Jun
10

ඔබට ගෙදර ඉඳන් සල්ලි හොයන්න පුළුවන් සුපිරිම ක්‍රම ටිකක් මෙන්න

 
2027 Views
   
 

අද අපි ඔබට කියන්නට හදන්නේ නිවසේ ඉදන්ම ඔබට හොද ආදායමක් හොයාගන්න පුළුවන් ක්‍රම ටිකක් ගැන සල්ලි හොයන ක්‍රම කිව්වම ඉතින් කවුරුත් හිතයි බිස්නස් ටිප්ස් කියල. නෑ නෑ. මේ කියන්න යන්නෙ ගෙදර ඉන්න ගමන් හෝ තවත් රැකියාවක් කරන ගමන්ම වුණත් අතිරේකව මුදලක් උපයගන්න තෝරගන්න පුළුවන් මාර්ග කිහිපයක්. අද කාලෙ ඉතින් කොයි දේටත් සල්ලි ඕනනෙ. ඉතින් රස්සාවක් කළා කියල අමතර ආදායමක් ලැබෙන එක වැඩිවෙන්නෙ නෑ කවදාවත්. මාසෙ පඩිය ණය ගෙවන්නයි, කන්න බොන්නයි එහෙ බලල මෙහෙ බලනකොට ඉවර වෙන එකේ මෙන්න මේ කියන ක්‍රම වලින් මොකක් හරි ගැන හොයල බලල අමතර ආදායමක් හොයාගන්න උත්සාහ කරල බලන්නකෝ. ලොකු වියදමක් නැතුව ඔබට ඔබගේ නිවසේදීම උනත් කරන්න පුළුවන් පොඩිවට පටන් ගත්තොත් ඔබට විශාල ගමනක් උනත් යන්න පුළුවන් අද ලෝකේ ගොඩාක් ප්‍රසිද්ද ප්‍රකෝටි පතියන් ඒ තැනට ඇවිල්ල ඉන්නෙත් මෙන්න මේ වගේ පොඩි පොඩි සොයන් රැකියා වලින්ම තමයි උත්සහා කලොත් ඔබටත් බැරි වෙන්නේ නැ අදම පටන් ගන්න උත්සහාය තමා මේ හැමදේකටම තියෙන්න ඕනේ ඉතින් මේක කියවල බලන්න ඔබටත් අදහසක් ගන්න මේක වටිනාකමක් වෙයි කියලා අපි හිතනවා

 

1. ඔන්ලයින් බිස්නස්

ඔන්ලයින් බිස්නස් කියන්නෙ අන්තර්ජාලය හරහා කෙරෙන බිස්නස් වලට. මේක දැන් කාලෙ හුඟ දෙනෙක් අතරෙ ප්‍රසිද්ධ මුදල් උපයන මාර්ගයක්. හොඳ ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් තියෙන කෙනෙකුට පොඩි ප්‍රාග්ධනයක් යොදවල ආරම්භ කරන්න පුළුවන් වැඩක්. Online Payments, Bank Transfers හෝ Cash on Delivery කියන ඕන ක්‍රමයක් තමන්ගෙ කැමැත්ත පරිදි මුදල් ලබාගන්න තෝරගන්න පුළුවන්. ඔය ෆේස්බුක් පේජස් හරහා දැන් කෙරෙන විකුණුම් එහෙම අදා​ළ වෙන්නෙත් මේ ඔන්ලයින් බිස්නස් වලටම තමයි. මේක ගැනුම්කරු සහ විකුණුම්කරු කියන දෙපාර්​ශවයටම පහසු ක්‍රමයක්. ගෙදර ඉඳන්ම ශොපින් කරන්න පුළුවන් වීමත් භෞතිකව වෙළඳ භාණ්ඩ තොග තියාගන්න ඕන නැතිකම සහ ප්‍රදර්ශනාගාරයක් තියෙන්න ඕන නැතිකම කියන කාරණා නිසා.ඔබට ඕනෙම දෙයක් ගෙදරට ගෙනත් විකිණීමේ හැකියාව තිබෙනවා ඔබගේම නිර්මාණයක් උනත් ඔබට මේ අන්තර්ජාලය බාවිතා කරමින් විකුනන්න හැකියාව දැන් තිබෙනවා

 

 

2. නෙට්වර්ක් මාකර්ටින්

නෙට්වර්ක් මාර්කටින් කියන්නෙ ජාලයක් විදිහට පුද්ගලයින් බඳවා ගනිමින් ඔවුන් හරහා කරන වෙළඳාමයි. මේකට අපි හැමෝම වගේ දන්න හොඳම උදාහරණයක් තමයි ඔරිෆ්ලේම් කියන්න්. එක් ප්‍රධාන වෙළඳ නියෝජිතයෙක් යටතට ජාලයක් විදිහට තව තව නියෝජිතයින් බඳවා ගනිමින් ඔවුන්ගෙ වටපිටාවෙ සම්බන්ධතා තියෙන අයට භාණ්ඩ අලෙවි කරන එක තමයි ක්‍රමවේදය. ඔරිෆ්ලේම් හැරුනහම මේ විදිහට නෙට්වර්ක් මාර්කටින් ක්‍රමයට වැඩ කරන තවත් බ්‍රෑන්ඩ්ස් හුඟක් දැන් ලංකාවෙ තියෙනව.

 

 

3. ස්වයං රැකියා

මේක ඉතින් ඕන කෙනෙක් දන්නව නේ. ගෙදර ඉඳන් තමන්ගෙ උත්සාහයෙන් කරන රැකියාවක් තමා ස්වයන් රැකියා කියල අදහස් කරන්නෙ, මැහුම් ගෙතුම්, මල් පැල විකිණීම, ආහාර වර්ග වෙළඳාම වගේ හුඟක් දේවල් මේ යටතට ගැනෙනව. මුලින් කරන ව්‍යාපාරය මොකක්ද කියල තීරණය කරල ඒ අනුව තමා ඉදිරි කටයුතු කරන්න ඕන. ඒ කියන්නෙ මල් පැල විකිණීම වගේ දෙයක් ගෘහ පරිමාණයෙන් කරන්න පුළුවන් උණාට ගෙදර හදන කෑම වෙළඳපොලේ විකුණන්න වගේ හිතනවනම් ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි කරල තමයි කරන්න ඕන.මේකෙන් ලේසියෙන්ම කරන්න පුළුවන් ලොකු ලොකු බිස්නස් කරන අයට හැමදාම කාර්යබහුල ජිවිතයක් ගත කරන අයට එදිනෙදා කෑම වෙලාවත් හදාගන්න වෙලාවක් නැති අය පවා අද සමාජේ ඉන්නවා ඒ අයට ඔබට පුළුවන් වෙළද පොලේ නැති නිවසේ පමණක් ඇති ආහාර සදා විකුනන්න ඒ වගේ කෑම වලටත් අද සමාජේ ලොකු ඉල්ලුමක් තිබෙනවා

 

 

4. රිසර්ච්/අසයින්මන්ට් Writing

මේකෙදි වෙන්නෙ විශ්වවිද්‍යාල වල හෝ වෙනත් උසස් ​අධ්‍යාපන ආයතන වල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යා​වන්ගෙ අසයින්මන්ට් සහ රිසර්ච් රිපෝර්ට්ස් ඒ අය වෙනුවෙන් මුදල් අරගෙන ලියල දෙන එක. හරිම වැඩක් නොවුනත් අද කාලෙ කර​න රැකියා එක්ක ඇතිවෙන කාර්‍යබහුලකම වගේ කාරණා එක්ක හුඟක් දෙනෙක් මෙහෙම මුදල් ගෙවල තමයි මේ රිපෝර්ට්ස් ලියාගන්නෙ. හැබැයි මේ වැඩේ කරන්නනම් පොඩි කාරණා ටිකක් සම්පූර්ණ වෙන්න ඕන. ඒ කිව්වෙ අසයින්මට්ස් ලියන්නනම් ඒ අදා​ළ විෂය​ය ගැන දැනුමක් තියෙන්න ඕන වගේම වැඩේ භාරදෙන කෙනාට විශ්වාසයක් ඇතිවෙන්න නම් අදා​ළ වි​ෂයට ලබා ගත්ත අධ්‍යාපන සුදුසුකමක් තියෙන එකත් වැදගත්.ලංකාවේ වගේම පිට රටවල් වල සිටින අයගෙන්ද ඔබට මේ දේ අරන් කරන්න පුළුවන් හැකියාවක් අද වෙද්දී හැදීලා තිබෙනවා මේකෙන් හොද මුදලක් උපයන්නත් හැකියාවක් තියෙනවා

 

 

5. ඔන්ලයින් වර්ක්

මේකත් තව ඔන්ලයින් වැඩක්. අන්තර්ජාලයේ තියෙන වෙබ් අඩවි වලට සම්බන්ධ වෙලා එයාල දෙන වැඩ කරල ඒ සඳහා මුදලක් ලබාගන්න එක තමයි මේකෙන් අදහස් කෙරෙන්නෙ. ගොඩක් වෙලාවට කරන්න තියෙන්නෙ ඩේටා එන්ට්‍රි, එක්සෙල් වැඩ, ග්‍රැෆික් ඩිසයිනින් වගේ දේවල්. ෆිවර්, ෆොරෙක්ස් වගේ එහෙම සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන් වෙබ් අඩවි කිහිපයක්ම තියෙනව. ඉස්සර කාලෙ Baby Boomers, Generation X අයට වඩා දැන් ඉන්න Generation Y සහ Millennials කියන වර්ග වලට අයිති වෙන පරම්පරාවල අපි දිනපතා යන රැකියා වලට වඩා ගෙදර ඉඳන් ඔන්ලයින් කරන වැඩ වලට වැඩියම කැමති නිසාම තමා මේ ඔන්ලයින් වර්ක් වැඩි වැඩියෙන් ජනප්‍රිය වෙන්නෙත්.තවත් ඔබට සොයා බැලුවොත් online වැඩ කරලා ලංකාවේ සැහෙන්න සල්ලි හොයපු අදටත් හොයන තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් ඔබට ඒ අයගෙන් උනත් උදව්වක් ගන්නත් පුළුවන් ebay selling youtube වගේ තව තව දේවල් ඔබට මේ online work විදියට කරන්න පුළුවන්

 

 

6. බ්ලොග්ස්/ ආටිකල් ලිවීම සහා චයාරුප

ඔන්න සල්ලි හොයන තවත් ක්‍රමයක්. දැනට තියෙන වෙබ්සයිට් එකක් එක්ක සම්බන්ධ වෙලා ලිපි ලියලා මුදල් ලබාගන්න එක එක ක්‍රමයක්. එතනින් එහාට ගිහිල්ලා තමන්ම බ්ලොග් එකක් ආරම්භ කරලා ලිපි ලියල පල කරන්නත් පුළුවන්. මේ ක්‍රමයෙදී හැබැයි කලින් ක්‍රමයෙදී වගේ ලියන හැමදේටම මුදල් ලැබෙන්නෙ නැහැ. බ්ලොග් එක ටික කාලයකදී කියවන්නෝ අතරෙ ප්‍රසිද්ධ උණාට පස්සෙ තමයි ඒ හරහා මුදල් උපයන්න පුළුවන් වෙන්නෙ.ඒ වගේම තමයි ඔබට ඔබගේ දුරකතනයෙන් හෝ ඔබට කැමරාවක් තිබෙනවානම් තවත් කරන්න වැඩක් තිබෙනවා ඒ තමයි චායාරුව එකතු කිරීම අද වන විට අන්තර්ජාලයේ මේ චයාරුප වලටත් හොද ඉල්ලුමක් තිබෙනවා චයරුප අරන් වෙබ්සයිට් වලට upload කරන්න තමයි තියෙන්නේ අවශ්‍ය කෙනෙක් අවාම ඔබට ඔබේ ගැන ගෙවල ඔව්න් ඒවා ගන්නවා

 

 

7. යූ ටියුබ්

යූ ටියුබ් කියන්නෙත් අද කාලෙ අන්තර්ජාලය හරහා මුදල් හොයන්න පුළුවන් ප්‍රසිද්ධම ක්‍රමයක්. පහුගිය දවස්වල දේශපාලන කලබල එක්ක ඉවත් කෙරුණු, ඔට්ටු දාල අකුලගෙන යන්න උන යූ ටියුබ් චැනල් එහෙමත් මතක ඇතිනේ. පඳුරකට පයින් ගැහුවොත් දුසිමක් දෙකක් විසිවෙන තරමට අද ලංකාවෙ යූ ටියුබර්ස්ල ඉන්න බව නම් ඇත්ත තමයි. හැබැයි හරියට ක​ළෝතින් අති විශාල ආදායමක් විතරක් නෙමෙයි ඒත් එක්කම ලොකු ප්‍රසිද්ධියක් ලබන්නත් පුළුවන් ක්‍රමයක් තමයි මේක. මුලින්ම තමන්ට පහසු, කැමති වි​ෂයක් තෝරගන්න ඕන මේ චැනල් එක කරගෙන යන්න. Food, Travelling, Crafts ඕන එකක්. චැනල් එක ඕපන් කරල අදා​ළ වි​ෂයට අනුව සකස් කරපු වීඩියෝ පල කරන්නයි තියෙන්නෙ. හැබැයි මුදල් ලැබෙන්නෙ මිනිස්සු ඒව බලන්න පටන් ගත්තම. ඒ නිසා චැනල් එක ටිකක් ප්‍රමෝට් කරන්නත් ඕන. මුලදි views කිහිපයකටනම් මුදල් ලැබෙන්නෙ නෑ. නමුත් කල් යද්දි එක ලිමිට් එකකින් පස්සෙ ලැබෙන views වලට අනුව යූ ටියුබ් ආයතනයෙන් ඔයාලට ගෙවීම් කරනව.මේකත් ඔබට ඔබගේ දුරකතනයෙන් කැමරාවෙන් උනත් කරන්න පුළුවන් එකට කිසිම වියදමක් යන්නෙත් නෑ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්