Aug
23

රට ලොක්ඩවුන් කිරීම වසංගතය පාලනයට විසදුමක් නො වේ

 
373 Views
   
 

රට ලොක්ඩවුන් කිරීම කො විඩ් වසංගතය පාලනයට තිරසාර විසඳුමක් නො වන බව ඔස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් පවසයි. රටින් වසංගත තුරන් කිරීමේ නව සැලසුම වන්නේ “වෛරසය සමග ජීවත්වීමේ මාවතක්” සැකසීම බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

ප්‍රාන්ත හා නගර රැසක් ලොක්ඩවුන් කර ඇති පසුබිමක ඔස්ට්‍රේලියාවේ දෛනික ආසාදිතයන් වාර්තාව යළි අලුත් වී තිබේ. ඊයේ දිනය තුළ එරටින් නව ආසාදිතයන් 915 දෙනෙක් හඳුනාගත් අතර 900 ඉක්මවා දෛනික ආසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාව ද එය වෙයි.

ලොක්ඩවුන් සීමා නිසා ජනතාවට සහ ව්‍යාපාරවලට සිදුවී ඇති බලපෑම තමා හඳුනාගෙන ඇති නමුත් අ වා ස නා ව ක ට මේ මොහොතේ රට ලොක්ඩවුන් කිරීම අවශ්‍ය බවද අගමැතිවරයා සඳහන් කර ඇත. ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමත් සමග වෛරස ආසාදන තවදුරටත් ඉහළයා හැකි බැවින් ඒ සඳහා සූදානම් වී සිටින ලෙසද ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා තිබේ.

මේ අතර වසංගත ව්‍යාප්තියේ ද රු ණු ත ම අවදියට පැමිණ සිටින වියට්නාමයේ හෝ චින් මින් නගරයට අද සිට දැඩි ලොක්ඩවුන් සීමා ක්‍රියාත්මකය. රට තුළ වෛරස ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය බවට පත්වී ඇති හෝ චින් මින් වැසියන්ට අද සිට නිවසින් පිටතට යෑම ත හ න ම් වේ. මේ අතර පුද්ගලයන් දහස් ගණනකගේ සහභාගිත්වයෙන්
කො විඩ් -19 සෞඛ්‍ය අවසර පත්‍රයට එරෙහිව පැරීසියේදී වි රෝ ධ තා ව ක් පැවැත්වුණි.

අවන්හල් ඇතුලු වාණිජ ස්ථාන වෙත ඇතුලුවීමේදී, කො විඩ් ම  ර්දන එන්නත් ලබාගෙන ඇති බව තහවුරු කිරීම සඳහා මෙම සෞඛ්‍ය අවසරපත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්ය කරමින් ප්‍රංශ රජය නී ති ය ක් ගෙන එනු ලැබීය. එම නීතිය ඉවත් කරගන්නා ලෙස රජයට බලකරන වි රෝ ධ තා ක රු ව න්, අදාළ නී තිය මගින් රට වැසියන් දෙපිලකට බෙදා ඇති බව පවසයි.

ලොව පුරා කො විඩ් වෛරස ආ සා දි ත ය න් සංඛ්‍යාව අද 21 කෝටි 25 ලක්ෂය ඉක්මවා ගියේය. වසංගතයෙන් ලොව පුරා සිදුවී ඇති ම රණ සංඛ්‍යාව 44 ලක්ෂ 43 දහසකට අධිකය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්