Jul
19

කටවල් ඇරගෙන උඩ බලාගෙන ඉදහල්ලා වෙනසක් නොකෙරුවොත් තව අවුරුදු 500 ක් ගියත් අපිට කියන්න තියෙන්නේ අර උඩ කියලා තියෙන සටන් පාඨම තමයි

 
944 Views
   
 

අවුරුදු 73 ක් මේ රටට මොනවාද කරේ, අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන, රටේ දැන් පවතින පරිපාලන ව්‍යුහය වෙනස් වෙන්න ඕන, අපිට පිටුපස්සෙ හිටපු සිංගප්පූරුව අද කොතනද?, අපිට ඕන දැඩි තීරණ ගන්න ඕන නායකයෙක්, අපේ රටේ එවුන්ගෙ තියෙන්නෙ දූපත් මානසිකත්වයක්, මේ ඔක්කොම ඇත්ත.

ඒත් වෙනස් වෙන්න හදනකොට… අධිවේගී මාර්ගයක් හදනකොට විරුද්ධයි, නගර ප්‍රතිනිර්මාණය කරනවාට විරුද්ධයි, වරායක්, ගුවන්තොටුපළක් හදනවාට විරුද්ධයි, අලුත් නීතියක් ගේන්න හදනකොට විරුද්ධයි, අලුත් පනතක් ගේන්න හදනකොට විරුද්ධයි, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්න යනකොට විරුද්ධයි, චක්‍රලේඛයක් වෙනස් කරන්න හැදුවොත් විරුද්ධයි, වෙනසක් කරන්න හැදුවොත් විරුද්ධයි, දැඩි තීරණ ගන්න ගියොත් විරුද්ධයි, නීතිය ක්‍රියාත්මක කරොත් විරුද්ධයි, නීතිය ක්‍රියාත්මක නොකරොත් විරුද්ධයි, කටවල් ඇරගෙන උඩ බලාගෙන ඉදහල්ලා වෙනසක් නොකෙරුවොත් තව අවුරුදු 500 ක් ගියත් අපිට කියන්න තියෙන්නේ අර උඩ කියලා තියෙන සටන් පාඨම තමයි.

අපේ දරුවොත් දරුවන්ගෙ දරුවොත් තවත් පරම්පරා ගානක්ම අවලාද නගයි, ඔය සටන් පාඨම කියයි.. එච්චරයි..
මැෂිමක මේ පැත්තෙන් දර දැම්මොත් අනිත් පැත්තෙන් එන්නෙ අඟුරු තමයි. මේ පැත්තෙන් දර දාලා අනිත් පැත්තෙන් චීස් බලාපොරොත්තු වෙන්න එපා. ක්‍රමවේදය වෙනස් නොකර වෙනස් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. වෙනසට අවදානමක් ගන්නම වෙනවා. සෘණාත්මක චින්තනයක් තියෙන මිනිස්සු වෙනසට බයයි. අභියෝග ජයගන්න කැමති මිනිස්සු වෙනසට කැමතියි. ඒක තමයි වෙනස.
නිලන්ත සත්සර ගමගේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්