Feb
23

” මම හිතනවා හැමෝටම කවදාවත් කලාව හෝ රංගනය තුළ වැජඹෙන්න බැහැ කියල” ජනප්‍රිය රංගන ශිල්පිනී නයනා කුමාරි

 
1269 Views
   
 

මෙරට හැමෝම වගේ ආදරය කරන ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය දක්ෂ වගේම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි නයනා කුමරී කියල කියන්නේ. කොහොම නමුත් එදා අපට පුංචි තිරයෙන් නිරන්තරයෙන් දැකගන්නට ලැබුණු ඇය මේවෙනකොට රංගන ශිල්පිනියක ලෙස පමණක් නොවෙයි රූපලාවණ්‍යය ශිල්පිනියක ලෙසත් කටයුතු කරනවා. කෙසේවෙතත් මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව ඇගේ ඇගේ අලුත්ම තොරතුරු කතාබහ කර තිබුණා. ඒ මෙලෙසින්

මේ දවස්වල මම ‘දිවිතුරා’ ටෙලිනාට්‍යයේ රඟපානවා කියන ඇය කියන්නේ මම හිතනවා හැමෝටම කවදාවත් කලාව හෝ රංගනය තුළ වැජඹෙන්න බැහැ කියල මොකද පෙර කළ චරිත කරන්න බැහැ. වයසට යනවා, පෙනුම වෙනස් වෙනවා කියලා. එතකොට ඉතින් හැමදාම ටී.වී. එකේ පෙනී ඉන්න බැහැ කියල කියන ඇය ඊට නිදසුනක් වශයෙන් පෙන්වා දෙන්නේ අපේ හෙළ නිළි රැජින මාලනී ෆොන්සේකාට එදා මෙන් ‘සුහද පැතුම’ හෝ ‘එයා දැන් ලොකු ළමයෙක්‘ වාගේ චිත්‍රපටවල රඟපාන්න බැහැ කියන එකයි

ඒ වගේම මෙගා නාට්‍ය කලාවෙන් දූෂිත නොවූ ඉස්සර තිබුණු ටෙලි යුගය හරි අපූරුයි කියන නයනා කියන්නේ රොජර් සෙනෙවිරත්න ඇය වෙනුවෙන්ම තිළිණ දෙන්න බලා සිටි ‘චාතූර්යා’ චරිතයට ඇය අදටත් කැමතියි කියලයි. ඒ විතරක් නොවෙයි ඒ දවස්වල ඇයට මතකයිලු මහින්ද රාජපක්ෂ එවකට අගමැතිව සිටි කාලේ ශිරන්ති රාජපක්ෂ මැතිනිය ඇයට කිව්වාලු උත්සවයකට ආව අවස්ථාවක, නයනා ඔයා ලස්සනට ‘චාතූර්යා’ කරනවා, මම හරි ආසාවෙන් ඒක බලනවා, බලන්න බැරි වෙන දවසක් ආවම මම ඒක කාට හරි කියලා රෙකෝඩ් කරවනවා කියලා. ඉතින් ඒ විදිහට එතුමිය දුන් ඒ අගය කිරීමට එදා ඇයට හරියට සතුටු හිතුණා කියලයි ඇය කියන්නේ

කොහොම නමුත් නයනා කුමාරි කියල කියන්නේ සම්මාන රැසකට හිමිකම් කියන ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඉතින් ඒ ගැන ඇය කියන්නේ මෙහෙම කතාවක්.

” හොඳම නිළිය සහ ජනප්‍රිය නිළිය ලෙස සම්මාන දෙකම මට හිමි වුණේත් ‘චාතූර්යා’ නිසයි. ඇත්තටම මම ටෙලි කලාවට ආවේ ‘කස්තිරම’ ටෙලිනාට්‍යය තුළිනුයි. එතකොට මම වයස අවුරුදු 14ක පොඩි කෙල්ලක්. ඉතින් කස්තිරමෙහි රංගනයෙන් පස්සේ මට නොසිතූ ලෙස ටෙලි පිටපත් ලැබෙන්න පටන් ගත්තා. ඒ අතරින්, ‘අසනි වැසි’, ‘ගජමන් නෝනා’ අතිවිශේෂයි. ඒ වගේම රංගනය ගැන මට ප්‍රියතාවයක් ඇති කළේ මගේ අම්මා. එය ආවාට ගියාට කරනවාට වඩා ප්‍රමිතියක් ඇතුව කරන්නට වුවමනා නිසා මගේ අම්මා මාව ප්‍රවීණ නාට්‍ය නිර්මාණකරු ගාමිණී ද සිල්වා මහතා වෙත යොමු කළා. ඉතින් මගේ පළමු ගුරුවරයා තමයි ඔහු.” කියලයි

ඉතින් මේවෙනකොට රූපලාවන්‍ය ශිල්පිනියක ලෙස කටයුතු කරන ඇය කියන්නේ තමන්ට රංගනය වාගේම ඇයට ඇයගේ අම්මාගෙන් ලැබුණු දායාදය වූ රූපලාවන්‍ය කලාව තුළ වඩාත් ඉදිරියට යන්න ඕනෑ වුණා කියලයි. ඒ හැම දේම අනුව බලලා තමයිලු සැලෝන් එකේ කටයුතුවලට වැඩි කාලයක් දෙන අතර රංගනයෙන් මඳක් ඈත් වුණේ කියලයි ඇයනම් කියන්නේ. හැබැයි තමන්ට ඉදිරියේදී හොඳ චරිතවලට ආරාධනා ආවොත් එයද මඟහරින්නේ නැහැ කියලයි ඇය අවසාන වශයෙන් කියල තිබුනේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්