Jul
28

අලුත බැදපු ජෝඩුව ළිඳට වැටුනාද? ළිඳට පැන්නාද?

 
1844 Views
   
 

මුලතිව් මල්ලාවි පොලිස් බල ප්‍රදේශයේ අංජියන්කුලම් ප්‍රදේශයේ පදිංචි සැමියා සහ බිරිය ගෙවත්තේ ළිඳකට වැටී මි’යගොස් සිටියදී මළ සිරුරු ඊයේ (27දා) උදෑසන සොයාගත් බවට මල්ලාවි පොලිසිය පවසයි.

අසල්වැසියකු විසින් අදාළ යුවළ සිටි නිවෙසේ පෙරේදා (26දා) රාත්‍රියේ සිට කිසිවකුත් නො’සිටීම හේතුවෙන් පරීක්ෂා කිරීමේදී ගෙවත්තේ ළිඳට වැටී ඇති බව දැක ඒ බව මල්ලාවි පොලිසියට දැනුම්දී තිබෙනවා.

අ’නතුරුව අදාළ ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් පරීක්ෂණ කටයුතු ආරම්භ කොට ඇති අතර මෙම සැමියා සහ බිරිය විවාහ වී මාස 10ක පමණ කාලයක් ගෙවී ඇති බවටත් මි’ය යෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නො’මැති බවද පොලිසිය පවසා සිටිනවා.

මෙලෙස මි’යගොස් ඇත්තේ අංජියන්කුලම් ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි රංජන් ප්‍රදීපන් සහ 27 හැවිරිදි ප්‍රදීපන් මාලනී නමැති අය බවට හඳුනාගෙන තිබෙනවා.

අදාළ යුවළ ළිඳට වැටුණේද පැන දිවි නසා ගත්තේ දැයි යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නො’මැති අතර ම’ළ සිරුරු ගොඩට ගෙන පශ්චාත් ම’රණ පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇතැයිද පරීක්ෂණ සිදුකරන මල්ලාවි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්