Sep
28

රාජ්‍ය ඖෂධ සංස්ථාවේ මුදල් අවභාවිතා කරමින් බිල්ඩිමක් මිලදි අරගත්තු රාජිත

 
531 Views
   
 

විශාල මුදලක් වියදම් කරලා අපි ලොකු බිල්ඩිමක් හැදුවා කියලා හිතමුකෝ. අපි හදපු බිල්ඩිමට බැංකුවෙන් තක්සේරු කරලා තියෙන්නේ රුපියල් කෝටි 14ක් නම් අපි ඔය බිල්ඩිම විකුණයිද රුපියල් කෝටි 8ට වගේ. ලොවෙත් නෑ නේ. බැංකුවේ තක්සේරු මුදලට ගොඩාක් අඩු මුදලට බිල්ඩිම විකුණනවා නම් අනිවායයෙන්ම පිස්සෙක් වෙන්න ඕනි. හැබැයි ඔය වගේ පි ස්සෙක් ඉඳලා තියෙනවා. මෑන් රාජිත සේනාරත්න කියන ක ම්බ හො රාගේ ලඟම හිතවතෙක්. හො ඳම වැඩේ කියන්නේ බැංකුවෙන් තක්සේරු කරපු මුදලට වඩා ඉතාමත්ම අඩු මුදලකට බිල්ඩිම විකුණලා තියෙන්නේ රාජිත සේනාරත්නට. මාරයිනේ වැඩේ.

බුලත්සිංහල ප්‍රදේශයේ ඉදිකෙරෙනවා ගොඩනැගිල්ලක්. රාජිත කියන විදියට ඒ ගොඩනැගිල්ල හදලා තියෙන්නේ පෞද්ගලික රෝහලක් වෙනුවෙන්. මේ ගොඩනැගිල්ල හදලා ඉවර වෙලා පෞද්ගලික රෝහලක් විදියට ටික දවසක් කරගෙන ගියාට පස්සේ මේ රෝහලේ අයිතිකාරයා තීරණය කරනවා ගොඩනැගිල්ල විකුණලා දාන්න. මේ ගොඩනැගිල්ල විකුණන්න තීරණය කරන්න හේතුව මේ රෝහලෙන් හිතපු තරම් ආදායමක් ලැබෙන්නේ නැ හැයිලු , පාඩු පිට පාඩු ලබන හින්දලු විකුණන්න තීරණය කරේ. මාර සීන් එකක්නේ අප්පා මේක. රජයේ රෝහල් වගේද පෞද්ගලික රෝහල් පාඩු ලබන්න. අපි දන්න තරමට ලෝකයේ ලාබදායි ව්‍යාපාරයක් තමයි පෞද්ගලික රෝහල් කියලා කියන්නේ. පෞද්ගලික රෝහල් එහෙම පාඩු ලබන්නේ නෑ. ලංකාව පුරාවටමත් පෞද්ගලික රෝහල් ඕනෑතරම් තියෙනවා කොළඹ කලීල් රෝහල කියන්නෙත් පෞද්ගලික රෝහලක් , අපේ අම්මලා කසාද බඳින්න කලින් ඉඳලම ඔය රෝහල තියෙනවාලු. තවමත් ඔය රෝහල ඔය විදියටම තියෙනවා. මන් උදාහරණයට ගත්ත කලීල් රෝහල කොයි වෙලේ බැලුවත් වේලිලා තියෙන රෝහලක්.

එහෙම තියෙද්දිත් ඒ රෝහල අද වෙනකම් වහන්න කටයුතු කරේ නෑ. ඒ කියන්නේ බැලු බැල්මටම සෙනග ඇදෙන්නේ නැ ති උනත් ඒ රෝහලෙන් අයිතිකාරයාට ලාබයක් ලැබෙනවා. එහෙම ලාබයක් නැ තිනම් ඔක වහලා දාවි නේ? හැබැයි රාජිත කියන විදියට බුලත්සිංහල ප්‍රදේශයේ ඉදිකරලා තියෙන්නේ සෑම පහසුකමක්ම ඇති නවීන පන්නයේ රෝහලක්ලු. ඉතින් ඒවගේ රෝහලක් පාඩු ලබනවා කියන්නේ විශ්වාස කරන්න පුලුවන් දෙයක්නම් නෙමෙයි.

ඔය රෝහල පාඩු උනා කියලා හිතමුකෝ? එහෙම පාඩු උනා නම් ඒ රෝහල අඩු මුදලකට විකුණන්න කටයුතු කරයිද? එම රෝහලට බැංකුවෙන් තක්සේරු කරලා තියෙන මුදල රුපියල් මිලියන 120ක්. මේ වගේ තක්සේරුවක් බැංකුවෙන් කරලා තියෙද්දි මේ රෝහලේ අයිතිකාරයා රෝහල විකුණනවා ආණ්ඩුවට රුපියල් මිලියන 88ට. ඇයි එහෙම අඩු මුදලකට විකුණන්නේ? රාජිත සේනාරත්න කියන ක ම්බ හො රා මේ බිල්ඩිම මිලදී අරන් තියෙන්නේ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ මුදල්වලින්. එතකොට සෞඛ්‍ය ඇමති වෙලා ඉඳලා තියෙන්නෙත් රාජිත.

හරි බිල්ඩිම සල්ලිවලට අරගත්තා කියලා කියමුකෝ , ඔච්චර විශාල මුදලක් දීලා අරගත්තු බිල්ඩිමෙන් මොකක් හරි ප්‍රයෝජනයක් තියෙන්න එපායෑ. නමුත් මේ බිල්ඩිමෙන් රජයට ඇති වෙච්ච ප්‍රයෝජනයක් නෑ. රාජිත කියන්නේ තමන්ගෙන් සත පහක වැඩක් සිද්ද උනත් ඒ ගැන මහා පම්පෝරියක් ගහන එකෙක්නේ. හැබැයි මෙච්චර දවසකට රාජිතගේ කටින් මේ බිල්ඩිම සම්බන්ධයෙන් මොකක් හරි කියලා තියේද. අපි දන්න තරමින් නම් රාජිත මේ ගැන මෙලෝ දෙයක් කිව්වේ නෑ. ඒත් මේ බිල්ඩිමේ වැඩේ ලෙසටම පත්තු උනාට පස්සේ රාජිත කියනවා “ඔය බිල්ඩිම සල්ලි දීලා අරගත්තේ පුහුණු මධ්‍යස්ථානයක් විදියට පවත්වාගෙන යන්නලු , රාජිත සෞඛ්‍ය ඇමති වෙලා ඉන්දැද්දි මේ බිල්ඩිමේ කණ්ඩායම් තුනක් පුහුණු කරාලු. කියලා. මොකද්ද දන්නෑ මෑන් ඔය බිල්ඩිමේ කරපු පුහුණුව.

මුරුත්තේට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ සෞඛ්‍ය සංගම්වලට සම්බන්ධ ස්වාමීන් වහන්සේ නමක්නේ. එතකොට උන්වහන්සේ මේ සම්බන්ධයෙන් පොඩි හරි තොරතුරක් දැනගෙන ඉන්න ඕනි නේ. බුලත්සිංහල ප්‍රදේශයේ මෙහෙම බිල්ඩිමක් මිලදි අරන් තියෙනවා සෞඛ අංශයේ අයට පුහුණුවීම් ලබා දෙන්න කියලා. නමුත් උන්වහන්සේ කියනවා “රාජිත කියනවා වගේ පුහුණුවීම් මධ්‍යස්ථානයක් කරගෙන ගියා කියලා කියන්න කිසිම තොරතුරක් මේ වෙනකම් ලැබිලා නෑ” කියලා. ඇත්තම කතාව මෙතන සිද්ද වෙලා තියෙන්නේ වෙනම මගඩියක්. මේ බිල්ඩිම හදලා තියෙන්නේ රාජිතගේ ලඟම හිතවතෙක්. බැංකුවේ තක්සේරුව රුපියල් මිලියන 120ක් කියලා රටට පෙන්වන්න රාජිතලා වගේ ක ම්බ හො රුන්ට ඕනෑ තරම් බො රු ලියකියවිලි හදන්න පුලුවන්.

එහෙම ලොකු වටිනාකමක් පෙන්වලා තමයි රජයේ සල්ලි වලින් රාජිත මේ බිල්ඩිම අරන් තියෙන්නේ. සමහරවිට මේ බිල්ඩිමේ ඇත්ත වටිනාකම රුපියල් මිලියන 40ක් වගේ වෙන්නත් පුලුවන්. ඒ වගේම මේ බිල්ඩිම හදන්න ඇත්තෙත් රාජිත බෙහෙත්වලින් හො රාකාපු සල්ලිවලින් වෙන්නත් පුලුවන්. රජයේ සල්ලිවලින්ම හදපු බිල්ඩිමක් ‍තමන්ගේ චක් ගෝලයෙක්ගේ වගේ පෙන්නලා වැඩි මුදලකට රජයටම විකුණලා වෙන්නත් පුලුවන්. රාජිතවගේ ක ම්බ හො රෙක් මේ වගේ වැඩකට අතගහන්නේ නිකන් වෙන්න බෑ. ඒ නිසා මේ බිල්ඩිමේ ඇත්ත කතාව රටට හෙලිකිරීම ආණ්ඩුවේ වගකීමක්. (මොහමඩ් අක්රම්)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්