Jun
5

පාසල් ආරම්භ කරන බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත අසත්‍යයි

 
1551 Views
   
 

අදියර 4කින් පාසල් ආරම්භ කරන බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවත අසත්‍ය බවත්, පාසල් ආරම්භ කිරීම පිළිබදව මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බවත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.මේ පිළිබදව කළ විමසීමකදී ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේ, පවතින කෝවිඩ් 19 වසංගතය පැතිරයාමේ නව තත්ත්වය හමුවේ මෙතෙක් පාසල් ආරම්භය පිළිබදව තීන්දුවක් ගෙන නොමැති බවයි.

රට තුළ පවතින වසංගත තත්ත්වය පිළිබද සැලකිල්ලට ගනිමින් සෞඛය අංශ ලබාදෙන නිර්දේශවලට අනුකූලව පාසල් ආරම්භය පිළිබදව තීරණය ගන්නා බව ද ඒ මහතා සදහන් කළේ. අධ්‍යාපන අමාත්‍යංශය මෙන්ම සෞඛ්‍ය බලධාරින් ද පාසල්දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබදව මූලිකත්වය ලබාදෙමින් ඉදිරියේ දී අදාළ තීන්දු තීරණ ගන්නා බව ද ඒ මහතා කියා සිටියේය.

නවෝද්‍යා පවනි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්