්ය විකාශය වෙලා අවුරුදු 17 කට ආසන්නයි. මෑතකදී විකාශනය වුණේ අවුරුදු 15කට පසුවයි. කාලයකට පසු වුණත් සමාජ මාධ්ය ඔස්සේ දඟමල්ල ආයෙත් විකාශය වෙන්නෙ නැද්ද කියන පැනය නොඇසූ දිනයක් නැති තරම්. ඒ තරම් දඟමල්ල වැළඳ ගත් පිරිස විශාලයි. ඒ ආදරය තවමත් තිබෙනවා කියා මට දැනෙනවා.

ඇඟ මගේ නම් ඇඳුම් මගේ නම් කාටවත් ඇයි වේදනා කියන සංකල්පය මත ඉඳන්ද ඔබ ෆැෂන් කරන්නේ ? 

නැහැ මට කැමති නැත්නම් මගේ ෆැෂන් වලට කැමති නැත්නම් බලන්න එපා කියන සංකල්පයේ මම නැහැ. ප්රේක්ෂකයන් හා රසිකයන් නිසයි මම මෙතන ඉන්නේ. එයාලා අපව ප්රතික්ෂේප කරන දවසට අපේ පැවැත්ම ක්ෂේත්රයේ ගොඩනගා ගන්න අපහසුයි. සුළුතරයක් චෝ දනා එල්ල කලත් බහුතරයක් අයගේ ආදරය මට හිමි වී තිබෙනවා. ඔවුන් වෙනුවෙන් මම ලස්සනට ෆැෂන් කරනවා. මට ආදරය කරන මිනිසුන් වෙනුවෙනුයි මම ෆැෂන් කරන්නේ.

ලංකාව වගේ සංස්කෘතික රටක ජීවිතය විඳීම, ෆැෂන් කිරීම වැනි කාරණා නිදහසේ කිරීමට අපහසුද ? 

එය දකින කෙනාගේ කෝණය මත වෙනස් වෙනවා. සංස්කෘතිය සදාචාරය කියන තැනදී යම් යම් වාරණයන් පැනවෙනවා. තැනට සුදුසු ලෙස විලාසිතා කිරීම තුළ එකී තත්ත්වයන් උද්ගත වන්නේ නැහැ. මං කලාව තුළ ජීවත් වෙන කෙනෙක් වගේම ෆැෂන් කරන්න ගොඩක් කැමති කෙනෙක්. සුළුතරයක් විවිධ චෝ දනා එල්ල කලත් බහුතරයක් ඒ ෆැෂන් ෆලෝ කරනවා. ඒ පිළිබඳව කාගෙවත් කතාබහට ලක්වන්නේ නැහැ. කලාව තුල විලාසිතා කලත් නීතිඥ වෘත්තිය තුළදී මම මේකප් භාවිතා කරන්නෙත් නැහැ. එක් එක් අවස්ථාවලදී අපට එහි ස්වභාවයට හැඩ ගැහෙන්න පුළුවන් නම් එය ගැටලුකාරී තත්ත්වයක් නෙවෙයි.

ෆැෂන් කරන්නේ Foreign Celebrity කෙනෙකු ෆලෝ කරලද ? 

මං විදේශීයව ජීවත් වුණු කෙනෙක් විදිහට ඒ රටේ විලාසිතා මම දැක්කා. ලෝකයේ විලාසිතා මං දෑසින්ම අත් දුටුවා. ඒ නිසා කාවවත් මං ෆලෝ කරන්නේ නැහැ. මට ගැළපෙන ෆැෂන් ෆලෝ කරන්න මම මැළි වෙන්නෙත් නැහැ.

සමාජ මාධ්ය ඔස්සේ එල්ල කරන මඩ ප්රහාර චෝදනා කාන්තාවක් ලෙස දරා ගන්නෙ කොහොමද ?

ක්ෂේත්රය තුළ රැඳී සිටිනවා නම් ඔසවා තැබීම වගේම මඩ ප්හා ර දරා ගන්නට හැකි විය යුතුයි. වර්ණනා කරන කොට ඉදිමෙන්නත් මඩ ප්ර හා ර එල්ල කරනකොට මානසිකව ඇද වැටෙන්නත් අප පුරුදු වුනොත් ජීවත් වෙන්න අපහසුයි. ඒ සියල්ල උපේක්ෂාවෙන් දරා ගැනීමයි බෞද්ධාගමේ හරය. එය හුදෙක් සාමාන්ය දෙයක් ලෙස සාධාරණීයකරණය කරගන්න පුළුවන් නම් ක්ෂේත්රය තුළ රැඳී සිටින්න පමණක් නෙවෙයි ජීවත් වෙන්නත් පහසුයි.

රූපය වෙනස්වීම ගැන ක්ෂේත්රයේ වගේම සමාජ මාධ්ය ඔස්සේ විවිධ කටකතා පැතිරුණා ඔබ ඒ පිළිබඳව දරණ මතය මොකක්ද ? 

තවමත් විවිධ කටකතා පැතිරෙනවා. මම එය ඉඳුරා ප්රකාශ කළත් මිනිසුන් පිළිගන්නේ තමන්ට අවැසි දේ පමණයි. මං කිසිම එන්නතක් හෝ ප්ලාස්ටික් සැත්කමක් සිදු කරලා නැහැ. එය ඕන තැනක මට ඔප්පු කරන්න පුළුවන්. මගේ නම භාවිතා කර විවිධ එන්නත් වර්ග අලෙවි කිරීමේ ජා’ වා ක නිරත වෙනවා. මම ඔවුන්ට පෞද්ගලික කතා කරලා එය නිවැරදි කළා. ඒ වගේම ලස්සනට ඉන්න අවශ්යයි. නමුත් ඇතැම් ආලේපන වලින් සිදුවන හානිකර තත්වයන් වලට ටික කාලයක් ගත වෙනවා. ඒ නිසා ස්වභාවික රූපලාවණ්ය සත්කාර වලින් සම පැහැපත් කර ගැනීමයි වඩාත් වැදගත්. 

කලාව තුලින් ආර්ථිකයේ ස්ථාවර තත්ත්වයක් ගොඩනඟා නොගත්තේ එයින් පැවැත්මක් ගොඩනඟා ගන්න අපහසු නිසාද ? 

මං ක්ෂේත්රයට පිවිසෙන්නේ ළමා ගායිකාවක් විදිහට, කලාවත් එක්ක අධ්යාපන කටයුතු සමබර කරගන්න මට හැකි වුණා. මං කවදත් කලාව කළේ අර්ධකාලීනව. ඒ නිසා ඉදිරියේදිත් අධ්යාපන සුදුසුකම් මත වෘත්තීය කටයුතු කරමින් කළා කටයුතු කැපවීමෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

අනාගතයේදී වැඩකටයුතු කිරීමට කැමති අධ්යක්ෂකවරුන් සිටිනවාද ?

ලංකාවේ ඉහළින්ම සිටින ටෙලිනාට්ය අධ්යක්ෂකවරුන් වගේම චිත්රපට අධ්යක්ෂකවරුන්ගෙන් ආරාධනා මට ලැබුණා. එකී කාරණය තුළදී මං ගොඩක් වාසනාවන්තයි. නමුත් මට ඒ ආරාධනා ප්රතික්ෂේප කරන්න සිදුවුණා. ඒ නිර්මාණවලින් බිහිවූ රංගන ශිල්පිනියන් දැන් ක්ෂේත්රයට හොඳ නමක් හදාගෙන සිටිනවා. නමුත් ඒ ගැන මට කිසිම දුකක් නැහැ.

පවුලට තුන්වැන්නෙක් එකතු කරන්න දැන් හොඳම කාලය නේද ? 

දැනට නම් එහෙම බලාපොරොත්තුවක් නැහැ මුලින් ස්ථාවර තත්වයකට පත්වෙලා ඉන් පස්සේ ඒ ගැන හිතන්න බලාපොරොත්තු වෙනවා.

උපුටාගැනීම මව්බිම හදගැස්ම අතිරේකයෙනි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්