Sep
23

එදායින් පස්සේ නෝනා මට අත තියන්නවත් දෙන්නේ නෑ, හනිමුන් එක දවසෙ වැඩිපුරත් සල්ලි ගෙවලා විශ්ව කොඩිකාර කරගත්ත වැඩේ

 
1163 Views
   
 

පුංචි තිරයේ ආදරවන්තයා ලෙස අතිශය ජනප්‍රියත්වයට පත් චරිතයක් තමයි විශ්ව කොඩිකාර කියල කියන්නේ. මේ අතර වසර ගණනාවක් පුරාවට ඔහු එදා වගේම අදටත් පුංචි තිරයේ පෙම්වතා වීමත් විශේෂත්වයකි. කොහොම නමුත් පබළු ටෙලි නාට්‍යයට සිය රංගන දායකත්වය දක්වපු ඔහු ලාංකීය ජනයා අතර සීඝ්‍ර ජනප්‍රියත්වයක් හිමිකර ගත් අතර හසරැල් ඔහුගේ ජිවිතේ හැරවුම් ලක්ෂය බවට පත්වුනා. ඉන් අනතුරුව නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබාදෙන ඔහු සිය රංගන හැකියාවන් මනා ලෙස පෙන්නුම් කරනු ලැබුවා

කොහොම නමුත් වර්තමානයේ අහස් මාලිගා ටෙලි නාට්‍යයේ සුරාජ් කියන චරිතයට සිය රංගන දායකත්වය දක්වන ඔහුට ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගැනීමට හැකිව තිබෙනවා. ඒ වගේම ඔහු මේ දිනවල කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය ඔස්සේද අපට දැකගන්නට ලැබෙනවා. ඉතින් පුංචි තිරයේ ආදර වන්තයා ලෙසින් ජනප්‍රිය ඔහු සැබෑ ජිවිතයේදී ආදරණිය පියෙකු වනවා. ඔහුට හුරතල් දරුවන් දෙදෙනෙකු සිටින අතර ඔහු ඉතාමත් වාසනාවන්ත නළුවෙකු ලෙස හදුන්වන්න පුලුවනි. ඔහුගේ ආදරණිය බිරිද තමයි එරන්දතී කියල කියන්නේ. ඇය ඉතාමත් නිහතමානී සුන්දර ආදරණිය චරිතයක් වන අතර ඔවුන් සතුටින් කාලය ගත කරනු ලබනවා

කොහොමහරි ඉතින් විශ්ව මෑතකදී අපූරු කතාවක් හෙලිකර තිබුණා. ඒ ඔවුන්ගේ හ,නිමුන් එක දිනයේ සිදුවුණු අමතක නො වන සිද්ධියක් පිළිබඳ කළ මතක ආවර්ජනය කිරීමකි. ඉතින් විශ්ව කියන්නේ කිසිම දවසක මේ වගේ සිද්ධියකට මුහුණ දෙන්න සිදුවේවි කියල ඔහු හීනෙකින්වත් නො හිතපු බවයි. ඉතින් ඔහු ඒ පිළිබඳ විස්තර කර තිබුනේ මෙලෙසයි. අපි හනිමුන් ඉවර වෙලා කාමරයෙන් පිට වෙද්දී කාමරේ ඇතුලේ මිනි බාර් එකේ තිබ්බ ඔක්කොම අපි බෑග් වලට දාගත්තා. අපි හිතුවේ ඒවා අපිට දාපු ඒවා කියල. ඒවාට එක්ක බිල හදලා තියෙන්නේ කියලා. අන්තිමේදී හෝටලේ බිල ගෙවන්න ගියාම එයාටයි මටයි කර කියාගන්න දෙයක් නැති වුනා. වැඩියෙන් රුපියල් 14000ක් ගෙවන්න වුනා. ඒ මිනිබාර් එකේ තිබ්බ සේරම ගත්තා නිසා. එදායින් පස්සේ නෝනා මට කවදාවත් මිනි බාර් එකට තවත් තියන්න දෙන්නේ නෑ. මේ වගේ දෙයක් වෙන කාටවත් වෙන්නේ නැතිව ඇති කියලයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්